Wednesday, April 21, 2021

‘මහත්මාගාන්ධි ශිෂ්‍යත්ව වැඩසටහනේ’ 12 වැනි ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කරයි

Must read

ඉදිරි වසර 02 තුළදී ක්‍රීඩකයන් සඳහා ශිෂ්‍යත්ව සියයක් – විදේශීය ක්‍රීඩා පුහුණු සංචිත වලට යොමු කරවීමට පියවර- ක්‍රීඩා අමාත්‍ය

ඉදිරි වසර 02 තුළදී ක්‍රීඩකයන් සඳහා ශිෂ්‍යත්ව සියයක් ලබා දෙමින් , ඔවුන් විදේශීය ක්‍රීඩා පුහුණු සංචිත වලට...

ශ‍්‍රි ලංකාව ඉන්දියාව මෙන් මහා කොරෝනා රැල්ලක් ඉදිරියේ.. රට විවෘතව තැබීම අවදානම්… දැඩි අනතුරු ඇගවේ..

රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයන් ඉදිරි දිනවලදී ඉන්දියාවේ වත්මන් තත්ත්වය මෙන් බරපතළ වනු ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ...

පාර්ලිමේන්තුව දින 04ක් රැස්වේ

පාර්ලිමේන්තු රැස්වීම් අප්‍රේල් (20) සිට ලබන අප්‍රේල් 23 වනදා දක්වා පෙරවරු 10.00 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට ...

අධ්‍යාපන අමාත්‍යාංශයත්, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයත් එක්ව වසරක් පාසා අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන ‘මහත්මාගාන්ධි ශිෂ්‍යත්ව වැඩසටහනේ’ 12 වැනි ශිෂ්‍යත්ව ප්‍රදාන උළෙල ඊයේ (11) අධ්‍යාපන අමාත්‍යාංශයීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මැතිතුමන්ගේ සහ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට අධ්‍යාපන උපදේශක ගෝපාලන් නාරායනන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල සී.කේ.පෙරේරා, අතිරේක ලේකම් (පාසල් කටයුතු) එල්.එම්.ඩී.ධර්මසේන, අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

ශ්‍රේෂ්ඨ නායකයෙක් සහ මානුෂවාදියකු ලෙස ලොව ප්‍රකට මහත්මා ගාන්ධිතුමාගේ ආදර්ශයන් ජීවිතවලට එකතු කරගැනීම ඔහුට කරන ලොකු ම ගෞරවය බව, මෙහි දී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය සහ ඉන්දීය රජය මඟින් මෙම ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන 12 වන වතාවටත් අඛණ්ඩ ව පැවැත්වීම පිළිබඳ අපි ඒ අයට ස්තූතිවන්ත වෙනවා. ඔවුන්ගේ මිත්‍රත්වයේ දෑත දිගුකිරීම සම්බන්ධ ව. එමෙන් ම අපොස සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් ම සමත් වුණු අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වෙනුවෙන් මේ ප්‍රදානයන් සිදු කිරීම සම්බන්ධ ව ද සතුට පළ කරන්න කැමතියි. මහත්මා ගාන්ධිතුමා සතුව පැවති වැදගත් ම ගුණාංගය තමයි මානුෂවාදය. එතුමා කුලය නිසා, ධනය නිසා, බලය නිසා, සහ වැන්දඹු වීම වැනි තත්ත්වයන් මත අසාධාරණයට පත් වුණු ජනතාව වෙනුවෙන් පෙනී සිටියා. ඔවුන්ට යහපත් සහ ගෞරවාන්විත ජීවිතයක් ලබාදීම වෙනුවෙන් පෙනී සිටියා. එතුමාගේ එම මානුෂීය ගුණාංගයන් ඔබේ ජීවිතවලටත් ආදේශ කර ගන්න” .යැයි ද ප්‍රකාශ කළේය.

තමා පසුගිය සතියේ යාපනයේ පාසල්වල සංචාරය කළ අතර, දරුවන්, දෙමාපියන්, විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන බලධාරීන් මුණගැසී එහිදී කළ සාකච්ඡාවන්ගෙන් හෙළි වූයේ ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීම සියලු දෙනාගේ අවශ්‍යතාව වී ඇති බවත්, ක්‍රීඩා තරග, සංස්කෘතික උත්සව ආදියට උතුරේ දරුවන්ට දකුණේ දරුවන් හා සම්බන්ධවීමට ඉඩප්‍රස්ථා ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටි බවත්, සෑම දරුවකුගේ ම අභිලාෂය සාර්ථක ජීවිතයක් ගත කිරීම බව ද සියලු පාර්ශවයන්හි සහයෝගය ලබාගනිමින් ඒ සඳහා අවශ්‍ය පසුබිම සකසා දෙන්නට විෂය භාර අමාත්‍යවරයා වශයෙන් තමා සූදානම් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

2006 වසරේ සිට ක්‍රියාත්මක වන මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මුල් අදියරේදී දීපව්‍යාප්ත මට්ටමින් තෝරාගත් උසස් පෙළ සිසුන් 100කට ශිෂ්‍යාධාර ලබාදුන් අතර මේ වනවිට සිසු සිසුවියන් 150 දෙනෙකු වෙත මසකට රු.2500/= බැගින් උසස් පෙළ හදාරනු ලබන වර්ෂ දෙකක අධ්‍යයන කාලය මුළුල්ලෙහි ශිෂ්‍යාධාර ලබාදීම සිදුකෙරේ. දිස්ත්‍රික් මට්ටමින් සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහල ප්‍රවීණතාවය ලබා ඇති වාර්ෂික ආදායම රු.120,000/= ට අඩු ආදායමක් ලබන දෙමව්පියන්ගේ දරුවන් මෙම ශිෂ්‍යත්වය සඳහා තෝරාගැනේ.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

ඉදිරි වසර 02 තුළදී ක්‍රීඩකයන් සඳහා ශිෂ්‍යත්ව සියයක් – විදේශීය ක්‍රීඩා පුහුණු සංචිත වලට යොමු කරවීමට පියවර- ක්‍රීඩා අමාත්‍ය

ඉදිරි වසර 02 තුළදී ක්‍රීඩකයන් සඳහා ශිෂ්‍යත්ව සියයක් ලබා දෙමින් , ඔවුන් විදේශීය ක්‍රීඩා පුහුණු සංචිත වලට...

ශ‍්‍රි ලංකාව ඉන්දියාව මෙන් මහා කොරෝනා රැල්ලක් ඉදිරියේ.. රට විවෘතව තැබීම අවදානම්… දැඩි අනතුරු ඇගවේ..

රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයන් ඉදිරි දිනවලදී ඉන්දියාවේ වත්මන් තත්ත්වය මෙන් බරපතළ වනු ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ...

පාර්ලිමේන්තුව දින 04ක් රැස්වේ

පාර්ලිමේන්තු රැස්වීම් අප්‍රේල් (20) සිට ලබන අප්‍රේල් 23 වනදා දක්වා පෙරවරු 10.00 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට ...

ශ‍්‍රීලනිපය මැයි දිනයේදී පොහොට්ටුවෙන් වෙන් වෙයි.. වෙනම මැයි රැළියක්.. මහ ලේකම් නිල ලෙස කියයි…

ඉදිරි මැයි පළවෙනිදාට යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් තම පක්ෂය වෙනම මැයි රැලියක් පැවැත්වීමට තීරණය කර...