Thursday, April 22, 2021

2021 දී ඇමරිකානු ඩොලර් බිලියනයක ආදායමක් සංචාරක කර්මාන්තය තුළින් ඉපයීමට අවශ්‍ය සැළසුම් සකස්කර ක්‍රියාත්මක කළ යුතුයි

Must read

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ තබන්නේ නෑ – අමාත්‍ය නාමල් රාජපක්ෂ

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ නොතබන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා (21) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

VVIP ප‍්‍රභූ පිරිසක් විශේෂ ගුවන් යානයකින් කෙන්යාවට.. නිරූපිකාවන්ද එක්වෙයි..

අති විශේෂ ප්‍රභූන් පිරිසක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් එළඹෙන 29 වැනිදා කෙන්යාවේ නයිරෝබි ගුවන්තොටුපල වෙත යාමට...

සෞදි බන්ධනාගාරවල සිටින ලාංකික කතුන් වහාම ලංකාවට ගෙන්වන්න වැඩපිළිවෙළක් ඇරඹෙයි

සෞදි අරාබියේ රැඳවුම් කඳවුරවල හෙවත් බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික කතුන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා...

• සංචාරක ක්ෂේත්‍රයේ යේදී ඇති සියලුදෙනා කොවිඩ් 19 එන්නත්කරණයට අවධානය යොමු කෙරේ…..
-ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන්කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ

මෙම වසර තුළ ඇමරිකානු ඩොලර් බිලියනයක ආදායමක් සංචාරක කර්මාන්තය තුළින් ඉපයීමට අවශ්‍ය සැළසුම් සකස්කර ක්‍රියාත්මක කරන්නැයි ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධීපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා සංචාරක ක්ෂේත්‍රයේ නිලධාරීන්ට උපදෙස් දෙයි.

ජාතික ආර්ථිකය ගොඩනැංවීම සඳහා අපනයන ක්ෂේත්‍රයෙන් උපයන මුදල් පමණක් ප්‍රමාණවත් නොවන බව පෙන්වා දුන් ඒ මහතා සඳහන් කර සිටියේ ජාතික ආර්ථීකය ගොඩනැගීම සඳහා සංචාරක ක්ෂේත්‍රයේ සහය අත්‍යාවශ්‍ය බවයි.

  අරලියගහ මන්දිරයේ  ( 08 )පැවති සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ සාකච්ඡාවට එක්වෙමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

කොවිඩ් 19 වෛරසය පැතිරීමත් සමඟ සමස්ථ සංචාරක ක්ෂේත්‍රය කඩා වැටුණු අතර නව සාමාන්‍ය තත්ත්වය යටතේ රටවල් බොහෝමයක් නැවතත් තම රටවල සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ තරඟයක නිරත වී සිටින බවද බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

සංචාරය සඳහා ආරක්ෂිත සහ සුදුසු රටවල් අතර විදේශ සංචාරකයින්ගේ පළමු තොරාගැනීම් රටවල් දහය තුළ ශ්‍රී ලංකාව සිටින අතර සංචාරකයින් ආකර්ෂණය කරගැනීම සඳහා නව සැළසුම් දියත් කරන ලෙසද ඒ මහතා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධීකාරියට උපදෙස් ලබාදුන්නේය.

එමෙන්ම සංචාරක කර්මාන්තය හා බැඳුණු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා සහාය වීම සම්බන්දයෙන්ද මෙම සාකච්ඡාවේදි අවධානය යොමු කෙරිණි.

‘ගම සමඟ පිළිසඳරක් තුළින් වැඩ සමඟ යළි ගමට’ වැඩසටහන හරහා ගමේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන්ම ගම සංවර්ධනය කිරීමටද රජය කටයුතු කරන බව පෙන්වා දුන් ඒ මහතා මේ තුළින් සෑම ගමකටම සංචාරක ව්‍යාපාරය හරහා මුදල් ගලායාමේ ක්‍රමවේදයක් සකස් කරන බවද කියා සිටියේය.

මෙම සාකච්ඡාව සඳහා අමාත්‍ය ප්‍රසන්න රණතුංග,රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.වී.චානක, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් සහභාගි වූහ.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ තබන්නේ නෑ – අමාත්‍ය නාමල් රාජපක්ෂ

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ නොතබන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා (21) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

VVIP ප‍්‍රභූ පිරිසක් විශේෂ ගුවන් යානයකින් කෙන්යාවට.. නිරූපිකාවන්ද එක්වෙයි..

අති විශේෂ ප්‍රභූන් පිරිසක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් එළඹෙන 29 වැනිදා කෙන්යාවේ නයිරෝබි ගුවන්තොටුපල වෙත යාමට...

සෞදි බන්ධනාගාරවල සිටින ලාංකික කතුන් වහාම ලංකාවට ගෙන්වන්න වැඩපිළිවෙළක් ඇරඹෙයි

සෞදි අරාබියේ රැඳවුම් කඳවුරවල හෙවත් බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික කතුන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා...

යාපනය පොලිසියෙන් කොරෝනා පොකුරක්….

යාපනය පොලිස් ස්ථානයේ සේවයේ නිරත පොලිස් නිලධාරීන් 11 දෙනෙකුට එක් දිනක් තුලදී කොරෝණා වෛරසය ආසාදනය වී ඇති...