Thursday, June 24, 2021

සුවසැරියට අලුතින් ගිලන් රථ 112ක් සහ වැඩිහිටි දීමනාව වෙනුවෙන් රු.මි. 5727.36 වෙන්කිරීමට පියවර

Must read

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

කොවිඩ් මර්දනයේදී සුවිශේෂී කාර්ය භාර්යක් ඉටුකරනු ලබන 1990 සුවසැරිය ගිලන් රථ සේවයට ලංකාව පුරා ග්‍රාමීය ප්‍රදේශවල රෝගීන් ප්‍රවාහනය කිරීම පහසු කිරීම සදහා මෙන්ම සිය කටයුතු බාධාවකින් තොරව ඉටුකරගෙන යාම සදහා අලුතින් ගිලන් රථ 112ක් එක්කිරීමට සහ පොරොත්තු ලේඛනයේ සිටින වැඩිහිටියන් සදහා වැඩිහිටි මාසික දීමනාව වෙනුවෙන් රු. මිලියන 5727.36ක මුදලක් වෙන්කිරීම සදහා වූ යෝජනාව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කරන ලදි.

එම යෝජනා දෙක සදහා ජනාධිපතිතුමාගේ පූර්ණ එකගතාවය හිමිවී ඇත.

1990 සුවසැරිය ගිලන් රථ සේවය සහ වැඩිහිටි මහලේකම් කාර්යාලය පවතින්නේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය යටතේයි.

1990 සුවසැරිය ගිලන්රථ සේවයට මේවන විට දිනකට 5300කට අධික දුරකතන ඇමතුම් ප්‍රමාණයක් ලැබෙන අතර දිනකට 1000කට වඩා වැඩි රෝගීන් ප්‍රමාණයක් රෝහල්ගත කිරීමට දායකවේ. සුවසැරිය ගිලන් රථ සේවයේ කාර්ය මණ්ඩලය 1394ක් සිටින අතර ගිලන් රථ 297කින් යුක්තය.

මේ සදහා අලුතින් ගිලන් රථ 112ක් පමණ අවශ්‍යව ඇති අතර ලංකාවේ සියලුම පළාත් ආවරණය වන පරිදි සේවය සපයනු ලබයි. සුවසැරිය ගිලන් රථ සේවය ඩොලර් මිලියන 22ක ඉන්දියානු ආධාර මත ආරම්භ කළ ව්‍යාපෘතියක් වන මෙය ජනතාවට නොමිලේ සේවාව සපයනු ලබන අතර අදවන විට සම්පූර්ණයෙන්ම රජයේ මුදලින් නඩත්තු වන ආයතනයකි.

රු.2000ක් වූ වැඩිහිටි මාසික දීමනාව සදහා පොරොත්තු ලේඛනයේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 238640 දෙනෙකු වන අතර ඒ වෙනුවෙන් රු. මිලියන 5727.36 ක මුදලක් වෙන්කිරිමට යෝජිතය. සුවසැරිය සදහා අලුතින් ගිලන් රථ ලබාගැනීම සදහා වූ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත යොමු කිරීමට නියමිතය.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ලොක්ඩවුන් ගැන ඖෂධ ඇමති කියයි…

මේ මොහොතේ රට වසා දැමීම සම්බන්ධයෙන් ගනු ලබන්නේ දේශපාලන තීන්දුවක් නොව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ ඒකාබද්ධව ගනු...