Tuesday, June 22, 2021

ප්‍රතිසංස්කරණය කළ GOH හෝටලය අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත වෙයි

Must read

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

සිවු වැනි වතාවට ප්‍රතිසංස්කරණය කළ වසර 183ක් පැරණි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු කොළඹ කොටුව යෝර්ක් වීදියේ පිහිටි ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය (Grand Oriental Hotel) ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ 18 රාත්‍රියේ විවෘත විය.

යහපාලන ආණ්ඩුව සමයේ දී ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය විකිණීම සඳහා ලංසු නිකුත් කරන ලෙස රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇත.

මේ බව සැලවීමත් සමඟ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටල (GOH) රැක ගනිමින් එය ප්‍රතිසංස්කරණය කොට ජාතියට දායාද කළ යුතු බවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යතුමා උපදෙස් දී තිබිණි.

ඒ අනුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති සෙලෙන්ඩිවා ඉන්වෙස්ට්මන්ට් ආයතන සහ ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව එක්ව ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ සිවු මහල් ගොඩනැගිල්ල මෙසේ ප්‍රතිසංස්කරණය කර ඇත. මේ සඳහා වැය වැයකර ඇති මුදල රුපියල් මිලියන 225කි.

මෙම ගොඩනැගිල්ලට අමතරව කොළඹ නගරයේ තවත් ගොඩනැගිලි කිහිපයක් ඒවායේ පෞරාණිකත්වය සුරැකෙන පරිදි ප්‍රතිසංස්කරණය කිරීම අරඹා තිබේ. මේ සියල්ල එක්කොට කොළඹ උරුමය චතුරශ්‍රයක් ලෙස වෙනම කලාපයක් නම්වනු ඇත.

මෙම අවස්ථාවට නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහත්වරු එක්ව සිටියහ.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ලොක්ඩවුන් ගැන ඖෂධ ඇමති කියයි…

මේ මොහොතේ රට වසා දැමීම සම්බන්ධයෙන් ගනු ලබන්නේ දේශපාලන තීන්දුවක් නොව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ ඒකාබද්ධව ගනු...