Thursday, May 13, 2021

පරිසරය රකින්න කරන වැඩවලට දේවානි බාධා කරනවා.. පවුල් 5000ක්ද අනතුරේ…

Must read

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

මීගමුව කලපු සංවර්ධන ව්‍යාපෘතිය වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ නතර කරලීම හේතුවෙන් මීගමුව කලපුව පාරිසරික ගැටලුවලට ලක්වී ඇති අතර මේ හේතුවෙන් ප්‍රදේශයේ ධීවර ප්‍රජාව ද ගැටලු රාශීයකට මුහුණ පා ඇති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා අවධාරණය කරයි.

මීගමුව කලපුවට පොලිතින්, ප්ලාස්ටික්, අබිලි ද්‍රව්‍ය හා රොන් මඩ එකතුවීම නිසා එහි ජෛව විවිධත්වයට හා පාරිසරික සුන්දරත්වයට දැඩි ලෙස හානිවෙමින් පවතී. මෙම ගැටලුවට විසදුමක් ලෙස පාරිසරික සමතුලිතතාවය ආරක්ෂා කිරීම සඳහා කලපුව පිරිසිදු කිරීමට කිහිප වතාවක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර ඉල්ලා සිටියද මෙතෙක් ඒ සඳහා අවසරය හිමි නොවීම හේතුකොටගෙන කලපුව ආශ්‍රිතව පාරිසරික ගැටලු රැසක් අද වන විට නිර්මාණය වී ඇත.

ශ්‍රී ලංකාව ඉහළ ජෛව විවිධත්වයකට උරුමකම් කියන රටකි. එවන් වැදගත් වූ පරිසර පද්ධතියක් අද විනාශ වෙමින් පවතී. ජෛව විවිධත්වය පරිසර පද්ධතිය සමතුලිත කරනු ලබයි. වෙරළබඩ, කලපු හා සාගරික පරිසර පද්ධති ජෛව විද්‍යාත්මකව ඉතා වැදගත් වූවකි. පිරිසිදු වාතය හා ජලය සැපයීම සඳහා ප්‍රයෝජනවත් වේ. කලපුව අපරිසිදුව පොලිතීන් හා දිරා පත් නොවන ද්‍රව්‍ය තැන්පත් වීම නිසා ශාක හා සතුන්ට වැඩීමට අවශ්‍ය පරිසරයට හානි පමුණුවයි.

මෙවැනි පරිසර පද්ධතියක් මත්ස්‍ය හා මුහුදු ජීවී විශේෂවල අභිජනන මධ්‍යස්‌ථානයක් ලෙස කටයුතු කරයි. කලපුව පිරිසිදු කිරීම මගින් කඩොලාන වැනි ජීවීන්ට වඩාත් හිතකර ශාකවලට වැඩීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරයි. මෙමගින් ස්වාභාවිකවම ගොඩබිමට ආරක්ෂාව, ඛාදනයට ඇති අවස්ථා අවම කිරීම සිදු වේ. අපිරිසිදු කලපු ආශ්‍රිතව ජීවීන්ට හා හිතකර ශාක වැඩීම බැහැර කරයි. මෙය ජෛව විවිධත්වයට බරපතළ ලෙස හානිකරයි. ජලජ ජිවීන් පමණක් නොව කලපු හා කඩොලාන පරිසරය ආශ්‍රිතව ජීවත් වන පක්ෂීන් ඇතුළු අනෙකුත් ජීවීන්ට තර්ජනයක් මෙන්ම වඳ වී යාමේ අනතුරකටද මුහුණපායි. මෙවැනි වටිනාකමක් ඇති පරිසර සාධකවලින් අනූන වූ මීගමුව කලපුව පිරිසිදු කිරීමට නිලධාරීන් විසින් නිර්දේශ ලබා නොදීම බරපතල ගැටලුවකි. පරිසරය ආරක්ෂා කර ගැනීමට ලංකාව පුරා මතයක් ගොඩනැගෙමින් පවතින මෙවන් අවස්ථාවක මෙම කලපු පරිසරය පිරිසිදු කර කලපුවේ සුන්දරත්වය රැක ගැනීමට දරණ උත්සහයට බාධා කිරීම කුමන න්‍යාය පත්‍රයක් මත සිදු වන්නේද යන්න ප්‍රශ්න සහගතය.

වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ මෙම පාරිසරික ගැටලුව උඩුදුවා තිබෙන්නේ ඇතැම් නිලධාරීන්ගේ කඹ ඇදීමේ ප්‍රතිඑලයකනි. මේ හේතුවෙන් ඇතිවී තිබෙන පාරසරික ගැටලුවට හා ධීවර ප්‍රජාව මුහුණ දෙන ජීවනෝපාය ගැටලුවලට විසදුම් ලබාදීම දිනෙන් දින ප්‍රමාද වී ඇත.

