Sunday, April 18, 2021

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නැවතත් කෝප් කමිටුව හමුවට

Must read

ජාතීන් අතර අවබෝධය ඇති කරලීමට ඇති හොඳම විසඳුම ඵලදායි සන්නිවේදනයට අවස්ථාව ලබාදීමයි- අධ්‍යාපන අමාත්‍ය

ජාතීන් හෝ ආගම් අනුව අපේ තරුණ පරපුරට බරපතළ වෙනස්කම් නොමැති බවත්, ඔවුන්ගේ මූලික අරමුණු එක හා සමාන...

රත් කලාට වැඩක් නෑ… ආහාරවල ඇෆ්ලටොක්සින් ඉවත් කරන විදිහ මෙන්න..

ආහාර සහ පාන වර්ගවල ඇති ඇෆ්ලටොක්සින් පිළිකාකාරක රත් කිරීමෙන් ඉවත් කළ නොහැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය...

රත්මලාන ගුවන්තොටුපල විනෝදාස්වාදය කේන්ද්‍රකරගත් ගුවන් මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනයට සැලසුම් – සංචාරක ඇමති

රත්මලාන ගුවන්තොටුපොළ විනෝදාස්වාද ගුවන් ගමන් (Leisure Flying) මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. දේශීය ගුවන් කේන්ද්‍රස්ථානයක්...

ආණ්ඩුවේ ඉන්නවා නම් ආණ්ඩුව විවේචනය නොකරනු.. කට වහගනු..- ශ‍්‍රීලනිපයට දන්වයි…

ආණ්ඩුවේ සිටින්නේ නම් ආණ්ඩුව විවේචනය නොකර සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා දැනගත යුතු බව අමාත්‍ය රෝහිත...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නැවතත් එළඹෙන අප්‍රෙල් 06 වැනිදා කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.


මීට පෙර පසුගිය පෙබරවාරි 11 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේදී ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් නිසි සූදානමකින් තොරව පැමිණිම හේතුවෙන් රැස්වීම අතරමගදී අත්හිටුවනු ලැබූ අතර, නැවත කෝප් කමිටුව හමුවට පැමිණිමට මාසයක කාලයක් ලබා දෙන බව දන්වන ලදී.


පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් යුත් කෝප් කමිටුව මාර්තු මාසයේදීත් අප්‍රේල් මාසයේදීත් රාජ්‍ය ආයතන හතක් (07) කමිටුව හමුවට කැඳවා තිබේ.
ඒ අනුව මාර්තු 23 වන දින ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් සමාගම කෝප් කමිටුව හමුවට කැදවා ඇති අතර, ලංකාවේ නව අපනයන සැකසුම් කලාප පිහිටුවීමේ ක්‍රියාවලිය ඇගයීම පිළිබඳ කාර්ය සාධන වාර්තාව එළඹෙන 24 වැනිදා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

මාර්තු 26 වන දින කමිටුව විසින් විමර්ශනයට ලක් කිරීමට නියමිතව ඇත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පශ්චාත් උපාධි ආයතනය යි. එයට අමතරව , අප්‍රේල් 07 වැනිදා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සහ අප්‍රේල් 20 වැනිදා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කමිටුව හමුවට කැඳවා ඇති අතර අප්‍රේල් 23 වැනිදා කෝප් කමිටුව විසින් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව තුළ පසුගිය කාලය තුළදී සිදුවී තිබෙන අක්‍රමිකතා විමර්ශනය කිරීමට නියමිතය.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

ජාතීන් අතර අවබෝධය ඇති කරලීමට ඇති හොඳම විසඳුම ඵලදායි සන්නිවේදනයට අවස්ථාව ලබාදීමයි- අධ්‍යාපන අමාත්‍ය

ජාතීන් හෝ ආගම් අනුව අපේ තරුණ පරපුරට බරපතළ වෙනස්කම් නොමැති බවත්, ඔවුන්ගේ මූලික අරමුණු එක හා සමාන...

රත් කලාට වැඩක් නෑ… ආහාරවල ඇෆ්ලටොක්සින් ඉවත් කරන විදිහ මෙන්න..

ආහාර සහ පාන වර්ගවල ඇති ඇෆ්ලටොක්සින් පිළිකාකාරක රත් කිරීමෙන් ඉවත් කළ නොහැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය...

රත්මලාන ගුවන්තොටුපල විනෝදාස්වාදය කේන්ද්‍රකරගත් ගුවන් මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනයට සැලසුම් – සංචාරක ඇමති

රත්මලාන ගුවන්තොටුපොළ විනෝදාස්වාද ගුවන් ගමන් (Leisure Flying) මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. දේශීය ගුවන් කේන්ද්‍රස්ථානයක්...

ආණ්ඩුවේ ඉන්නවා නම් ආණ්ඩුව විවේචනය නොකරනු.. කට වහගනු..- ශ‍්‍රීලනිපයට දන්වයි…

ආණ්ඩුවේ සිටින්නේ නම් ආණ්ඩුව විවේචනය නොකර සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා දැනගත යුතු බව අමාත්‍ය රෝහිත...

කිරුළපන සිරි ඇලන් මැතිණියාරාමයේ දානමය පින්කම ජනපති සහභාගිත්වයෙන්

කිරුළපන සිරි ඇලන් මැතිණියාරාමයේ අභිනවයෙන් ඉදිකළ දාන ශාලාව, ගිනි හල් ගෙය, ආවාස මන්දිරය සහ සක්මන් භාවනා උද්‍යානය...