Sunday, April 18, 2021

සෑම මොහොතක්ම කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් වෙන්විය යුතු බව මාගේ විශ්වාසයයි-අග්‍රාමාත්‍ය

Must read

ජාතීන් අතර අවබෝධය ඇති කරලීමට ඇති හොඳම විසඳුම ඵලදායි සන්නිවේදනයට අවස්ථාව ලබාදීමයි- අධ්‍යාපන අමාත්‍ය

ජාතීන් හෝ ආගම් අනුව අපේ තරුණ පරපුරට බරපතළ වෙනස්කම් නොමැති බවත්, ඔවුන්ගේ මූලික අරමුණු එක හා සමාන...

රත් කලාට වැඩක් නෑ… ආහාරවල ඇෆ්ලටොක්සින් ඉවත් කරන විදිහ මෙන්න..

ආහාර සහ පාන වර්ගවල ඇති ඇෆ්ලටොක්සින් පිළිකාකාරක රත් කිරීමෙන් ඉවත් කළ නොහැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය...

රත්මලාන ගුවන්තොටුපල විනෝදාස්වාදය කේන්ද්‍රකරගත් ගුවන් මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනයට සැලසුම් – සංචාරක ඇමති

රත්මලාන ගුවන්තොටුපොළ විනෝදාස්වාද ගුවන් ගමන් (Leisure Flying) මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. දේශීය ගුවන් කේන්ද්‍රස්ථානයක්...

ආණ්ඩුවේ ඉන්නවා නම් ආණ්ඩුව විවේචනය නොකරනු.. කට වහගනු..- ශ‍්‍රීලනිපයට දන්වයි…

ආණ්ඩුවේ සිටින්නේ නම් ආණ්ඩුව විවේචනය නොකර සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා දැනගත යුතු බව අමාත්‍ය රෝහිත...

සුභාශිංසන පණිවිඩය

“රටකි, දැයකි, ලොවකි ඇය” යන තේමාව යටතේ සමරන ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුමට සුභාශිංසන පළ කරනුයේ ඉමහත් සතුටිනි.

ලෝකයේ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් එක් දිනයක් සැමරීමට ලක් වුවද සෑම මොහොතක්ම කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් වෙන්විය යුතු බව මාගේ විශ්වාසයයි.
දියණියක, බිරිඳක මෙන්ම ලොව උතුම් මව් පදවියට පත්වන්නේ ද කාන්තාවකි. මානව වංශය වෙනස් කළ සියලු ශාස්තෘවරුන්ගේ සිට මානව පැවැත්ම සාක්ෂාත් වන්නේ ඒ ඔස්සේය.
මේ නිසා කාන්තාවන්ට සමාජය තුළ නිසි ගෞරවය නිතැතින් හිමිවිය යුතුය. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාවෙන් ද කාන්තා අයිතිවාසිකම්වලට මුල්තැන ලබාදෙනවා මෙන්ම ඔවුන්ව දිරිය කතුන් ලෙස සවි බල ගැන්වීම පිළිබඳව නිතැතින් අවධානය යොමු කර තිබේ.


කාන්තාවන්ට එරෙහි ප්‍රචන්ඩත්වය මෙන්ම වෙනස් කොට සැළකීම අප රජයක් ලෙස තරයේ හෙළා දකිමු. ඔවුන්ගේ නැගී සිටීම සමාජ යහපතට යෙදී ඇති අවස්ථා අප රටක් ලෙස අත්විඳිමින් සිටියි.


ඉතිහාසයේ විහාරමහ දේවියගෙන් ද නූතනයේ ලොව ප්‍රථම අගමැතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ආදර්ශයෙන් ද ශ්‍රී ලාංකේය කාන්තාවගේ වීරත්වය හා නායකත්වය ලොවටම විදහාපායි.


එම අභාෂයන් අනුව යමින් මෙරට කාන්තාවන් අද වන විට විවිධ ක්ෂේත්‍ර ඔස්සේ මාතෘ භූමියේ බොහෝ වගකීම් දරමින් සිටීම ආඩම්බරයට කරුණකි.


ආර්ථික සමාජයීය හා දේශපාලන වශයෙන් ද කාන්තාවන්ගේ මැදිහත්වීම අපි අගය කොට සළකමු. සමාජයේ කුඩාම ඒකකය වන පවුල සුරක්ෂිත කිරීමට වෙහෙසෙන කාන්තාව, අවසානයේ මුළු රටම සුරක්ෂිත කිරීමට දායක වී තිබේ.


විවිධ හේතුමත මේ දක්වා සමාජය තුළ කාන්තාවන්ට තිබෙන අභියෝග බොහොමයකි. මේ අභියෝගාත්මක ලොව තුළ සෑම කාන්තාවක්ම අවදියෙන් සිටිය යුතුය. ඔබට ජයග්‍රහණය හෝ පරාජය මෙන්ම යහපත හෝ අයහපත ලැබෙනුයේ ඔබගේම සිතුවිලි හා ක්‍රියාවන් අනුවය.


ඒ නිසා සියලු කාන්තාවන්ට අභියෝගය තෝරාගන්නැයි මම ආරාධනා කරමි. ඔබගේ සාමුහිකත්වයේ දායකත්වය අනුව ගොඩනැගෙන අනාගත මාතෘ භූමිය මෙන්ම දියුණු ලෝකය දෙස සියලු දෙනා බලා සිටින බව සිහිපත් කරමි.

මහින්ද රාජපක්ෂ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
අග්‍රාමාත්‍ය

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

ජාතීන් අතර අවබෝධය ඇති කරලීමට ඇති හොඳම විසඳුම ඵලදායි සන්නිවේදනයට අවස්ථාව ලබාදීමයි- අධ්‍යාපන අමාත්‍ය

ජාතීන් හෝ ආගම් අනුව අපේ තරුණ පරපුරට බරපතළ වෙනස්කම් නොමැති බවත්, ඔවුන්ගේ මූලික අරමුණු එක හා සමාන...

රත් කලාට වැඩක් නෑ… ආහාරවල ඇෆ්ලටොක්සින් ඉවත් කරන විදිහ මෙන්න..

ආහාර සහ පාන වර්ගවල ඇති ඇෆ්ලටොක්සින් පිළිකාකාරක රත් කිරීමෙන් ඉවත් කළ නොහැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය...

රත්මලාන ගුවන්තොටුපල විනෝදාස්වාදය කේන්ද්‍රකරගත් ගුවන් මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනයට සැලසුම් – සංචාරක ඇමති

රත්මලාන ගුවන්තොටුපොළ විනෝදාස්වාද ගුවන් ගමන් (Leisure Flying) මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. දේශීය ගුවන් කේන්ද්‍රස්ථානයක්...

ආණ්ඩුවේ ඉන්නවා නම් ආණ්ඩුව විවේචනය නොකරනු.. කට වහගනු..- ශ‍්‍රීලනිපයට දන්වයි…

ආණ්ඩුවේ සිටින්නේ නම් ආණ්ඩුව විවේචනය නොකර සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා දැනගත යුතු බව අමාත්‍ය රෝහිත...

කිරුළපන සිරි ඇලන් මැතිණියාරාමයේ දානමය පින්කම ජනපති සහභාගිත්වයෙන්

කිරුළපන සිරි ඇලන් මැතිණියාරාමයේ අභිනවයෙන් ඉදිකළ දාන ශාලාව, ගිනි හල් ගෙය, ආවාස මන්දිරය සහ සක්මන් භාවනා උද්‍යානය...