Sunday, April 18, 2021

විදේශීය සමාගම් මෙරට සිදු කරන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති වලදී එහි ප්‍රතිලාභ හිමිවිය යුත්තේ රටට හා ජනතාවටයි – ඇමති ප්‍රසන්නරණතුංග

Must read

ජාතීන් අතර අවබෝධය ඇති කරලීමට ඇති හොඳම විසඳුම ඵලදායි සන්නිවේදනයට අවස්ථාව ලබාදීමයි- අධ්‍යාපන අමාත්‍ය

ජාතීන් හෝ ආගම් අනුව අපේ තරුණ පරපුරට බරපතළ වෙනස්කම් නොමැති බවත්, ඔවුන්ගේ මූලික අරමුණු එක හා සමාන...

රත් කලාට වැඩක් නෑ… ආහාරවල ඇෆ්ලටොක්සින් ඉවත් කරන විදිහ මෙන්න..

ආහාර සහ පාන වර්ගවල ඇති ඇෆ්ලටොක්සින් පිළිකාකාරක රත් කිරීමෙන් ඉවත් කළ නොහැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය...

රත්මලාන ගුවන්තොටුපල විනෝදාස්වාදය කේන්ද්‍රකරගත් ගුවන් මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනයට සැලසුම් – සංචාරක ඇමති

රත්මලාන ගුවන්තොටුපොළ විනෝදාස්වාද ගුවන් ගමන් (Leisure Flying) මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. දේශීය ගුවන් කේන්ද්‍රස්ථානයක්...

ආණ්ඩුවේ ඉන්නවා නම් ආණ්ඩුව විවේචනය නොකරනු.. කට වහගනු..- ශ‍්‍රීලනිපයට දන්වයි…

ආණ්ඩුවේ සිටින්නේ නම් ආණ්ඩුව විවේචනය නොකර සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා දැනගත යුතු බව අමාත්‍ය රෝහිත...

විදේශීය සමාගම් මෙරට සිදු කරන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති වලදී එහි ප්‍රතිලාභ හිමිවිය යුත්තේ රටට හා ජනතාවට මිස අදාල සමාගම් හා ඔවුන්ගේ මව්රට වලට නොවන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී එහි ප්‍රතිලාභ රටට හා ජනතාවට නිසි ලෙස හිමිවන්නේ දැයි විමසිලිමත් විය යුතු බවයි.

කටුනායක ගුවන්තොටුපල පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ ‘A’ පැකේජයේ ප්‍රගතිය පිළිබඳව පසුගිය දා (19) කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේ පැවති සාකච්ඡාවකදී ඇමතිවරයා මේ බව අවධාරණය කළේය. පසුගිය මහින්ද රාජපක්ෂ රජය සමයේ ආරම්භ කල මෙම ව්‍යාපෘතිය පසුගිය යහපාලන රජය විසින් හිතාමතාම අතහැර දමා තිබූ අතර වත්මන් රජය බලයට පත්වීමෙන් පසු එහි ඉදිකිරීම් යලි ආරම්භ කෙරිණ.

මෙම ව්‍යාපෘතිය යහපාලන රජය විසින් ක්‍රියාත්මක නොකර ප්‍රමාද කිරීම හේතුවෙන් රුපියල් කෝටි 3000 කට අධික පාඩුවක් ගුවන්තොටුපල සමාගමට සිදුව තිබිණි. වත්මන් රජය යටතේ මෙහි ඉදිකිරීම් ආරම්භ කෙරුනේ පසුගිය වසරේ නොවැම්බර් 18 වෙනිදායි. පසුගිය වසර තුල මෙරට ආරම්භ කෙරුන විශාලතම සංවර්ධන ව්‍යාපෘතියද මෙයයි.

කටුනායක බණ්ඩාරායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ වර්තමාන වාර්ෂික මගී හැසිරවීමේ ධාරිතාව වන මිලියන 06 යේ සිට මිලියන 15 දක්වා වැඩි කිරීමට පහසුකම් වැඩි කිරීම ව්‍යාපෘතියේ අරමුණයි. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් බිලියන 108කි. ජපානය ණය ප්‍රධානයක් ලෙස මෙම මුදල පිරිනමා ඇත. වසර 03කින් මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතයි.

ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අනාවරණය වූයේ ප්‍රධාන පර්යන්ත ගොඩනැගිල්ල, ඊට සම්බන්ධ ගොඩනැගිලි මගී පාලම්, මහල් 05කින් සමන්විත රථගාල, මාර්ග මේ යටතේ ඉදි කෙරෙන බවයි. මූලික ඉදිකිරීම් වල ප්‍රගතිය පිළිබඳව ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී විශේෂ අවධානය යොමු කල අතර මෙම ඉදිකිරීම් නියමිත කාලය තුල අවසන් කිරීමට කටයුතු කරන ලෙසද ඇමතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

මෙම ඉදි කිරීම් සඳහා මෙරට ශ්‍රමිකයන් යොදවා ගැනීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් ඇමතිවරයා මෙවැනි මහා පරිමාණ ව්‍යාපෘති වල ඉදිකිරීම් කෙරෙන කාලය තුලදී ද එහි වාසිය රටට හා ජනතාවට හිමිවිය යුතු බවද අවධාරනය කළේය.

මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් නියමිත කාලය තුලදී අවසන් කිරීමට අත්‍යවශ්‍ය බවත් ඒ සදහා අදාල කොන්ත්‍රාත් සමාගම බැදී සිටින බවත් මෙහිදී පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඒ පිළිබදව සැලකිලිමත් වන්නැයි අදාල සමාගමට උපදෙස් දුන්නේය. එමෙන්ම මේ පිළිබදව නිරන්තර අධීක්ෂණයක නිරතවන ලෙසද ඇමතිවරයා ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමට උපදෙස් දුන්නේය. නියමිත කාලයේදී මෙම ව්‍යාපෘතිය අවසන් කරවා ගැනීම ගුවන්තොටුපල බළධාරීන්ගේ වගකීමක් බව පෙන්වා දුන් ඇමතිවරයා ඒ සදහා පසුවිපරම් ක්‍රියාවලියක් ආරම්භ කරන ලෙසද උපදෙස් දුන්නේය.

සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි, ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මාධව දේවසුරේන්ද්‍ර, අතිරේක ලේකම් සුනිල් ගුණවර්ධන,ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ විශ්‍රාමික මේජර් ජී.ඒ චන්ද්‍රසිරි, උපසභාපති රජීව් සූරිය ආරච්චි හා කොන්ත්‍රාත්කාර හා උපදේශක සමාගම් නියෝජිතයෝද මෙම අවස්ථාවට සහභාගී වූහ.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

ජාතීන් අතර අවබෝධය ඇති කරලීමට ඇති හොඳම විසඳුම ඵලදායි සන්නිවේදනයට අවස්ථාව ලබාදීමයි- අධ්‍යාපන අමාත්‍ය

ජාතීන් හෝ ආගම් අනුව අපේ තරුණ පරපුරට බරපතළ වෙනස්කම් නොමැති බවත්, ඔවුන්ගේ මූලික අරමුණු එක හා සමාන...

රත් කලාට වැඩක් නෑ… ආහාරවල ඇෆ්ලටොක්සින් ඉවත් කරන විදිහ මෙන්න..

ආහාර සහ පාන වර්ගවල ඇති ඇෆ්ලටොක්සින් පිළිකාකාරක රත් කිරීමෙන් ඉවත් කළ නොහැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය...

රත්මලාන ගුවන්තොටුපල විනෝදාස්වාදය කේන්ද්‍රකරගත් ගුවන් මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනයට සැලසුම් – සංචාරක ඇමති

රත්මලාන ගුවන්තොටුපොළ විනෝදාස්වාද ගුවන් ගමන් (Leisure Flying) මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. දේශීය ගුවන් කේන්ද්‍රස්ථානයක්...

ආණ්ඩුවේ ඉන්නවා නම් ආණ්ඩුව විවේචනය නොකරනු.. කට වහගනු..- ශ‍්‍රීලනිපයට දන්වයි…

ආණ්ඩුවේ සිටින්නේ නම් ආණ්ඩුව විවේචනය නොකර සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා දැනගත යුතු බව අමාත්‍ය රෝහිත...

කිරුළපන සිරි ඇලන් මැතිණියාරාමයේ දානමය පින්කම ජනපති සහභාගිත්වයෙන්

කිරුළපන සිරි ඇලන් මැතිණියාරාමයේ අභිනවයෙන් ඉදිකළ දාන ශාලාව, ගිනි හල් ගෙය, ආවාස මන්දිරය සහ සක්මන් භාවනා උද්‍යානය...