Thursday, April 22, 2021

පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන, ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් සිය ධූරයේ වැඩ අරඹයි

Must read

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ තබන්නේ නෑ – අමාත්‍ය නාමල් රාජපක්ෂ

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ නොතබන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා (21) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

VVIP ප‍්‍රභූ පිරිසක් විශේෂ ගුවන් යානයකින් කෙන්යාවට.. නිරූපිකාවන්ද එක්වෙයි..

අති විශේෂ ප්‍රභූන් පිරිසක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් එළඹෙන 29 වැනිදා කෙන්යාවේ නයිරෝබි ගුවන්තොටුපල වෙත යාමට...

සෞදි බන්ධනාගාරවල සිටින ලාංකික කතුන් වහාම ලංකාවට ගෙන්වන්න වැඩපිළිවෙළක් ඇරඹෙයි

සෞදි අරාබියේ රැඳවුම් කඳවුරවල හෙවත් බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික කතුන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා...

පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන, ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය   අමාත්‍යාංශයේ නව ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා සිය ධූරයේ වැඩ අරඹයි.

පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන, ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා (08) දින යෙදුනු සුබ මොහොතින් සිය ධූරයේ වැඩභාර ගන්නා ලදි.

සෞඛ්‍ය සේවයේ වසර 34 ක සේවා පළපුරුද්දකින් සහ සෞඛ්‍ය පරිපාලන සේවයේ අවුරුදු 24 ක සේවා පළපුරුද්දකින් යුත් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා මීට පෙර ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන ලදි.

 පේරාදෙනිය වෛද්‍ය පීඨයෙන් MBBS ගෞරව උපාධියක් සහිතව වෛද්‍ය වෘත්තියට පිවිසි එතුමා MB වෛද්‍ය පරිපාලන ගෞරව උපාධියද, London of Economics විශ්ව විද්‍යාලයෙන් Health Economics & Physical Science ශාස්ත්‍රපති උපාධියද ලබා ගෙන ඇත. විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සහ ළමා රෝහලේ අධ්‍යක්ෂවරයෙකු ලෙස ද සේවය කර ඇති අතර බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ලෙස ද සේවය කර ඇත. මීට අමතරව පෞද්ගලික වෛද්‍ය සංවර්ධන අධ්‍යක්ෂ, සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අධ්‍යක්ෂ, ජාතික ඖෂධ අධිකාරියේ සභාපති ලෙස ද කටයුතු කළ ඒ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා), අතිරේක ලේකම් (සෞඛ්‍ය සේවා) තනතුරේ ද සේවය කර ඇත.

විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා වැඩ බාර ගැනීමේ අවස්ථාවට පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන, ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය එස්. වියලේන්ද්‍රන් මහතා සහ වෛද්‍යවරු රැසක් හා අමාත්‍යාංශයේ නිළධාරින් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ තබන්නේ නෑ – අමාත්‍ය නාමල් රාජපක්ෂ

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ නොතබන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා (21) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

VVIP ප‍්‍රභූ පිරිසක් විශේෂ ගුවන් යානයකින් කෙන්යාවට.. නිරූපිකාවන්ද එක්වෙයි..

අති විශේෂ ප්‍රභූන් පිරිසක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් එළඹෙන 29 වැනිදා කෙන්යාවේ නයිරෝබි ගුවන්තොටුපල වෙත යාමට...

සෞදි බන්ධනාගාරවල සිටින ලාංකික කතුන් වහාම ලංකාවට ගෙන්වන්න වැඩපිළිවෙළක් ඇරඹෙයි

සෞදි අරාබියේ රැඳවුම් කඳවුරවල හෙවත් බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික කතුන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා...

යාපනය පොලිසියෙන් කොරෝනා පොකුරක්….

යාපනය පොලිස් ස්ථානයේ සේවයේ නිරත පොලිස් නිලධාරීන් 11 දෙනෙකුට එක් දිනක් තුලදී කොරෝණා වෛරසය ආසාදනය වී ඇති...