යහපාලන රජය සමයේ ක්‍රියාත්මක කරන ලද කලපු සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉවත් කරන ලද පස් අදාළ කලපුවේ වෙනත් ප්‍රදේශයකට බැහැර කිරීම නිසා උද්ගතවූ ගැටලුව අධිකරණ ක්‍රියාවලියකින් අනතුරුව, ධීවර අමාත්‍යාංශය අදාළ පස් ඉවත් කිරීමට එකඟතාවය පළ කිරීම නිසා අධිකරණ ක්‍රියාවලිය සමථයකට පත් වී තිබේ. එය එක් ක්‍රියාවලියකි. කලපුව පිරිසිදු කිරීම තවත් ක්‍රියාවලියකි. මෙය නිසි ලෙස වටහා නොගන්නා නිලධාරීන් නිසා වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ මෙම පරිසරය විනාශ වන අතර ප්‍රාදේශීය හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවලදී වගකිවයුතු ඇතැම් නිලධාරීන් සාධාරණ ලෙස තීන්දූ තීරණ ලබා නොදීම නිසා ප්‍රදේශයේ ධීවර ප්‍රජාව දැඩි අපහසුතාවයකට පත්ව ඇත.

සංවේදී පරිසරය ආරක්ෂා කර ගැනීම හා ධීවර ප්‍රජාවගේ ගැටලු විසදීමේ වගකීම රජයක් වශයෙන් අපට පැවරී ඇත. එමනිසා අධිකරණ ක්‍රියාවලියේදී එකඟතවයට පත් වූ කාර්යය එලෙස ක්‍රියාත්මක වීමට ඉඩ හැර අධිකරණයෙන් කිසිදු බාධාවක් නොවන කලපුව පිරිසිදු කිරීම යන කාර්යයට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිර්දේශය දිස්ත්‍රික් අඩිව වන නිලධාරිණීය විසින් ලබා නොදීම ගැටලු සහගත කරුණකි.

පරිසරය ආරක්ෂා කිරීම හුදු වාග් මාලාවකින් පමණක් සිදු කළ නොහැකි අතර එය ප්‍රායෝගිකව සිදු කළ යුතු දෙයකි. වසර දෙකකට ආසන්න කාලයක් මෙලෙස කලපුවේ පාරසරික බවට හානි වීමට ඉඩ හැරීම බරපතල තත්ත්වයකි. මෙවැනි සංවේදී පරිසර කරුණකට සහායෝගය ලබාදීම වෙනුවට විවිධ කාරණා ඉස්මතුකොට ප්‍රමාද කිරීම කණගාටුවට කරුණකි.

මෙම කලපුව ආශ්‍රිතව ධීවර කටයුතු කරනු ලබන පවුල් 5,000 කට ආසන්න පිරිසකගේ ජීවනෝපාය ක්‍රමයට ගැටලු මතුවී තිබේ. මෙම කාරණය සුළුපටු කරුණක් නොවේ. මේ හරහා යැපෙන 20,000 කට ආසන්න පිරිසක් මේ හේතුවෙන් විවිධ සමාජ විරෝධී කාරණා මගින් සිය කුසගින්න නිවාගැනීමේ අයිතිවාසිකම සපුරා ගැනීමට උත්සහ කළහොත් එය විශාල සමාජ ගැටලුවක්ද වනු ඇත. පාරම්පරිකව ධීවර රැකියාවේ නියුතු වන මොවුන් වෙනත් රැකියාවලට යොමු කිරීමද ගැටලු සහගත තත්ත්වයකි.

ධීවර ප්‍රජාවට මෙම කලපුව පිරිසිදු කිරීම වඩාත් වැදගත් වනුයේ එමගින් ඉස්සන් අස්වැන්න ඉහළයාම, කකුළුවන් අස්වැන්න ඉහළ යාම ඇතුළු මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ යාමෙන් ඔවුනගේ ජීවනෝපාය ද ඉහළ නැංවීමට හැකි වීමයි.

ගැටලුව තමාගේ නොවන තුරු පිළිතුර දාර්ශනික වන්නා සේම ධීවර ජනතාවගේ ගැටලුවට විවිධ පාර්ශව විසින් සිදු කරන කඹ ඇදීම හේතුවෙන් විසදුම් ලැබීම මෙතෙක් ප්‍රමාද වී ඇත.

අපවිත්‍ර වීමෙන් හානි වී ඇති සංවේදී ජෛව විවිධත්වයෙන් අනූන පාරිසරික පද්ධතියක් පිරිසිදු කිරීමට කරන ඉල්ලීම හා ඒ හරහා ධීවර පවුල් 5,000 කගේ රැකියා සුරක්ෂිත කිරීමට කරන ඉල්ලීම ඉතාමත් සාධාරණ ක්‍රියාවලියකි.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ලොක්ඩවුන් ගැන ඖෂධ ඇමති කියයි…

මේ මොහොතේ රට වසා දැමීම සම්බන්ධයෙන් ගනු ලබන්නේ දේශපාලන තීන්දුවක් නොව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ ඒකාබද්ධව ගනු...