
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ පර්පෙච්චුවල් ට්රෂරීස් හිමිකරු අර්ජුන ඇලෝසියස් රුපියල් ලක්ෂ 5 බැගින් වූ මුදල් ඇප සහ ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද කටයුතු කළේය.
ඔවුනට එරෙහිව අල්ලස් චෝදනා එල්ල කරමින් මහාධිකරණය හමුවේ අධිචෝදනා අද දිනයේ භාරදුන් පසු මෙම ඇප නියම කිරීම සිදු කළේය.
මෙම දෙදෙනාට විදෙස් ගමන් තහනම් කරන ලද අතර විදේශ ගමන් බලපත්‍ර අධිකරණය හමුවට බාරදීමට නියෝග කෙරිණි.