Sunday, August 1, 2021

භාරතීය ජනතා පක්‍ෂය මෙරටට එන්න හදන්නේ නැගෙනහිර ජැටිය නොදුන් කෝපයෙන් විය හැකියි..

Must read

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

මාධ්‍ය ඔස්සේ පළ වී තිබෙන භාරතීය ජනතා පක්ෂයේ නායකයෙක් යටතේ ශ්‍රී ලංකාවේ රජයක් පිහිටුවන බව ඉන්දීය අමාත්‍යවරයෙක් විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධව මාධ්‍යවේදීන් පිරිසක් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් කරුණු විමසා සිටියේය.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාව නිදහස් හා ස්වාධීන රටක්. ඊට බාධා කරන්නට හෝ අත පොවන්නට හෝ කිසිදු රටකට ඉඩක් හෝ අයිතියක් නොමැති බවයි.

ජනමාධ්‍ය තුළ පළ වී ඇති අදාළ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් සත්‍ය අසත්‍යතාවය ගැන තමන් නොදන්නා බව කී අමාත්‍යවරයා නිදහස් රටක් වශයෙන් එවැනි අත පෙවීම් කවර රටක් වුවද සිදු කරන්නේ ඒ සඳහා වත්මන් රජය වශයෙන් විරෝධය පළ කරන බවත් සඳහන් කළේය.

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියානු සමාගමකට නොදීම නිසා මෙවැනි අදහසක් ප්‍රකාශ කලා දැයි මාධ්‍ය වේදීන් අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය. දේශීය සම්පත් ඉන්දියාවට නොව වෙනත් කවර රටකට වුව පැවරීම සම්බන්ධව තමන් කවදත් විරුද්ධ බව අමාත්‍යවරයා කීය.

ඇතැම් විට මෙවැනි මතයක් ඉන්දීය දේශපාලනඥයෙක් විසින් ප්‍රකාශ කරන ලද්දේ ජැටිය ඉනිදීය සමාගමට නොදුන් නිසා විය හැකි යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

අප රටේ රජයක් පිහිටුවන්නේ මේ රටේ ජනතාව මිස ඉන්දියාවේ ජනතාව නොවන බවත්, රටේ භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරීභාවය ආරක්ෂා කර ගැනීම සඳහා රටක ජනතාව විසින් රජයන් පත් කර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ලොක්ඩවුන් ගැන ඖෂධ ඇමති කියයි…

මේ මොහොතේ රට වසා දැමීම සම්බන්ධයෙන් ගනු ලබන්නේ දේශපාලන තීන්දුවක් නොව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ ඒකාබද්ධව ගනු...