Thursday, May 13, 2021

ලැබීමට ඇති හිඟ බදු මුදල් සම්බන්ධයෙන් වාර්තාකරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දන්වයි

Must read

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ලැබීමට ඇති හිඟ බදු මුදල් සම්බන්ධයෙන් මාස 02 ත් 05 ත් අතර වාර්තාකරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දන්වයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කිසිඳු ගැටලුවක් නොමැතිව අය කළ හැකි හිඟ බදු මුදල් ප්‍රමාණය සහ, අය කර ගත හැකි නමුත් ගැටලු පවතින හිඟ බදු මුදල් ප්‍රමාණය පිළිබඳව වාර්තාවක් මාස02 ත් 05 ත් ඇතුළත ලබා දෙන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සතු, Legacy පද්ධතියට අදාළව කිසිදු ගැටලුවක් නොමැතිව අයකළ හැකි බදු මුදල් ප්‍රමාණය මෙන්ම, අය කර ගත හැකි නමුත් ගැටලු පවතින ආයතන පිළිබඳව
මාස 02 ක් ඇතුළත වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙස මෙම කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරීය මහත්මිය එම දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නාය.

එමෙන්ම RAMIS පද්ධතියට අදාළවද කිසිදු ගැටලුවක් නොමැතිව අයකළ හැකි බදු මුදල් ප්‍රමාණය මෙන්ම, අය කර ගත හැකි නමුත් ගැටලු පවතින ආයතන පිළිබඳව මාස 05 ක් ඇතුළත වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙස ද ඇය එම දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් දැනුම් දුන්නාය.

Legacy පද්ධතියට අනුව 2021.03.30 ට හඳුනා ගත් ආයතනවලට අදාළ හිඟ බදු ලෙස රුපියල් බිලියන 18 ක් හඳුනා ගෙන තිබුණු අතර, එය 2020 ජූනි 30 දිනට අයකළ හැකි මුළු හිඟ ආදායම වූ රුපියල් බිලියන 107 හා සැසඳීමේ දී සියයට 17 ක ප්‍රතිශයක් බවද කාරක සභාවේදී අනාවරණය විය.

RAMIS පද්ධතියට අනුව 2021.03.30 ට හඳුනා ගත් ආයතනවලට අදාළ හිඟ බදු ලෙස රුපියල් බිලියන 87 ක් හඳුනා ගෙන තිබුණු අතර, එය 2020 ජූනි 30 දිනට අයකළ හැකි මුළු හිඟ ආදායම වූ රුපියල් බිලියන 183 හා සැසඳීමේ දී සියයට 47.5 ක ප්‍රතිශයක් බවද කාරක සභාවේදී හෙළි විය.

Legacy පද්ධතියට අදාළව අය කර ගත යුතු සියලු හිඟ මුදල් කඩිනමින් අය කර ගෙන එම පද්ධතියේ කටයුතු අවසන් කිරීමට ක්‍රියා කළ යුතු බවද කාරක සභාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැන්වීය.

හිඟ බදු අයකර ගැනීමට අදාළව අධිකරණවල පවතින නඩු කටයුතු කඩිනමින් විභාග කර අවසන් කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය සමඟ එක්ව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මීට
පෙර කාරක සභාව දන්වා තිබූ අතර, එහි ප්‍රගතිය ද මෙහිදී සමාලෝචනය කෙරිණි.

එහිදී අධිකරණ අමාත්‍යාංශය කාරක සභාවට දැන්වූයේ විෂය ගත කරුණ පිළිබඳව අධිකරණ සේවා කොමිෂන් සභාව සමඟ සාකච්ජා කර ඇති බවත්, හිඟ බදු අයකර ගැනීමට අදාළව
අධිකරණවල පවතින නඩු කඩිනමින් විභාග කිරීමට නිසි යාන්ත්‍රණයක් සැකසෙන බවත් ය.

බඳු ගෙවන්නන්ගෙන් අය විය යුතු හිඟ බඳු හා දඩ මුදල් පිළිබඳ විශේෂ විගණන වාර්තාව සම්බන්ධයෙන් 2021 ජනවාරි 06 වැනි දින හා 2021 මාර්තු 10 දින පැවැති සාකච්ජාවන් හි ලබා දුන්
නියෝග ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීමට පැවැති මෙම කාරක සභා රැස්වීමට රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ , පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන තිස්ස අත්තනායක , නිරෝෂන් පෙරේරා, වෛද්‍ය උපුල් ගලප්පත්ති, බී.වයි.ජී රත්නසේකර යන මහත්ම මහත්මීන් සහභාගි විය.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ලොක්ඩවුන් ගැන ඖෂධ ඇමති කියයි…

මේ මොහොතේ රට වසා දැමීම සම්බන්ධයෙන් ගනු ලබන්නේ දේශපාලන තීන්දුවක් නොව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ ඒකාබද්ධව ගනු...