Tuesday, June 22, 2021

කොවිඩ් තත්ත්වයට මුවාවී ඇතැම් පුද්ගලයින් සිදු කරන දැව ජාවාරම හා අනවසර වැලි ජාවාරම වැනි නීති විරෝධි කටයුතු පිළිබඳ පොලීසිය නිරන්තර අවධානයෙන්-පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Must read

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

පසුගිය සති දෙකක කාලය තුළ නීති විරෝධී මැණික් ගැරීම්,වනාන්තර එළි කිරීම හා වන සතුන් දඩයම් කිරීම සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකාය මගින් සිදු කළ විශාල ප්‍රමාණයේ මෙහෙයුම් 16කට ආසන්න සංඛ්‍යාවක් මගින් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවත්, මීට අමතරව ප්‍රාදේශීය පොලිස් ස්ථාන මගින් සිදු කළ සුළු ප්‍රමාණයේ පාරිසරික අපරාධ 400කට අධික ප්‍රමාණයක් වැටලීම් කළ බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක,නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (29 දින) පැවති තිරසාර සංවර්ධනය සම්බන්ධයෙන් වන විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන ජීවී දෙපාර්තමේන්තුව, වැනි ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කර අධීකරණ ක්‍රියා මාර්ග ගන්නා බවයි. පවතින කොවිඩ් තත්වයට මුවාවී දැව ජාවාරම හා අනවසර වැලි ජාවාරම වැනි නීති විරෝධි කටයුතු ඇතැම් පුද්ගලයන් කටයුතු කළ නමුත් පොලිස් දෙපාර්තමේන්තුව නිරන්තර ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කළ බවත්, පවත්නා කොවිඩ් තත්වය යටතේ නිලධාරීන් වැඩි පිරිසක් කොවිඩ් කටයුතුවලට සහභාගී වී තිබුනද නීති විරෝධී කටයුතු සම්බන්ධයෙන් පොලිසිය දක්වන අවධානය පෙර පරිදිම පවත්වාගෙන යන බවත්, නීතිඥ අජිත් රෝහණ මහතා තවදුරටත් පැවසීය.

1997 යන අංකය යටතේ දුරකතන අංකයක් පරිසර අපරාධ හා පුරාවස්තු විනාශ කිරීම වාර්තා කිරීම සඳහා නිරන්තරයෙන් ක්‍රියාත්මක බවත්, ලබා දෙන තොරතුරුවල රහස්‍යභාවය පිළිබඳ පොලිස් දෙපාර්තමේන්තුව
සහතික වන බවත්, නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

වැලි කැනීම වැනි කටයුතු සිදු කරන පිරිස් ඒ සම්බන්ධයෙන් නිසි බලපත්‍ ලබාගතයුතු බවත් ඊට පටහැනිව කටයුතු කරන්නේ නම් එම කටයුතු සිදුකරන පිරිස් මෙන්ම ඔවුන් යොදාගන්න උපකරණ ආම්පන්නද අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ලොක්ඩවුන් ගැන ඖෂධ ඇමති කියයි…

මේ මොහොතේ රට වසා දැමීම සම්බන්ධයෙන් ගනු ලබන්නේ දේශපාලන තීන්දුවක් නොව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ ඒකාබද්ධව ගනු...