Tuesday, June 22, 2021

දාරලුව ක්‍රොඩියා සෙයිලනිකා දුර්ලභ ශාකය කපා දැමීමට කිසිසේත්ම ඉඩ තබන්නේ නෑ

Must read

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

දාරලුව ක්‍රොඩියා සෙයිලනිකා දුර්ලභ ශාකය කපා දැමීමට කිසිසේත්ම ඉඩ නොදෙන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ගම්පහ දාරලුව දුම්රිය ස්ථානය ඉදිරිපිට තිබෙන ශ්‍රී ලංකාවේ වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා තිබෙන ශාකයක් වන ක්‍රොඩියා සෙයිලනිකා වෘක්ෂය සම්බන්ධව මෙම දිනවල පළ වී ඇති පුවත්

සම්බන්ධයෙන් තම අවධානය යොමු වී ඇති බවත් කිසිදු පුද්ගලයෙකුට එම ගස කපා ඉවත් කිරීමට ඉඩ නොදෙන බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

ගාල්ල රූමස්සල සොබා කෙත පරිසර කේන්ද්‍රයේ (08) දින පැවති රුක් රෝපණ වැඩසටහනකදී අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය.

එම දුර්ලභ ශාකය වැනි තවත් දුර්ලභ ශාක විශේෂ රැසක් අප රටේ තිබෙනවා. එම ශාක මෙන්ම දාරලුව පිහිටි මෙම ශාකය ආරක්ෂා කර ගැනීම සඳහා මම අදාල අංශ සමඟ සාකච්ඡා කළා.

මාර්ග සංවර්ධන අධිකාරියටත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවටත් මම ඊයේ මේ සම්බන්දව කතා කළා. මම එම නිලධාරින්ට උපදෙස් දුන්නා කිසිසේත්ම මෙම ශාකය කපා දැමීමට කටයුතු නොකරන ලෙසත් එයට විකල්ප වැඩ පිළිවෙලක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවත් ඒ අනුව අධිවේගී මාර්ගය එම ශාකය අසලින් වෙනස් කර ඉදිකිරීම හෝ ඒ සම්බන්ධව ගැටළු පැන නගින්නේ නම් නව තාක්ෂණය යොදා ගෙන මෙම ගස ආරක්ෂිතව ගලවා සුදුසු පරිසරයක නැවත රෝපණය කිරීම සඳහා පියවර ගන්නා බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

එමෙන්ම මෙම සතිය තුළ මධ්‍යම පරිසර අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු සියළුම පාර්ශව සමඟ දාරලුව ගොස් සාකච්ඡා කර එම ශාකය ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය සියළුම පියවර ගන්නා බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ලොක්ඩවුන් ගැන ඖෂධ ඇමති කියයි…

මේ මොහොතේ රට වසා දැමීම සම්බන්ධයෙන් ගනු ලබන්නේ දේශපාලන තීන්දුවක් නොව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ ඒකාබද්ධව ගනු...