Sunday, August 1, 2021

“මිහිඳු නිවහන” භික්ෂූන් වහන්සේලාගේ දෙමව්පිය හිසට පමණක් නොව ශාසනයටත් සෙවණ දෙන වැඩපිළිවෙළක් – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

Must read

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

“මිහිඳු නිවහන” ව්‍යාපෘතිය භික්ෂූන් වහන්සේලාගේ දෙමව්පිය හිසට පමණක් නොව ශාසනයටත් සෙවණ දෙන වැඩපිළිවෙළක් යැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 07 දින පැවසීය.

සියඹලාණ්ඩුව බුද්ධම පුරාණ රජමහා විහාරස්ථානයේ දී “මිහිඳු නිවහන” ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය.

නාගරික සංවර්ධන හා නිවාස අමත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව සසුන්ගතව මහණ දම් පුරමින් සම්බුදු සසුන රැක ගැනීම උදෙසා තම කුල දරුවන් ශාසනයට පූජා කළ මව්පියන්ට උපහාර පිණිස “මිහිඳු නිවහන” නිවාස ව්‍යාපෘතිය ආරම්භ වේ.

ඒ අනුව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව මෙහයවීමෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාමක කෙරේ.

හැවන්වැරෑව ග්‍රාමයේ බුද්ධම කෝසල හා බුද්ධම නන්දරතන හිමිවරුන්ගේ දෙමාපියන්වන ඩී.එම් සීලවතී සහ ඩී.එම් කිරිබණ්ඩා වෙනුවෙන් ඉදිකෙරෙන “මිහිඳු නිවහන” සදහා රාජ්‍ය අමාත්‍යවරුන්වන ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ ඉන්දික අනුරුද්ධ මහත්වරු මෙදින මුල්ගල තැබූහ.

මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් “මිහිඳු නිවහන” ව්‍යාපෘතියේ සන්නස් පත්‍රය මීරිගම මිණිඔලුව විද්‍යාවාස මහ පිරිවෙන් විහාරාධිපති,අග්ගමහා පණ්ඩිත, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අති පූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල මහා නාහිමියන්ට පිළිගැන්නුවේය.

ප්‍රතිලාභීන් උදෙසා පළමු දීමනා චෙක්පත් ප්‍රදානය කිරීම සංකේතවත් කළ අග්‍රාමාත්‍යතුමා, ප්‍රතිලාභීන්වන එන්.එම් විජේකෝන් බණ්ඩා, බී.ආර්.එම් ගුණසේකර, ඒ.එම් සෝමසිරි වෙත පළමු දීමනා චෙක්පත් ප්‍රදානය කළේය.

“මිහිඳු නිවහන” ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය.

මම ඉතාමත් සතුටු වෙනවා බුද්ධම රජමහා විහාරස්ථානයට ඇවිත් මේ වගේ මහා පිංකමකට සම්බන්ධ වෙන්න ලැබීම ගැන. මම හිතනවා ශාසනය වෙනුවෙන් අපේ ලංකා ඉතිහාසයේ කවදාවත් මේ ආකාරයේ පිංකමක් ක්‍රියාත්මක කරන්න නැතුව ඇති කියලා. මේ මහා නිවාස ව්‍යාපෘතිය අපි වෙන් කරන්නේ අපේ භික්ෂූන් වහන්සේලාගේ දෙමව්පියන් වෙනුවෙන්.

මේ ව්‍යාපෘතිය නම් කරලා තියෙන්නේ “මිහිඳු නිවහන” ව්‍යාපෘතිය නමින්.

අපි මේ නිවාස ව්‍යාපෘතිය ඒ නමින් නම් කරන්නේ මේ රටට බුදුදහම ගෙනාපු ඒ ශ්‍රේෂ්ඨ මිහිඳු මාහිමියන්ව සිහිපත් කරන්න. මිහිඳු මාහිමියන් වහන්සේ එදා ධර්මය විතරක් නෙමෙයි මහා ශිෂ්ටාචාරයකුත් මේ රටේ ආරම්භ කරන්න පදනම දැම්මා. මිහිඳු හිමියන් වෙනුවෙන් දේවානම්පියතිස්ස රජතුමා එක දවසක් තුළ ගෙයක් ඉදිකරලා ,ඒ ගෙදර මැටි බිත්ති වේලන්න හුළු එළි ඇල්ලුවා කියලා තමයි ඉතිහාස කථාවල තියෙන්නේ.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ලොක්ඩවුන් ගැන ඖෂධ ඇමති කියයි…

මේ මොහොතේ රට වසා දැමීම සම්බන්ධයෙන් ගනු ලබන්නේ දේශපාලන තීන්දුවක් නොව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ ඒකාබද්ධව ගනු...