
රට හදන සෞභාග්‍යයේ දැක්ම බලගන්වමින් “වාරී සෞභාග්‍යා“ ජාතික වැඩසටහන යටතේ ග්‍රාමීය වැව්/ අමුණු සංවර්ධනය කිරීමට සමගාමීව අනුරාධපුර තිරප්පනය වන්නම්මඩුව වැව සංවර්ධනය කිරීමේ කටයුතු සූර්ය බල, සුලං හා ජල විදුලි ජනන සංවර්ධන රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සමාරම්භ කෙරිණි.
රුපියල් ලක්ෂ 17 ක මුදලකින් මෙම වැව ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මිහින්තලය ආසන සංවිධායක හිටපු පළාත් සභා අමාත්‍යය සරත් ඉලංගසිංහ, තිරප්පනය ප්‍රාදේශීය සභාවේ සභාපති රොෂාන් ඉලංගසිංහ යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයින්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිළධාරීන් හා ගොවි සංවිධාන නියෝජිතයින් සහභාගී වූහ.