Sunday, April 18, 2021

සිංහරාජ ජලාශ එපා.. යුනෙස්කෝව දන්වයි… ව්‍යාපෘතිය නවතයි…

Must read

ජාතීන් අතර අවබෝධය ඇති කරලීමට ඇති හොඳම විසඳුම ඵලදායි සන්නිවේදනයට අවස්ථාව ලබාදීමයි- අධ්‍යාපන අමාත්‍ය

ජාතීන් හෝ ආගම් අනුව අපේ තරුණ පරපුරට බරපතළ වෙනස්කම් නොමැති බවත්, ඔවුන්ගේ මූලික අරමුණු එක හා සමාන...

රත් කලාට වැඩක් නෑ… ආහාරවල ඇෆ්ලටොක්සින් ඉවත් කරන විදිහ මෙන්න..

ආහාර සහ පාන වර්ගවල ඇති ඇෆ්ලටොක්සින් පිළිකාකාරක රත් කිරීමෙන් ඉවත් කළ නොහැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය...

රත්මලාන ගුවන්තොටුපල විනෝදාස්වාදය කේන්ද්‍රකරගත් ගුවන් මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනයට සැලසුම් – සංචාරක ඇමති

රත්මලාන ගුවන්තොටුපොළ විනෝදාස්වාද ගුවන් ගමන් (Leisure Flying) මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. දේශීය ගුවන් කේන්ද්‍රස්ථානයක්...

ආණ්ඩුවේ ඉන්නවා නම් ආණ්ඩුව විවේචනය නොකරනු.. කට වහගනු..- ශ‍්‍රීලනිපයට දන්වයි…

ආණ්ඩුවේ සිටින්නේ නම් ආණ්ඩුව විවේචනය නොකර සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා දැනගත යුතු බව අමාත්‍ය රෝහිත...

ලෝක උරුම සිංහරාජය ආශ්‍රිත ලංකාගම මාදුගැටේ ඉදිකිරීමට සැලසුම් කළ ජලාශ ව්‍යාපෘතිය නවතා දැමීමට වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ එකඟ වූ බව යුනෙස්කෝ ශ්‍රී ලංකා නියෝජිත ආයතනය පවසයි.

ඇමතිවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව එවැනි එකඟතාවකට පැමිණි බව ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ මහ ලේකම් ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

“අපි යුනෙස්කෝ ආයතනය, ගරු චමල් රාජපක්ෂ ඇමතිතුමා එක්ක සාකච්ඡාවක් කර පැහැදිලි කළා, ඒක කරන එක සුදුසු නැහැ කියලා. ඇමතිතුමා ඒක පිළිගත්තා. ඒ අනුව සිංහරාජයේ කිසිම ජලාශයක් හදන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි සිංහරාජ ලෝක උරුමයට කිසිම අනතුරක් වෙන්න ඉඩ තියන්නෙත් නැහැ. රජයත් එහෙමයි, ඇමැතිතුමාත් ඒ දේ පිළිගත්තා. අපිත් ඒ පිළිබඳ විමර්ශනයෙන් ඉන්නේ,” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එවැනි එකඟතාවකට පැමිණියේ නම් ඒ බව ලිඛිතව ප්‍රකාශයට පත් කරන ලෙස පරිසර සංවිධාන, ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත ඇතුළු යුනෙස්කෝ ශ්‍රී ලංකා නියෝජිත ආයතනයෙන් ඉල්ලා සිටී.

ලෝක උරුම සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව දියත් කිරීමට නියමිත ජලාශ ව්‍යාපෘති නවතා දමන්නැයි ශ්‍රී ලංකා රජයට බල කරන ලෙස ශ්‍රී ලංකාවේ පරිසරවේදීන් සහ පරිසර සංවිධාන ගණනාවක් පැරිසියේ පිහිටි යුනෙස්කෝ මූලස්ථානයට ඉල්ලීම් ඉදිරිපත් කර තිබිණි.

පරිසර සහ සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය ද එසේ යුනෙස්කෝ සංවිධානය වෙත කරුණු වාර්තා කළ එක් පරිසර සංවිධානයකි.

අදාළ ජලාශ ව්‍යාපෘතිය නවතා දැමීමට යුනෙස්කෝ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ආයතනය මැදිහත් වී ඇත්නම් එය සතුටට කරුණක් වන බව සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

එසේ වුවත් යුනෙස්කෝ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ආයතනය අතීතයේ කටයුතු කර ඇති ආකාරය දෙස බැලීමේදී එම ආයතනය ලබා දෙන සහතිකයන්හි වලංගුභාවය පිළිබඳ ගැටලු මතුවන බව ඔහු පෙන්වා දෙයි.

“මහ ඈතකට යන්නේ නැතුව 2020 අවුරුද්දේ, ලංකාගම මාර්ගය හදන විටත් යුනෙස්කෝ ලංකාවේ කාර්යාලය එවැනි ප්‍රකාශ සිදු කළා. නමුත් මේ ජලාශ ව්‍යාපෘති නවතා දැමීමට එකඟ වී ඇත්නම් එය ඉතාමත් හොඳ දෙයක්,”

හුදු “දේශපාලන ප්‍රකාශයකට” සීමා නොවී, සැබවින්ම එවැනි එකඟතාවකට පැමිණ ඇත්නම් ඒ බව ලිඛිතව ප්‍රකාශයට පත් කරන ලෙස සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය, යුනෙස්කෝ ශ්‍රී ලංකා නියෝජිත ආයතනයෙන් ඉල්ලා සිටී.

