Wednesday, July 28, 2021

උද්භිද උද්‍යාන සංවර්ධනයට මේ වසරේ රුපියල් මිලියන 575ක්

Must read

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

දිවයින පුරා විසිරී සිටින මල් වගාකරුවන් සදහා මූල්‍ය හා අලෙවිකරණ පහසුකම් වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙළක් සැකසෙයි.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ සිය උපදෙස් පරිදි ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව එය ක්‍රියාත්මක කරන බවයි. මේ යටතේ මල් වගාවේ යෙදී සිටින ගොවීන් සංවිධාන ගත කිරීම , සංවිධාන ගත වූ මල් වගාකරුවන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම , උසස් තත්ත්වයේ රෝපන ද්‍රව්‍ය, වගා කටයුතු සදහා අවශ්‍ය උසස් තත්ත්වයේ ආනයනය කළ මල් පැළ හා යටිතල පහසුකම් සැපයීම, හා මල් වගා කරුවන් සදහා වෙළදපළ සම්බන්ධතා ඇතිකර දීමට අපේක්ෂා කෙරේ.

මීට අමතරව මල් වගාව පිළිබදව දැනුම හා කුසලතා වැඩිදියුණු කරමින් වගා කරුවන් සවි බල ගැන්වීම සදහා පුහුණු වැඩසටහන්ද ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතයි. මේ සම්බන්ධයෙන් මල් වගා කරුවන් සමග මේ වන විට කථිකාවක් ආරම්භ වී ඇති බවත් ඔවුන්ගේ අවශ්‍යතා හදුනා ගනිමින් ඒ අනුව වැඩ සටහන් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව පැවසූ ඇමතිවරයා සියළුම උද්භිද උද්‍යාන වල මල් හා පැළෑටි අලෙවිසැල් ස්ථාපිත කිරීමටත් ඒවා වැඩි දියුණු කිරීමටත් සැලසුම් කර ඇති බවත් සදහන් කරයි.

මේ අතර මේ වසරේ උද්භිද උද්‍යාන වල දෙස් විදෙස් සංචාරකයන්ට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය සදහා රජය රුපියල් මිලියන 575.48 ක මුදලක් වෙන් කර ඇතැයි ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි. ඒ අනුව උද්භිද උද්‍යාන වල ප්‍රවේශ ස්ථාන සංවර්ධනය, නරඹන්නන් සදහා පානීය ජල පහසුකම්, නව භෝජනාගාර, නරඹන්නන්ට උද්‍යාන නැරඹීමේ පහසුව සදහා බැටරි කාර් යෙදවීම, මෙන්ම මහ ජනතාව තුළ ශාක දැනුම වර්ධනය සදහා වන වැඩ සටහන් සදහාද මෙම ප්‍රතිපාදන වෙන් කර තිබේ.

මේ වසරේ මුල් කාර්තුව තුළ පේරාදෙනිය, හග්ගල, ගම්පහ, මිරිජ්ජවිල, අවිස්සාවේල්ල හා ගනේවත්ත උද්භිද උද්‍යාන සදහා දේශීය සංචාරකයන් 185,864 දෙනෙකු පැමිණ තිබේ. විදේශීය සංචාරකයන් 1,104 දෙනෙකු පැමිණ ඇතැයිද ඇමතිවරයා සදහන් කරයි.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ලොක්ඩවුන් ගැන ඖෂධ ඇමති කියයි…

මේ මොහොතේ රට වසා දැමීම සම්බන්ධයෙන් ගනු ලබන්නේ දේශපාලන තීන්දුවක් නොව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ ඒකාබද්ධව ගනු...