Thursday, May 13, 2021

මහින්ද නැවත නැගිටවන්න විමල් කිසි දෙයක් කලේ නෑ.. ප‍්‍රාදේශීය මන්ත‍්‍රීන් ඔහුට වඩා වැඩ කලා.. විමල් ලග සිටින විදෙස් ඔත්තුකරුවා වසන්ත බණ්ඩාරයි..- පතිරණ

Must read

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

මහින්ද රාජපක්ෂ නැවත නැගිට්ටම සඳහා විමල් වීරවංශ වැන්නන් කළ කිසිවක් නැතැයි ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ආචාර්ය මහින්ද පතිරණ මහතා සඳහන් කරයි.

ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීලා වීරවංශ මහතාට වඩා වැඩ කල බව ඒ මහතා කියයි.

ඔහු පෙන්වා දෙන්නේ මහින්ද නැවත නැගිටින්නේ මහින්ද බැසිල් ගෝඨාභය තිදෙනා විසින් කළ කාර්යයක් නිසා බවයි.

ඔහු මෙසේ සඳහන් කරමින් ඔහු තම සමාජ ජල ගිණුමේ සටහනක් තබා ඇත.

විමල් වීරවංශ මහතා ළඟ සිටින විදෙස් ඔත්තුකරුවා වෛද්‍ය වසන්ත බණ්ඩාර බවත් ඔහු තවත් සටහනක සදහන් කර ඇත.

“වැල්වටාරම් අවශ්‍ය නැත. මහින්ද නැවත නැගිටින්නේ මහින්ද බැසිල් ගෝඨාභය යන තිදෙනා විසින් 2005-2015 අතර කාලයේ දී යුද්ධය අවසන් කොට රටේ ආර්ථිකය තිබුණ තැන සිට හතර ගුණයකින් ඔසවා තැබූ නිසා මිස අනෙකක් නිසා නොවේ.

විමල් වීරවංශ වැන්නන් එම ව්‍යාපෘතිය තුළ කළ කිසිවක් නැත. එහෙත් එකක් කළේය. ඒ රාජපක්ෂවරුන්ගේ සාර්ථකත්වය හමුවේ ඔවුන්ගේ වේදිකාව වටා රැස්වූ ජනතාව ඉදිරියේ කතා පැවැත්වීමයි. කතා පැවැත්වීම හැර වීරවංශ මහතා විසින් රට වෙනුවෙන් කළ එක ජාතික කාර්යභාරක් නම් කරන්න. කිසිවක් නැත. ඇත්ත තත්වය එයයි.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඔහුට වඩා ජනතාව වෙනුවෙන් වැඩ කොට ඇත. මහින්ද පරාජයෙන් පසු ද විමල් කළේ ද නැගී එන මහින්ද රැල්ලට කතා කිරීම පමණි. විමල් වීරවංශ විසින් මහින්ද සුළඟ නිර්මාණය කළේ යැයි කියන අයගේ අඥානකම ගැන අපට කළ හැක්කේ සිනාසීම පමණි.

ඒ කෙසේ වෙතත්, මොහොතකට සිතන්න වීරවංශ මහතා මහා දේශපාලන චරිතයක් කියා. එසේ නම් ඔහු විසින් කළ යුත්තේ තම පක්ෂයෙන් තනිව ඡන්දය ඉල්ලා පාර්ලිමේන්තුට පත්වීමයි. එම අභියෝගය ඔහු විසින් බාර නොගැනීම යනු කවුරු කෙසේ කොහොම කීවද විමල් තම ඇඟිල්ලේ තරම ගැන අවබෝධයෙන් සිටින බවයි.”

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ලොක්ඩවුන් ගැන ඖෂධ ඇමති කියයි…

මේ මොහොතේ රට වසා දැමීම සම්බන්ධයෙන් ගනු ලබන්නේ දේශපාලන තීන්දුවක් නොව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ ඒකාබද්ධව ගනු...