Sunday, April 18, 2021

රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව ඉහළට – පරීක්ෂණ 5060 ක් සම්පුර්ණ කරයි

Must read

ජාතීන් අතර අවබෝධය ඇති කරලීමට ඇති හොඳම විසඳුම ඵලදායි සන්නිවේදනයට අවස්ථාව ලබාදීමයි- අධ්‍යාපන අමාත්‍ය

ජාතීන් හෝ ආගම් අනුව අපේ තරුණ පරපුරට බරපතළ වෙනස්කම් නොමැති බවත්, ඔවුන්ගේ මූලික අරමුණු එක හා සමාන...

රත් කලාට වැඩක් නෑ… ආහාරවල ඇෆ්ලටොක්සින් ඉවත් කරන විදිහ මෙන්න..

ආහාර සහ පාන වර්ගවල ඇති ඇෆ්ලටොක්සින් පිළිකාකාරක රත් කිරීමෙන් ඉවත් කළ නොහැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය...

රත්මලාන ගුවන්තොටුපල විනෝදාස්වාදය කේන්ද්‍රකරගත් ගුවන් මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනයට සැලසුම් – සංචාරක ඇමති

රත්මලාන ගුවන්තොටුපොළ විනෝදාස්වාද ගුවන් ගමන් (Leisure Flying) මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. දේශීය ගුවන් කේන්ද්‍රස්ථානයක්...

ආණ්ඩුවේ ඉන්නවා නම් ආණ්ඩුව විවේචනය නොකරනු.. කට වහගනු..- ශ‍්‍රීලනිපයට දන්වයි…

ආණ්ඩුවේ සිටින්නේ නම් ආණ්ඩුව විවේචනය නොකර සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා දැනගත යුතු බව අමාත්‍ය රෝහිත...

2021 ජනවාරි වන විට රස පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සිදු කරන පරික්ෂණ සාමාන්‍යය ඉක්මවා යමින් සියයට එකසිය හතරක (104%) අගයක් ලබාගැනීමට හැකිවී ඇති බවත් වත්මන් රජය විසින් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු කාර්යක්ෂම කිරීමේ අරමුණින් එහි ධාරීතාව වැඩි කර , සේවක සංඛ්‍යාව වැඩි කිරීම තුළින් මෙම අගය ලබාගැනීමට හැකිවූ බවත්, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අධිකරණවල පවතින අවශ්‍යතා සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරතවු අවස්ථාවේදී තිස්සමහාරාම හම්බන්තොට හා තංගල්ල අධිකරණ සංකීර්ණවල ඉදිරි සංවර්ධන වැඩ සටහන් පිළිබදව නිරීක්ෂණයක අතරතුරදී මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඒ අනුව මෙම වසරේ ජනවාරී මාසය තුළ පමණක් පරීක්ෂණ සාමාන්‍ය අගය වන 4828 අභිබවා පරීක්ෂණ 5060 ක් සම්පුර්ණ කර ඇති බවත්, අවම වශයෙන් මසක් තුළ වාර්තා ලබාදීය හැකි මට්ටමට රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ගෙන එන බවත් ජනාධීපති නීතිඥ අලි ශබ්රි මහතා පැවසීය.

හම්බන්තොට හා තිස්සමහාරාම අධිකරණ තුළ විභාග වන විශාල නඩු සංඛ්‍යාවක් පවතින බැවින් එය අවම කිරීමට එම අධිකරණ දෙක තුළ වැඩි ඉඩකඩ පහසුකම් සහිතව නව අධිකරණ ශාලා ස්ථාපිත කිරීම ,කෙටි කාලීන හා දිගු කාලීන වශයෙන් පියවර දෙකක් යටතේ කඩිනමින් සිදු කළ යුතු බවටත්, හම්බන්තොට අධිකරණ පරිශ්‍රයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් සුදුසු භූමියක් තෝරා නව අධිකරණ සංකීර්ණයක් ඉදි කිරීම පිළිබදව සොයා බැලීමටත් මෙහිදී යෝජනා විය.

අධිකරණවල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේදී එය වසර 30 ක් 35 ක් ඉදිරිය දෙස බලා සිදු කළ යුතු බවත්, නඩු ප්‍රමාදය අවම කිරීම සදහා දැනට පවතින අධිකරණ සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ දැමිය යුතු බවත් ,ඒ සදහා නව ක්‍රමවේදයක් යටතේ ඉදිරියට යාමේ වැඩ පිළිවෙළක් මේ වන විටත් ආරම්භ කර ඇති බැවින් සියලු දෙනාගේ සහාය ඒ සදහා අවශ්‍ය වන බවත් ,අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

ජාතීන් අතර අවබෝධය ඇති කරලීමට ඇති හොඳම විසඳුම ඵලදායි සන්නිවේදනයට අවස්ථාව ලබාදීමයි- අධ්‍යාපන අමාත්‍ය

ජාතීන් හෝ ආගම් අනුව අපේ තරුණ පරපුරට බරපතළ වෙනස්කම් නොමැති බවත්, ඔවුන්ගේ මූලික අරමුණු එක හා සමාන...

රත් කලාට වැඩක් නෑ… ආහාරවල ඇෆ්ලටොක්සින් ඉවත් කරන විදිහ මෙන්න..

ආහාර සහ පාන වර්ගවල ඇති ඇෆ්ලටොක්සින් පිළිකාකාරක රත් කිරීමෙන් ඉවත් කළ නොහැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය...

රත්මලාන ගුවන්තොටුපල විනෝදාස්වාදය කේන්ද්‍රකරගත් ගුවන් මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනයට සැලසුම් – සංචාරක ඇමති

රත්මලාන ගුවන්තොටුපොළ විනෝදාස්වාද ගුවන් ගමන් (Leisure Flying) මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. දේශීය ගුවන් කේන්ද්‍රස්ථානයක්...

ආණ්ඩුවේ ඉන්නවා නම් ආණ්ඩුව විවේචනය නොකරනු.. කට වහගනු..- ශ‍්‍රීලනිපයට දන්වයි…

ආණ්ඩුවේ සිටින්නේ නම් ආණ්ඩුව විවේචනය නොකර සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා දැනගත යුතු බව අමාත්‍ය රෝහිත...

කිරුළපන සිරි ඇලන් මැතිණියාරාමයේ දානමය පින්කම ජනපති සහභාගිත්වයෙන්

කිරුළපන සිරි ඇලන් මැතිණියාරාමයේ අභිනවයෙන් ඉදිකළ දාන ශාලාව, ගිනි හල් ගෙය, ආවාස මන්දිරය සහ සක්මන් භාවනා උද්‍යානය...