Thursday, May 13, 2021

විශේෂ කාර්යය බලකා සෙබළුන් විසින් පරිසර විනාශය සිදු කරන පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමට පියවර- මහජන ආරක්ෂක අමාත්‍ය

Must read

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

වන විනාශයන් සිදු කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට  වෙනම මණ්ඩලයක්, කොමිටුවක් හා විශේෂ බලකා හමුදා කණ්ඩායමක්ද පිහිටුවා ඇති අතර නාවික හා ගුවන් හමුදාවේ ආධාරයෙන් හා උපකාරයෙන් ද නිරීක්ෂණය කිරීමට කටයුතු යොදා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල්(විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ, වාරි සෞභාග්‍යා වැඩසටහනට සමගාමීව කොලොන්නාව ආසනයේ පැවැති නිළ උත්සවයේදී මාධ්‍යවේදියෙකු පරිසර විනාශය සම්බන්ධයෙන් නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

පෙර සිටම පරිසරය විනාශ කරන ලද පිරිස් විසින් වර්තමානයේදී පෞද්ගලික ඉඩම් වල ගස් කැපීමත් මහා පරිසර විනාශයක් සේ පෙන්වන බවත් විදේශීය රටවල් වල සිදු කරන වන විනාශයන්ද ලංකාව තුළ සිදු කරන වන විනාශයන් සේ පවසා තිබෙන බවත් අමාත්‍යවරයා පැවසීය.

ජනාධිපතිතුමා තරම් පරිසරයට ආදරය කරන කෙනෙක් තවත් නැති බවත් ආරක්ෂක ලේකම් ලෙස සිටින කාල සීමාව තුළත් ගස් වැවීමට කටයුතු කළ අතර වැව් හා අමුණු සෑදීමට කටයුතු කළ බවත් පරිසරය අලංකාර කිරීමට මෙන්ම පිරිසිදු කිරීමටත් කටයුතු සිදු කළ බව සඳහන් කළ අමාත්‍යවරයා තව දුරටත් පෙන්වා දුන්නේ, පරිසරය ආරක්ෂා කර ගත යුතු අතරම එමඟින් අප රැකෙන බව සිහිතබා ගනිමින් කටයුතු කළ යුතු අතර පරිසරය විනාශ කරන්නේ නම් එය රටට ද්‍රෝහි වීමක් බවත්ය.

ගුවනේ සිට හෙලිකොප්ටර් මගින් නිරීක්ෂණය කර විශේෂ කාර්යය බලකා සෙබළුන් විසින් ඉතා කඩිනමින් මෙවැනි පුද්ගලයින් අත් අඩංගුවට ගැනීම් සිදු කරන අතර මෙම පරිසර විනාශය සිදු කරන පුද්ගලයින් හා ඊට හවුල් වන සියලු දෙනා අත් අඩංගුවට ගෙන දැඩි දඬුවම් ලබා දීමට ජනාධිපතිතුමා විසින් උපදෙස් ලබා දී ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ලොක්ඩවුන් ගැන ඖෂධ ඇමති කියයි…

මේ මොහොතේ රට වසා දැමීම සම්බන්ධයෙන් ගනු ලබන්නේ දේශපාලන තීන්දුවක් නොව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ ඒකාබද්ධව ගනු...