Thursday, May 13, 2021

බන්ධනාගාර නිලධාරීන් සඳහා ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව එන්නත්කරණ වැඩසටහන කඩිනමින් ලබාදීමට පියවර

Must read

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

කොවිඩ් ප්‍රතිශක්තීකරණ වර්ධන වැඩසටහන යටතේ බන්ධනාගාර නිලධාරීන් සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව (29) දින සිට ලබාදීමට කටයුතු සැලසුම්කර තිබුණ ද, එම එන්නත්කරණ වැඩසටහන (29) දින ක්‍රියාත්මක නොවන බවත් ඉදිරියේදී ඒ පිළිබඳ දැනුවත් කිරීමක් සිදු කරන බවත් බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.

පළමු මාත්‍රාව ලබාගත් බන්ධනාගාර නිලධාරීන් 5153 දෙනෙකු සඳහා මෙවර එම එන්නතෙහි දෙවන මාත්‍රාව ලබාදීමට නියමිත අතර බන්ධනාගාරයන් තුළ කොවිඩ් අවදානම තවදුරටත් පවතින බැවින් මෙම එන්නතෙහි දෙවන මාත්‍රාව එම රාජකාරීන් වල නිරතවන නිලධාරීන් හට කඩිනමින් ලබාදීමට තීරණය කර ඇත.

මෙම එන්නත්කරණ වැඩසටහන කොළඹ බන්ධනාගාර පරීශ්‍රයේදී ක්‍රියාත්මක කිරීමට කටයුතු සංවිධානය කර තිබූ අතර එය බන්ධනාගාර මූලස්ථාන, වැලිකඩ බන්ධනාගාරය, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, මැගසින් බන්ධනාගාරය ඇතුළුව කළුතර, කුරුවිට, මීගමුව, පල්ලන්සේන, වටරැක හා අඹේපුස්ස යන බන්ධනාගාර වල රාජකාරියෙහි නිරත නිලධාරීන් හට ලබා දීමට නියමිතව තිබුණි.

චන්දන ඒකනායක මහතා තවදුරටත් පැවසූවේ මෙම එන්නත්කරණ වැඩසටහන යටතේ මැයි මස 03 හා 04 යන දෙදින තුළ පැරණි බෝගම්බර හා දුම්බර බන්ධනාගාරයේත්, පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරේත් රාජකාරී කටයුතු සිදු කරන නිලධාරීන්ටත්, මැයි මස 07 සහ 08 යන දෙදින තුළ අඟුණුකොළපැලැස්ස, ගාල්ල, මාතර හා වීරවිල බන්ධනාගාර වල සේවයෙහි නියුතු නිලධාරීන්ටත් ලබා දීමට සැලසුම් කර තිබුණද ඒ පිළිබඳව ද ඉදිරියේදී දැනුම් දෙන බවයි.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ලොක්ඩවුන් ගැන ඖෂධ ඇමති කියයි…

මේ මොහොතේ රට වසා දැමීම සම්බන්ධයෙන් ගනු ලබන්නේ දේශපාලන තීන්දුවක් නොව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ ඒකාබද්ධව ගනු...