Sunday, April 18, 2021

විමල්-නාමල් එක්වෙති..

Must read

ජාතීන් අතර අවබෝධය ඇති කරලීමට ඇති හොඳම විසඳුම ඵලදායි සන්නිවේදනයට අවස්ථාව ලබාදීමයි- අධ්‍යාපන අමාත්‍ය

ජාතීන් හෝ ආගම් අනුව අපේ තරුණ පරපුරට බරපතළ වෙනස්කම් නොමැති බවත්, ඔවුන්ගේ මූලික අරමුණු එක හා සමාන...

රත් කලාට වැඩක් නෑ… ආහාරවල ඇෆ්ලටොක්සින් ඉවත් කරන විදිහ මෙන්න..

ආහාර සහ පාන වර්ගවල ඇති ඇෆ්ලටොක්සින් පිළිකාකාරක රත් කිරීමෙන් ඉවත් කළ නොහැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය...

රත්මලාන ගුවන්තොටුපල විනෝදාස්වාදය කේන්ද්‍රකරගත් ගුවන් මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනයට සැලසුම් – සංචාරක ඇමති

රත්මලාන ගුවන්තොටුපොළ විනෝදාස්වාද ගුවන් ගමන් (Leisure Flying) මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. දේශීය ගුවන් කේන්ද්‍රස්ථානයක්...

ආණ්ඩුවේ ඉන්නවා නම් ආණ්ඩුව විවේචනය නොකරනු.. කට වහගනු..- ශ‍්‍රීලනිපයට දන්වයි…

ආණ්ඩුවේ සිටින්නේ නම් ආණ්ඩුව විවේචනය නොකර සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා දැනගත යුතු බව අමාත්‍ය රෝහිත...

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් කර්මාන්ත ගමට ගෙන යාමේ වැඩසටහන යටතේ දිවයිනේ සියලු ප්‍රදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට එක් කර්මාන්ත ශාලාවක් බැගින් පිහිටුවීමේ වැඩසටහන පිළිබදව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සහ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ යන මහත්වරු අතර විශේෂ සාකච්ජාවක් (18) කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විණි.

කර්මාන්ත අමාත්‍යවරයා සහ තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා අතර කැබිනට් මණ්ඩලයේදී පැවති සාකච්ජාවක ප්‍රතිඑලයක් ලෙස මෙම ව්‍යාපෘතිය සදහා අවශ්‍ය කටයුතු පිළිබද සාකච්ජා කිරීමට මෙම හමුව පැවැත්වෙන බව අමාත්‍යවරු දෙපළ සදහන් කළහ. ග්‍රාමීය මට්ටමේ විරැකියාවෙන් පෙළෙන රටේ තරුණ ප්‍රජාව වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය සිදු කිරීමට අදහස් කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කරනු ලැබූ අතර ඒ වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය වශයෙන් දිය හැකි උපරිම සහයෝගය ලබාදෙමින් එම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට කැපවන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) දැනටමත් සමස්ත දිවයිනම පදනම් කර ගනිමින් කර්මාන්ත සදහා අවශ්‍ය පසුබිම අධ්‍යයනය කර ඇති බවටත් ඉදිරියේදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් එම ප්‍රදේශවලට ආවේණික, වඩා සුදුසු, අමුද්‍රව්‍ය සපයා ගත හැකි සහ විරුකියාව යන කරුණු පදනම් කර ගනිමින් සුදුසු කර්මාන්ත හදුනාගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සුදානම් බවටත් අදහස් පළ විය. තරුණ කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කුඩා ව්‍යාපාර අංශය දැනටමත් කර ඇති අධ්‍යයනයන් ද ඒ සදහා යොදා ගන්නා ලෙස තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා සහ කර්මාන්ත අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්හ.

එසේ හදුනාගන්නා යෝජනා පිළිබඳ සාකච්ඡා කොට ඉදිරියේදී කර්මාන්ත අමාත්‍යාංශය, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) , ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) එක්ව අවසන් යෝජනා ඇතුළත් වාර්තාවක් ලබාදෙන ලෙස අමාත්‍යවරු දෙපළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්හ. එහිදී එම ව්‍යාපෘතියට අදාළ බාධාවන්, අභියෝග මෙන්ම යටිතල පහසුකම් ඇති කිරීමේ ක්‍රමවේදයන් පිළිබවදවත් අවධානය යොමු කරන ලෙස උපදෙස් ලබාදුන් අතර මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ විය යුත්තේ සුළු පරිමාණයේ කර්මාන්තකරුවන් මධ්‍ය පරිමාණය දක්වා ඔසවා තැබීම බව අමාත්‍යවරු දෙපළ අවධාරණය කළහ.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු වන චමින්ද පතිරාජ, එස්. එල්. නසීර්, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාශයේ අතිරේක ලේකම් සමන් පී වඩුගේ, ගුවන් සේවා හා අපනයන සැකසුම් කලාප රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සුනිල් ගුණවර්ධන, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පසන් වනිගසේකර, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජේ.එච් හේමචන්ද්‍ර යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

ජාතීන් අතර අවබෝධය ඇති කරලීමට ඇති හොඳම විසඳුම ඵලදායි සන්නිවේදනයට අවස්ථාව ලබාදීමයි- අධ්‍යාපන අමාත්‍ය

ජාතීන් හෝ ආගම් අනුව අපේ තරුණ පරපුරට බරපතළ වෙනස්කම් නොමැති බවත්, ඔවුන්ගේ මූලික අරමුණු එක හා සමාන...

රත් කලාට වැඩක් නෑ… ආහාරවල ඇෆ්ලටොක්සින් ඉවත් කරන විදිහ මෙන්න..

ආහාර සහ පාන වර්ගවල ඇති ඇෆ්ලටොක්සින් පිළිකාකාරක රත් කිරීමෙන් ඉවත් කළ නොහැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය...

රත්මලාන ගුවන්තොටුපල විනෝදාස්වාදය කේන්ද්‍රකරගත් ගුවන් මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනයට සැලසුම් – සංචාරක ඇමති

රත්මලාන ගුවන්තොටුපොළ විනෝදාස්වාද ගුවන් ගමන් (Leisure Flying) මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. දේශීය ගුවන් කේන්ද්‍රස්ථානයක්...

ආණ්ඩුවේ ඉන්නවා නම් ආණ්ඩුව විවේචනය නොකරනු.. කට වහගනු..- ශ‍්‍රීලනිපයට දන්වයි…

ආණ්ඩුවේ සිටින්නේ නම් ආණ්ඩුව විවේචනය නොකර සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා දැනගත යුතු බව අමාත්‍ය රෝහිත...

කිරුළපන සිරි ඇලන් මැතිණියාරාමයේ දානමය පින්කම ජනපති සහභාගිත්වයෙන්

කිරුළපන සිරි ඇලන් මැතිණියාරාමයේ අභිනවයෙන් ඉදිකළ දාන ශාලාව, ගිනි හල් ගෙය, ආවාස මන්දිරය සහ සක්මන් භාවනා උද්‍යානය...