Sunday, August 1, 2021

දීඝවාපීය ප්‍රතිසංස්කරණ අරමුදලට යුද්ධ හමුදාවෙන් රුපියල් මිලියන දහයක්…

Must read

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ඓතිහාසික ‘දීඝවාපිය’ මහා සෑය ප්‍රතිසංස්කරණය කිරිමේ අරමුදල වෙනුවෙන් රුපියල් මිලියන දයහක මුදලක් ශ්‍රි ලංකා යුද්ධ හමුදාව විසින් පරිත්‍යාග කරන ලදී.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් මෙම මුදල් පරිත්‍යාගය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පසුගිය 12 වැනිදා භාර දුන්නේ  කොළඹ ශ්‍රී සම්බෝධි විහාරයේ දී පැවැත්වූ ඓතිහාසික ‘දීඝවාපිය’ මහා සෑය ප්‍රතිසංස්කරණය කිරීමේ අරමුදල පිහිටවූ අවස්ථාවේදීය.

වසර ගණනාවක් මුලුල්ලේ ප්‍රතිසංස්කරණයකින් තොරව පැවතුන ශ්‍රී ලංකාවේ ඓතිහාසික සොලොස් මස්ථානයන්ගෙන් එක් ආගමික ස්ථානයක් වන ‘දීඝවාපිය’ ස්ථූපය ප්‍රතිසංස්කරණය වෙනුවෙන්  ජනාධිපති කාර්ය සාධක බලකායක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිහිටවූ අතර එහි පූර්ණ අධීක්ෂණය යටතේ යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් ගුවන් හා නාවික හමුදාවලත් පොලිස් දෙපාර්තමේන්තුව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේත් දායකත්වය ඇතිව ස්ථූපයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේවන විට ආරම්භ කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අරමුදල පිහිටුවීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා, නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය, මහජන ආරක්‍ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර, ජාතික උරුම හා ප්‍රසාංගික කලා අමාත්‍ය ගරු විදුර වික්‍රමනායක මැතිතුමන්, අග්‍රාමාත්‍ය ලේකම්, ආරක්ෂක ලේකම් සහ ජාතික ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ සහ නැගෙනහිර පළාත් පුරාවිද්‍යා උරුම කළමනාකරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික), බෞද්ධ කටයුතු අමාත්‍යංශයේ ලේකම් කපිල ගුණවර්ධන මහතා, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති, ගුවන් හමුදාධිපති, පොලිස්පති, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරල් සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරල් අරුණ මනතුංග ආදී මහත්ම මහත්මීන් රැසක් සහභාගී වූහ.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ලොක්ඩවුන් ගැන ඖෂධ ඇමති කියයි…

මේ මොහොතේ රට වසා දැමීම සම්බන්ධයෙන් ගනු ලබන්නේ දේශපාලන තීන්දුවක් නොව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ ඒකාබද්ධව ගනු...