Thursday, May 13, 2021

ලෝක උපත් ආබාධ දිනය 2021 මාර්තු 3 – උපත් ආබාධ සත්කාරය සහ වැළැක්වීම පිළිබඳ කොළඹ ප්‍රකාශනය නිකුත් කෙරේ

Must read

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ලෝක උපත් අබාධ දිනය 2021 මාර්තු 3 – උපත් ආබාධ සත්කාරය සහ වැළැක්වීම පිළිබඳ කොළඹ ප්‍රකාශනය නිකුත් කෙරේ

ලෝකය පුරා මිලියන 8 ක් පමණ පුද්ගලයින් උපත් ආබාධ නිසා පීඩා විඳින අතර බිළිඳු මරණ වලින් 11% කට ද, කුස තුළ මියයන දරුවන්ගෙන් 10% කට ද හේතු වේ. මෙම දරුවන්ගෙන් 90% කටත් වඩා සිටිනුයේ අඩු සහ මධ්‍යම ආදායම් රටවලය. සෑම දිනකම ශ්‍රී ලංකාවේ උපත් අබාධ සහිත දරුවන් 16 ක් උපදින අතර ඉන් දෙදෙනෙක් සෑම දිනකම තම පළමු උපන් දිනයට පෙර මියයති. එලෙසම වසරකට 500 – 600 ත් අතර ප්‍රමාණයක් උපත් අබාධ නිසා කුස තුළම මිය යති. උපත් අබාධ ඇතිව ජීවත්වන්නන් ද ජීවිත කාලය පුරාම අබධිතව කල් ගෙවති. උපත් අබාධ සත්කාරය සහ වැළක්වීම පුද්ගලයිනට, පවුල් වලට සහ පුළුල් ලෙස ගත් කළ, සමාජයේ ද සෞඛ්‍යය උදෙසා වැදගත් කාර්ය භාරයක් කරයි. 2030 වසරේ දී තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීමට සැළසුම් ක්‍රියාත්මක කරන අවස්ථාවක, උපත් අබාධ සත්කාරය සහ වැලක්වීම අරමුණු කර ගත් සේවා සැපැයීම, ලොව පුරා සෑම ආණ්ඩුවකම සැළකිල්ලට භාජනය විය යුතුය.

2010 වසරේ දී 63 වන ලෝක සෞඛ්‍ය රැස්වීමේදී උපත් අබාධ පිළිබඳව යෝජනාවක් (63.17 න්‍යාය පත්‍ර අංක 11.7) සම්මත කර වසර 10 ක් ගතව තිබේ. ඉන් පසු උපත් අබාධ පිළිබඳ දැනුවත් කිරීමේත්, අවේක්ෂණය ප්‍රවර්ධනය කිරීමේත් ක්‍රියාමාර්ග ගෙන ඇතත් සෑහෙන වැඩ කොටසක් ක්‍රියාත්මක කිරීමට ඉතුරුව තිබේ. උපත් අබාධ සත්කාරය සහ වැලක්වීම කඩිනම් කිරීම සඳහා දායක වීමට, සියලුම පාර්ශ්වකරුවන් 2010 ලෝක සෞඛ්‍ය රැස්වීමේ යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම අත්‍යවශ්‍ය ය.

ලොව පුරා රටවල් 36 ක 400 ක් පමණ වූ ප්‍රමුඛ පෙලේ සෞඛ්‍ය වෘත්තිකයින්, පර්යේෂකයින් සහ අධ්‍යයන, පර්යේෂක, රාජ්‍ය තාන්ත්‍රික, ජාත්‍යන්තර සංවර්ධක සහ සිවිල් සමාජ සංවිධාන නියෝජිතයෝ, 2020 වසරේ දී කොළඹ දී පැවැත්වුණු සංවර්ධනය වෙමින් පවතින රටවල උපත් අබාධ හා ආබාධිත තත්ත්වයන් පිළිබඳ 9 වන ජාත්‍යන්තර සමුළුවේ දී උපත් අබාධ සත්කාරය සහ වැලක්වීම ප්‍රශස්ත මට්ටමකට ගෙන ඒමට කැප වුහ.

උපත් අබාධ සත්කාරය සහ වැලක්වීම සඳහා උපදේශනයේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් සහ 63 වන ලෝක සෞඛ්‍ය රැස්වීමේදී උපත් අබාධ පිළිබඳ යෝජනා සමග අනුගත වෙමින් 2020 නව වන සංවර්ධනය වෙමින් පවතින රටවල උපත් අබාධ හා ආබාධිත තත්ත්වයන් පිළිබඳ 9 වන ජාත්‍යන්තර සමුළුවේ සහභාගී වූවන් “උපත් අබාධ සත්කාරය සහ වැලක්වීම පිළිබඳ කොළඹ ප්‍රකාශනය” ට අදහස් හා යෝජනා සපයමින් දායක වුහ.

ලෝක උපත් අබාධ දිනය යෙදෙන 2021 මාර්තු 3 වෙනි දින මෙම ප්‍රකාශනය ප්‍රාථමික සෞඛ්‍ය සේවා, කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මැතිනියට පිළිගැන්වීමට නියමිතය. මෙම ප්‍රකාශනය ලෝක සෞඛ්‍ය සංවිධාන මුලස්ථානය වෙත යොමු කෙරේ. කොළඹ ප්‍රකාශනය ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ මහත්මියටද පිළිගන්වනු ඇත .

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උපත් ආබාධ පිලිබඳ විද්වත් කමිටුව සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය එක්ව මෙම වැඩ පිළිවෙල සංවිධානය කෙරේ.


උපත් අබාධ සත්කාරය සහ වැලක්වීම පිළිබඳ කොළඹ ප්‍රකාශය – එළි දැක්වීම
2021 මාර්තු 3 වෙනි දින පෙරවරු 11.00 ට ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවනාගාරයේ දී පැවැත්වේ. (අංක 6 විජේරාම මාවත කොළඹ 07.)

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ලොක්ඩවුන් ගැන ඖෂධ ඇමති කියයි…

මේ මොහොතේ රට වසා දැමීම සම්බන්ධයෙන් ගනු ලබන්නේ දේශපාලන තීන්දුවක් නොව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ ඒකාබද්ධව ගනු...