“වන සත්ත්ව සහ වෘක්ෂලතා අඥා පනතට අනුව රක්ෂිතයක, අභය භූමියක කිලෝමීටරයක් යන තුරු කිසිම ඉදිකිරීමක් කරන්න හැකියාවක් නැහැ. ඒ නීතිය පදනම් කරගෙන යුනෙස්කෝ ශ්‍රී ලංකා කාර්යාලයට පුළුවන් ලෝක උරුම රක්ෂිතයේ මායිමට හෝ අභ්‍යන්තරයට යම් හානියක් වෙන්නේ නම්, එවැනි ව්‍යාපෘතියක් සිදු නොවන බව ඉංග්‍රීසි භාෂාවෙන් සහ සිංහල භාෂාවෙන් ලිඛිතව ප්‍රකාශයට පත් කරන්න,”

“ඒ ලියුම අරගෙන, ලංකාවේ යුනෙස්කෝ කාර්යාලයේ එකඟතාව මෙය බව පැරිසියේ යුනෙස්කෝ මූලස්ථානයට දැනුම් දී, සිංහරාජ ලෝක උරුමය ආරක්ෂා කිරීමේ කාර්යයට එකතු වෙන්න, එවිට අපි සියලු දෙනාටම හැකි වෙනවා,” යනුවෙන් ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් වැඩිදුරටත් සඳහන් කළේය.

යුනෙස්කෝ ශ්‍රී ලංකා නියෝජිත ආයතනය දේශපාලන බලපෑම්වලට ලක්ව ක්‍රියා කරන බවට පසුගිය කාලය පුරා පරිසරවේදීන් සහ පරිසර සංවිධාන වෙතින් චෝදනා එල්ල විය. ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ මහ ලේකම් ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.

මාදුගැටේ ජලාශ ව්‍යාපෘතිය හේතුවෙන් සිංහරාජ රක්ෂිතයේ හෙක්ටයාර 5 ක පමණ භූමි ප්‍රමාණයකට බලපෑම් එල්ල වන බව යුනෙස්කෝ ශ්‍රී ලංකා ආයතනය පවසයි.

අදාළ ජලාශ ව්‍යාපෘති සඳහා අවසර ලබා දීමට ඇති හැකියාව පිළිබඳ විමසමින් පැරිසියේ පිහිටි යුනෙස්කෝ මූලස්ථානය (ලෝක උරුම කමිටුවට) වෙත නිල වශයෙන් ලිපියක් යොමු කර ඇති බවත් ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත වැඩිදුරටත් පැවසීය.

ලෝක උරුම සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව ජලාශ දෙකක් ඉදි කිරීම සඳහා වූ සැලසුම පිළිබඳ අමාත්‍ය චමල් රාජපක්ෂ පසුගියදා වීරකැටියේ පැවති උත්සවයකදී අදහස් පළ කිරීමත් සමග ඒ හේතුවෙන් ලෝක උරුම සිංහරාජ රක්ෂිතයට සහ එහි පරිසර පද්ධතියට විය හැකි බලපෑම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල විය.

අදාළ ජලාශ ව්‍යාපෘති සඳහා සැලසුම් සකස් කිරීම චීන සමාගමක් විසින් සිදු කරනු ලබන බවත් ඇමතිවරයා එහිදී පැවසීය

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

ජාතීන් අතර අවබෝධය ඇති කරලීමට ඇති හොඳම විසඳුම ඵලදායි සන්නිවේදනයට අවස්ථාව ලබාදීමයි- අධ්‍යාපන අමාත්‍ය

ජාතීන් හෝ ආගම් අනුව අපේ තරුණ පරපුරට බරපතළ වෙනස්කම් නොමැති බවත්, ඔවුන්ගේ මූලික අරමුණු එක හා සමාන...

රත් කලාට වැඩක් නෑ… ආහාරවල ඇෆ්ලටොක්සින් ඉවත් කරන විදිහ මෙන්න..

ආහාර සහ පාන වර්ගවල ඇති ඇෆ්ලටොක්සින් පිළිකාකාරක රත් කිරීමෙන් ඉවත් කළ නොහැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය...

රත්මලාන ගුවන්තොටුපල විනෝදාස්වාදය කේන්ද්‍රකරගත් ගුවන් මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනයට සැලසුම් – සංචාරක ඇමති

රත්මලාන ගුවන්තොටුපොළ විනෝදාස්වාද ගුවන් ගමන් (Leisure Flying) මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. දේශීය ගුවන් කේන්ද්‍රස්ථානයක්...

ආණ්ඩුවේ ඉන්නවා නම් ආණ්ඩුව විවේචනය නොකරනු.. කට වහගනු..- ශ‍්‍රීලනිපයට දන්වයි…

ආණ්ඩුවේ සිටින්නේ නම් ආණ්ඩුව විවේචනය නොකර සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා දැනගත යුතු බව අමාත්‍ය රෝහිත...

කිරුළපන සිරි ඇලන් මැතිණියාරාමයේ දානමය පින්කම ජනපති සහභාගිත්වයෙන්

කිරුළපන සිරි ඇලන් මැතිණියාරාමයේ අභිනවයෙන් ඉදිකළ දාන ශාලාව, ගිනි හල් ගෙය, ආවාස මන්දිරය සහ සක්මන් භාවනා උද්‍යානය...