Tuesday, September 28, 2021

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

Must read

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට අපේක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මෙම ඉදිකිරීම් බාරව කටයුතු කරන්නේ නාවික හමුදාවයි. නාවික සෙබළුන් 70 ක් පමණ මේ වන විට අදාළ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් සදහා යොදවා තිබේ.


ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ඉල්ලීම පරිදි බස්නාහිර පළාත් සභාව මෙහි මුලික ඉදිකිරිම් සදහා රුපියල් මිලියන 10 ක් වෙන් කර තිබේ. ඉදිකිරීම් සදහා අවශ්‍ය ගල්, වැලි, සිමෙන්ති, යකඩ බට, කම්බි හා වෙනත් භාණ්ඩ දානපතින්ගෙන් ලබා ගැනීමට ද අවශ්‍ය කටයුතු යොදා ඇතැයි ඇමතිවරයා කියයි. දින 10 ක් තුළ ඇදන් 10,000 ක් මෙරට සෞඛ්‍ය පද්ධතියට ලබාදීමේ ව්‍යාපෘති යටතේ මෙම අතරමැදි රෝහලට අවශ්‍ය ඇදන් 2000 ලබා දීමට ආර්ථික පුනර්ජීවන කමිටු සභාපති බැසිල් රාජපක්ෂ මහතා එකග වී තිබේ.

මෙම අතරමැදි රෝහල් ඉදිකිරීම් කටයුතු පසුගිය සිකුරාදා (07) අමාත්‍ය නාමල් රාජපක්ෂ හා ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරු නිරීක්ෂණය කළහ. මෙහිදී ඇමති නාමල් රාජපක්ෂ ඇමතිවරයාට කීවේ ඉතා ඉක්මණින් මෙම රෝහල ඉදිකර සෞඛ්‍ය අංශ වෙත භාරදීමට අපේක්ෂා කරන බවයි. ඉදිකිරීම් භාරව සිටින නාවික හමුදාව මේ සදහා සති දෙකක පමණ කාලයක් ගතවනු ඇතැයි සදහන් කරන බවද ඔහු කීවේය. මෙහි ඉදිකිරීම් කඩිනම් කිරීම සදහා යෞවන සමාජ තරුණ තරුණියන්ගේ දායකත්වය ලබාදීමට හැකි බව කී ඇමති නාමල් රාජපක්ෂ මහතා ඊට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අනුබද්ධ සංවිධානවල ද සහාය ලබා දෙන බව කීවේය.
දින 10 ක් තුළ ඇදන් 10,000 ක් මෙරට සෞඛ්‍ය පද්ධතියට එකතු කිරීමේ වැඩපිළිවෙල යටතේ නයිවල වේයන්ගොඩ ප්‍ර දේශයේ ඇදන් සකස් කෙරෙන ආකාරය නිරීක්ෂණයට ද ඇමතිවරු දෙදෙනා සහභාගී වූහ.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ලොක්ඩවුන් ගැන ඖෂධ ඇමති කියයි…

මේ මොහොතේ රට වසා දැමීම සම්බන්ධයෙන් ගනු ලබන්නේ දේශපාලන තීන්දුවක් නොව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ ඒකාබද්ධව ගනු...