Saturday, May 8, 2021

නව සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීම පිළිබද සෞඛ්‍ය අමාත්‍යවරිය සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා අතර සාකච්ඡාවක්.

Must read

කොරෝනාවෙන් මැරෙනවාද.. බඩගින්නේ මැරෙනවාද.. නැතොත් දින 07ක් රට වහනවාද.. ඉක්මන් තීන්දුවක් ගන්න..

පසුගිය සතිය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් වැඩිවීමේ ප්‍රතිශතය සියයට 70%ක් වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන්...

රෝහල් ආශ්‍රිතව ඉදි කෙරෙන නව වාට්ටු සංකීර්ණ හා ගොඩනැගිලි කඩිනමින් නිම කරන ලෙසට උපදෙස්

කළුබෝවිල රෝහල ඇතුළු රෝහල් කිහිපයක ඉදිකෙරෙන නව ගොඩනැගිලි ළඟදීම ජනතා අයිතියට. රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ...

දැවැන්ත රොකට්ටුවක් පාලනයෙන් ගිලිහේ.. පොලවට කඩා වැටේ… ලංකාව අවදානම් කලාපයේ..

අප්‍රේල් 29 වනදා දියත් කළ චීනයේ Long March 5B රොකට්ටුවේ පළමු අදියර මැයි 10 වනදා නැවත පෘථිවි...

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ සෙනෙවිරත්න ශ්‍රී ලංකා ඉන්දුනීසියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිධුරයට

ශ්‍රී ලංකා ඉන්දුනීසියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පසුගියදා තේරි පත්විය.

 අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ඉන්දීය අග්‍රාමාත්‍යතුමා අතර පසුගියදා පැවැති ද්විපාර්ශ්විීය සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සංවර්ධන කටයුතු ඉහළ නැංවීමට අදාළව නව ව්‍යාපෘති යෝජනා කිහිපයක් ක්‍රීයාත්මක කිරිම පිළිබද සාකච්ඡා වූ අතර, ඒ සදහා ඉන්දියානු රජයේ සහයෝගය ලබාදීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එකඟතාව පළ කර ඇත

ඒ අනුව එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබදව දිර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අතර හමුවක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ දී පැවැත්විනි.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සංවර්ධන කටයුතු ඉහළ නැංවීමට අදාල එම නව ව්‍යාපෘති යෝජනා අතර රත්නපුර ශික්ෂණ රෝහලේ හෘද රෝග ඒකකය පිහිටුවීම, යාපනය ශික්ෂණ රෝහලේ මාතෘ වාට්ටු සංකීර්ණය ඉදිකිරිම, තංගල්ල මුලික රෝහලේ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය සහ ශල්‍ය වාට්ටු සංකීර්ණය ඉදිකිරිම, දෙහිඅත්ත කණ්ඩිය මූලික රෝහලේ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම වේ.

මෙම හමුවේදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ මෙරට සෞඛ්‍ය ප්‍රවර්ධනයට ඉන්දීය අග්‍රාමාත්‍යතුමා එකඟතාවය පළ කිරිම පිළිබද රජය වෙනුවෙන් සිය කෘතඥතාවය පළ කර සිටින බවයි. එමෙන්ම කඩිනමින් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ඇති වැදගත්කම පිළිබදව ද සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාට කරුණු පෙන්වා දෙන ලදි.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

කොරෝනාවෙන් මැරෙනවාද.. බඩගින්නේ මැරෙනවාද.. නැතොත් දින 07ක් රට වහනවාද.. ඉක්මන් තීන්දුවක් ගන්න..

පසුගිය සතිය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් වැඩිවීමේ ප්‍රතිශතය සියයට 70%ක් වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන්...

රෝහල් ආශ්‍රිතව ඉදි කෙරෙන නව වාට්ටු සංකීර්ණ හා ගොඩනැගිලි කඩිනමින් නිම කරන ලෙසට උපදෙස්

කළුබෝවිල රෝහල ඇතුළු රෝහල් කිහිපයක ඉදිකෙරෙන නව ගොඩනැගිලි ළඟදීම ජනතා අයිතියට. රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ...

දැවැන්ත රොකට්ටුවක් පාලනයෙන් ගිලිහේ.. පොලවට කඩා වැටේ… ලංකාව අවදානම් කලාපයේ..

අප්‍රේල් 29 වනදා දියත් කළ චීනයේ Long March 5B රොකට්ටුවේ පළමු අදියර මැයි 10 වනදා නැවත පෘථිවි...

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ සෙනෙවිරත්න ශ්‍රී ලංකා ඉන්දුනීසියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිධුරයට

ශ්‍රී ලංකා ඉන්දුනීසියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පසුගියදා තේරි පත්විය.

පළාත් අතර සංචරණ සීමා පනවන්න සිදුවෙයි..- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්

මෙරට තුළ වසංගත තත්ත්වය තවදුරටත් ඉහළ ගියහොත් ඉදිරියේදී පළාත් අතර සංචරණ සීමා පැනවීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය සේවා...