Thursday, April 22, 2021

අප්‍රේල් 05 වෙනිදා සිට අප්‍රේල් 09 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වේ- අප්‍රේල් 05 වැනිදා විශේෂ දිනයක්

Must read

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ තබන්නේ නෑ – අමාත්‍ය නාමල් රාජපක්ෂ

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ නොතබන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා (21) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

VVIP ප‍්‍රභූ පිරිසක් විශේෂ ගුවන් යානයකින් කෙන්යාවට.. නිරූපිකාවන්ද එක්වෙයි..

අති විශේෂ ප්‍රභූන් පිරිසක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් එළඹෙන 29 වැනිදා කෙන්යාවේ නයිරෝබි ගුවන්තොටුපල වෙත යාමට...

සෞදි බන්ධනාගාරවල සිටින ලාංකික කතුන් වහාම ලංකාවට ගෙන්වන්න වැඩපිළිවෙළක් ඇරඹෙයි

සෞදි අරාබියේ රැඳවුම් කඳවුරවල හෙවත් බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික කතුන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා...

ලබන අප්‍රේල් මාසයේ 05 වනදා සිට 09 වනදා දක්වා දින 05ක් පාර්ලිමේන්තුව රැස් කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) රැස් වූ පාර්ලිමේන්තු
කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරන ලදී.

එම තීරණයට අනුව අප්‍රේල් 05 වැනිදා විශේෂ දිනයක් ලෙස පාර්ලිමේන්තුව රැස්වෙන බවත්, එදින පෙරවරු 10.00 සිට පස්වරු 4.30 දක්වා කාලය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා අවස්ථාව ලබා දීමටත් තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

එදින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ වාචික ප්‍රශ්න 50ක් විමසීමට අවස්ථාව සළසා දෙන බව සභානායක සහ අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (26) පැවසීය.

එමෙන්ම 2019 අප්‍රේල් 21 එල්ල වූ ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිළිබඳව සභාව කල්තැබීමේ විවාදය 05 වැනි දිනයටත් අප්‍රේල් 07 වැනිදා පැවැත්වීමටද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව මහලේකම්වරයා සඳහන් කළේය.
මෙයට අමතරව දේශපාලන පළිගැනීම් පිළිබඳව පරීක්ෂා කර තොරතුරු ලබාගැනීම සඳහා වන ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අප්‍රේල් 08 සහ 09 යන දිනවලදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමටද එම කාරක සභාව තීරණය කර තිබේ.

දැනට කල් තබා ඇති වාචික ප්‍රශ්න සහ මන්ත්‍රීවරුන්ගේ විමසීමට ඇති අනෙකුත් වාචික ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදීමට අප්‍රේල්05 වැනිදා දිනය සම්පූර්ණයෙන්ම වෙන් කර ඇති අතර, එදින
පෙරවරු 10 සිට පස්වරු 4.30 දක්වා පාර්ලිමේන්තුව රැස් වේ.

එදිනට මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා වන නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමට අදාළ යෝජනාවද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කළ බව ධම්මික දසනායක මහතා පැවසීය.

ඉන්පසු දිනය වූ අප්‍රේල් 06 වැනිදා ආනයන හා අපනයන පනත යටතේ වන රෙගුලාසි, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ වන නියමයන් සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වැටුප හා දීමනා ප්‍රතිශෝධනයට අදාළ යෝජනාව ඇතුළු කරුණු 08 විවාදයට ගනු ලබනු ඇත. එදින පෙරවරු 10.00 සිට පස්වරු 4.30 දක්වා එම විවාදය පැවැත්වෙන අතර, ඉන්පසු පස්වරු 04.30 සිට 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල්තැබීමේ අවස්ථාවේ යෝජනාව විවාදයට ගනු ලැබේ.

අප්‍රේල් 07 වැනිදා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිළිබඳව සභාව කල් තැබීමේ විවාදය පෙරවරු 10 සිට පස්වරු 4.30 දක්වා පැවැත්වෙනු ඇත. අප්‍රේල් 08 සහ 09 යන දිනයන්හිදී ද පාර්ලිමේන්තුව පෙරවරු 10.00 සිට පස්වරු 4.30 දක්වා පැවැත්වෙන බව මහලේකම්වරයා සඳහන් කළේය.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ තබන්නේ නෑ – අමාත්‍ය නාමල් රාජපක්ෂ

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ නොතබන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා (21) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

VVIP ප‍්‍රභූ පිරිසක් විශේෂ ගුවන් යානයකින් කෙන්යාවට.. නිරූපිකාවන්ද එක්වෙයි..

අති විශේෂ ප්‍රභූන් පිරිසක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් එළඹෙන 29 වැනිදා කෙන්යාවේ නයිරෝබි ගුවන්තොටුපල වෙත යාමට...

සෞදි බන්ධනාගාරවල සිටින ලාංකික කතුන් වහාම ලංකාවට ගෙන්වන්න වැඩපිළිවෙළක් ඇරඹෙයි

සෞදි අරාබියේ රැඳවුම් කඳවුරවල හෙවත් බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික කතුන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා...

යාපනය පොලිසියෙන් කොරෝනා පොකුරක්….

යාපනය පොලිස් ස්ථානයේ සේවයේ නිරත පොලිස් නිලධාරීන් 11 දෙනෙකුට එක් දිනක් තුලදී කොරෝණා වෛරසය ආසාදනය වී ඇති...