Thursday, April 22, 2021

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද වියළි කහ කිලෝග්‍රෑම් 2221 කට අධික තොගයක් නාවික හමුදා භාරයට

Must read

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ තබන්නේ නෑ – අමාත්‍ය නාමල් රාජපක්ෂ

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ නොතබන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා (21) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

VVIP ප‍්‍රභූ පිරිසක් විශේෂ ගුවන් යානයකින් කෙන්යාවට.. නිරූපිකාවන්ද එක්වෙයි..

අති විශේෂ ප්‍රභූන් පිරිසක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් එළඹෙන 29 වැනිදා කෙන්යාවේ නයිරෝබි ගුවන්තොටුපල වෙත යාමට...

සෞදි බන්ධනාගාරවල සිටින ලාංකික කතුන් වහාම ලංකාවට ගෙන්වන්න වැඩපිළිවෙළක් ඇරඹෙයි

සෞදි අරාබියේ රැඳවුම් කඳවුරවල හෙවත් බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික කතුන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා...

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය මොහොත්තුවාරම් වෙරළ තීරයේ සහ තලේමන්නාරම කුඩුඉරිප්පු වෙරළ තීරයේ 2021 මාර්තු 19 සහ 20 යන දෙදින සිදුකළ විශේෂ ‍සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙනවිත් නාවික මෙහෙයුම් හේතුවෙන් ජාවාරම් කරුවන් විසින් අතහැර දමන ලද තෙතබර සහිත වියළි කහ කිලෝග්‍රෑම් 2221 ග්‍රෑම් 600ක තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කරනු ලබන නීති විරෝධී ජාවාරම් මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, වයඹ නාවික විධානය මගින් මාර්තු 20 වන දින කල්පිටිය, මොහොත්තුවාරම් වෙරළ තීරයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නාවික මෙහෙයුම් හේතුවෙන් ජාවාරම් කරුවන් විසින් වෙරළ තීරයේ අතහැර දමාගොස් තිබූ මලු 33ක අසුරන ලද වියලි කහ කිලෝග්‍රෑම් 1149 ක පමණ ප්‍රමාණයක් ද, මාර්තු 19 වන දින උතුරු මැද නාවික විධානය මගින් තලේමන්නාරම, කුඩුඉරිප්පු ප්‍රදේශයේ සිදු කළ තවත් සොදිසි මෙහෙයුමකදී වෙරළට ආසන්නයේ ජාවාරම්කරුවන් විසින් සඟවා තිබූ මලු 19ක අසුරන ලද වියලි කහ කිලෝ 1072 ග්‍රෑම් 600 ක පමණ ප්‍රමාණයක් ද මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලදී.

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කරන ලද මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් වියලි කහ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ තබා ඇත.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ තබන්නේ නෑ – අමාත්‍ය නාමල් රාජපක්ෂ

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ නොතබන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා (21) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

VVIP ප‍්‍රභූ පිරිසක් විශේෂ ගුවන් යානයකින් කෙන්යාවට.. නිරූපිකාවන්ද එක්වෙයි..

අති විශේෂ ප්‍රභූන් පිරිසක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් එළඹෙන 29 වැනිදා කෙන්යාවේ නයිරෝබි ගුවන්තොටුපල වෙත යාමට...

සෞදි බන්ධනාගාරවල සිටින ලාංකික කතුන් වහාම ලංකාවට ගෙන්වන්න වැඩපිළිවෙළක් ඇරඹෙයි

සෞදි අරාබියේ රැඳවුම් කඳවුරවල හෙවත් බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික කතුන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා...

යාපනය පොලිසියෙන් කොරෝනා පොකුරක්….

යාපනය පොලිස් ස්ථානයේ සේවයේ නිරත පොලිස් නිලධාරීන් 11 දෙනෙකුට එක් දිනක් තුලදී කොරෝණා වෛරසය ආසාදනය වී ඇති...