Tuesday, June 22, 2021

සියලු පළාත් ආවරණය වන පරිදි ඉදිරියේ දී කසළ මගින් විදුලිය නිපදවන බලාගාර ඉදි කිරීමට පියවර

Must read

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

යාපනයේ ඩෙල්ෆ් දූපත්වල ඉදිකෙරෙන විදුලි බලාගාර සම්බන්ධ කොන්ත්‍රාත්තුව තවමත් ලබා දී නොමැති බව විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද(24) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙහිදී ස්ථිර වශයෙන්ම දූපත් බදු දීමක් සිදු නොවන බව අවධාරණය කළ අමාත්‍යවරයා අපේ රටේ න්‍යාය පත්‍රය වෙන කිසිම රටකට යට නොකරන බව සඳහන් කළේය.පාර්ලිමේන්තු මන්ත්‍රී චම්න්ද විජේසිරි මහතා ඇසූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

දීර්ග කාලයක් තිස්සේ විදුලිය නොමැතිව සිටි යාපනයේ දූපත් ප්‍රදේශවල ජනතාවට විදුලිය ලබා දීම ජාතික අවශ්‍යතාවක් බව සඳහන් කළ අමාත්‍යවරයා ආසියානු සංවර්ධන බැංකුව මේ සඳහා මැදිහත් වී ඇති බවත් ඔවුන් විසින් ජාත්‍යන්තර ටෙන්ඩර් පටිපාටියකට අනුව මෙම ටෙන්ඩර් කැඳවීම් සිදු කර අතැයිද කීය. පළමු ටෙන්ඩර් කැඳවීම අසාර්ථක වූ බැවින් නැවතත් එම ටෙන්ඩර් කැඳවීම් සිදු කළ බව පෙන්වා දුන් අමාත්‍යවරයා , චීනය සහ ඉන්දියාව ඒ සඳහා ඉදිරිපත් වූ බවත්, අඩුම ලංසු තැබීම සිදු කර ඇත්තේ චීනය බවත් සඳහන් කළේය. එහෙත් තවමත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මේ සඳහා ඉදිරිපත් වී නොමැති බව අමත්‍යවරයා අවධාරණය කළේය.

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ බිඳවැටීම් සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ හිටපු ජනාධිපති,වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැඩි විවේචන මධ්‍යයේ ඉදි කළ මෙම විදුලි බලාගාරය නොතිබුණි නම් අද බරපතල බලශක්ති අර්බුදයකට මුහණු දීමට සිදු වනු ඇති බවයි. ලංකාවේ සිමෙන්ති නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඩ්‍රයි ඈෂ් මෙතෙක් කලක් චීනයෙන් ආනයනය කල බව පැවසූ අමාත්‍යවරයා , ඉදිරියෙදී කොළඹ වරාය නගරයට අවශ්‍ය ඉදිකිරීම් සඳහා අවශ්‍ය ගඩොල් සියල්ල නොරොච්චෝලේ බලාගාරයෙන් ඉවතලන ඩ්‍රයි ඈෂ් වලින් නිපදවීමට කටයුතු කරන බවයි.

ඉදිරියේදී ලංකාවේ පළාත් නමයම ආවරණය වන පරිදි කසළ මගින් විදුලිය නිපදවන බලාගාර ඉදිකරන බවත් නව රජය යටතේ කසළ කළමණාකරණය වෙනුවෙන් නාලක ගොඩහේවා අමාත්‍යවරයාගේ ප්‍රදානත්වයෙන් වෙනම අමාත්‍යංශයක් පවා පත් කර ඇතැයි පැවසූ අමාත්‍යවරයා කරදියාන කසළ කළමණාකරණ කටයුතු නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බවත් පැහැදිළි කළේය.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ලොක්ඩවුන් ගැන ඖෂධ ඇමති කියයි…

මේ මොහොතේ රට වසා දැමීම සම්බන්ධයෙන් ගනු ලබන්නේ දේශපාලන තීන්දුවක් නොව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ ඒකාබද්ධව ගනු...