Saturday, May 8, 2021

සංචාරක ආයෝජන සදහා අනුමැතිය ලබා දීම කඩිනම් කෙරේ- සංචාරක ආයෝජන කඩිනම් කිරීම සදහා නව ඒකකයක්

Must read

කොරෝනාවෙන් මැරෙනවාද.. බඩගින්නේ මැරෙනවාද.. නැතොත් දින 07ක් රට වහනවාද.. ඉක්මන් තීන්දුවක් ගන්න..

පසුගිය සතිය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් වැඩිවීමේ ප්‍රතිශතය සියයට 70%ක් වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන්...

රෝහල් ආශ්‍රිතව ඉදි කෙරෙන නව වාට්ටු සංකීර්ණ හා ගොඩනැගිලි කඩිනමින් නිම කරන ලෙසට උපදෙස්

කළුබෝවිල රෝහල ඇතුළු රෝහල් කිහිපයක ඉදිකෙරෙන නව ගොඩනැගිලි ළඟදීම ජනතා අයිතියට. රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ...

දැවැන්ත රොකට්ටුවක් පාලනයෙන් ගිලිහේ.. පොලවට කඩා වැටේ… ලංකාව අවදානම් කලාපයේ..

අප්‍රේල් 29 වනදා දියත් කළ චීනයේ Long March 5B රොකට්ටුවේ පළමු අදියර මැයි 10 වනදා නැවත පෘථිවි...

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ සෙනෙවිරත්න ශ්‍රී ලංකා ඉන්දුනීසියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිධුරයට

ශ්‍රී ලංකා ඉන්දුනීසියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පසුගියදා තේරි පත්විය.

ඒ සදහා ඊට අදාළ රාජ්‍ය ආයතන 43 ක් සමග අවබෝධතා ගිවිසුම් වලට අත්සන් කිරීමට කටයුතු යොදා ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. දැනටමත් මේ සදහා අනුමාතිය ලබාදෙන රාජ්‍ය ආයතන 10 ක් සමග අදාළ ගිවිසුම් අත්සන් කර ඇතැයි ද ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කරයි.


සංචාරක ආයෝජන කඩිනම් කිරීම සදහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ආයෝජන සබදතා ඒකකයක් ද ස්ථාපිත කර ඇත. මෙම ඒකකය ස්ථාපිත කර ඇත්තේ ආයෝජන අනුමත කරලීමේ ක්‍රියාවලියේ සංකීර්ණතාව, රේඛීය ආයතන සංඛ්‍යාව බහුල වීම සැලකිල්ලට ගනිමිනි.

ආයෝජන අනුමත කිරීමේ ක්‍රියාවලිය පහසු කිරීම හා ඉක්මණ් කිරීම මෙම ඒකකයට පැවරී තිබේ. ඒ අනුව ආයෝජන මණ්ඩලය, වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුව, ජාතික ගොඩනැගිලි සංවර්ධන
දෙපාර්තුමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවි දෙපාර්තුමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව, පුරා විද්‍යා දෙපාර්තුමේන්තුව,ගොවිජන සේවා දෙපාර්තුමේන්තුව හා වාරි මාර්ග දෙපාර්තුමේන්තුව අදාළ අවබෝධතා ගිවිසුම් අත්සන් කර තිබේ. සෙසු ආයතන සමග ද මෙම ගිවිසුම් අත්සන් කිරීමට කටයුතු යොද ඇතැයි ඇමතිවරයා සදහන් කරයි.

කොවිඩ් තත්ත්වය යටතේ වුවද පසුගිය වසර එකහමාරක කාලය තුළ ඇමෙරිකන් ඩොලර් මිලියන 879.94 ක නව සංචාරක ආයෝජන අනුමැතිය සදහා ඉදිරිපත් ව තිබේ. මෙලෙස ලැබුණු ව්‍යාපෘති සංඛ්‍යාව 54 කි. ඉන් 29 කට මේ වන විටත් අනුමැතිය දී ඇතැයි ද ඇමතිවරයා සදහන් කරයි.

එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 188.4 කි. කේබල් කාර් ව්‍යාපෘති, පාවෙන ආපනශාලා, දිය යට කලාගාර වැනි සංචාරක ආයෝජන අනුමැතිය සදහා ඉදිරිපත්ව තිබීම විශේෂත්වයකි. ඇමතිවරයා පෙන්වා දෙන්නේ ගෝළීය අවශ්‍යතාවයන්ට සරිලන පරිදි මෙරට සංචාරක ආයෝජන අවස්ථා පුළුල් වීම සංචාරක ක්ෂේත්‍ර යේ සුවිශේෂ වර්ධනයක් ලෙස සැලකිය හැකි බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය වේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මෙරට සංචාරක ක්ෂේත්‍ර යට අදාළව නව ආයෝජන අවස්ථා පුළුල් කිරීමට වැඩි අවධානයක් යොමු කර තිබේ. කොවිඩ් වංසගත තත්ත්වය හමුවේ වුවද එය ඉදිරියට ක්‍රියාත්මක කිරීම සදහා කටයුතු කරන බව ඇමතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

කොරෝනාවෙන් මැරෙනවාද.. බඩගින්නේ මැරෙනවාද.. නැතොත් දින 07ක් රට වහනවාද.. ඉක්මන් තීන්දුවක් ගන්න..

පසුගිය සතිය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් වැඩිවීමේ ප්‍රතිශතය සියයට 70%ක් වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන්...

රෝහල් ආශ්‍රිතව ඉදි කෙරෙන නව වාට්ටු සංකීර්ණ හා ගොඩනැගිලි කඩිනමින් නිම කරන ලෙසට උපදෙස්

කළුබෝවිල රෝහල ඇතුළු රෝහල් කිහිපයක ඉදිකෙරෙන නව ගොඩනැගිලි ළඟදීම ජනතා අයිතියට. රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ...

දැවැන්ත රොකට්ටුවක් පාලනයෙන් ගිලිහේ.. පොලවට කඩා වැටේ… ලංකාව අවදානම් කලාපයේ..

අප්‍රේල් 29 වනදා දියත් කළ චීනයේ Long March 5B රොකට්ටුවේ පළමු අදියර මැයි 10 වනදා නැවත පෘථිවි...

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ සෙනෙවිරත්න ශ්‍රී ලංකා ඉන්දුනීසියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිධුරයට

ශ්‍රී ලංකා ඉන්දුනීසියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පසුගියදා තේරි පත්විය.

පළාත් අතර සංචරණ සීමා පනවන්න සිදුවෙයි..- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්

මෙරට තුළ වසංගත තත්ත්වය තවදුරටත් ඉහළ ගියහොත් ඉදිරියේදී පළාත් අතර සංචරණ සීමා පැනවීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය සේවා...