Wednesday, July 28, 2021

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණයට- පළමුවරට ඩිජිටල් කරණයෙන් තැපැල් මුද්දරයක් නිකුත් කරයි

Must read

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණයට පිවිසෙමින් පළමුවරට ඩිජිටල් කරණයෙන් තැපැල් මුද්දර නිකුත් කිරීම ජනමාධ්‍ය අමාත්‍යංශයේදී ජනමාධ්‍ය අමාත්‍ය හා කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්   (16) නිලවශයෙන් ආරම්භ කෙරිණි.

ඒ අනුව රුපියල් 25 ක වටිනාකමින් යුත් පුද්ගල කාරක මුද්දරයක් QR කේතය සහිතව අද පළමු වරට නිකුත් කිරීම සිදුවිය. එම මුද්දරය සම්බන්ධයෙන් හෝ ඒ ආශ්‍රිත වැඩිතර තොරතුරු එහි QR කේතය ස්කෑන් කර මුද්දර කාර්යාංශයේ ශ්‍රී ලංකා තැපැල් වෙබ් අඩවියට පිවිස ලබාගත හැක. ඒ අනුව එම මුද්දරය සම්බන්ධ තොරතුරු හා ඡායාරූප ඉතා පහසුවෙන් ලබාගත හැක.

එමෙන්ම විශේෂිත ආරක්ෂිත සලකුණක් සහිතව රුපියල් 500ක් වටිනා නව තැපැල් මුද්දරයක් නිකුත් කිරීමද අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් එහිදී සිදුවිණි.
එම මුද්දරයේ කිසියම් ආරක්ෂිත සංකේතයක් සඟවා තිබෙන අතර එය යම් පුද්ගලයෙකු වැරදි භාවිතයකට යොදාගන්නේ නම් ඒ පිළිබඳව තොරතුරු හසුකර ගැනීමට එමගින් හැකියාව පවතින බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසයි.

මෙරට තැපැල් ඉතිහාසයේ පළමු මුද්දරය නිකුත් කරනු ලැබූවේ 1857 අප්‍රේල් 01 දා වන අතර මේ දක්වා ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් විවිධ අවස්ථා සහිත සැමරුම් මුද්දර විශාල ප්‍රමාණයක් නිකුත් කර ඇත.
වැවිලි කර්මාන්ත අමාත්‍ය සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ලොක්ඩවුන් ගැන ඖෂධ ඇමති කියයි…

මේ මොහොතේ රට වසා දැමීම සම්බන්ධයෙන් ගනු ලබන්නේ දේශපාලන තීන්දුවක් නොව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ ඒකාබද්ධව ගනු...