Thursday, April 22, 2021

කුරුන්දමලේ විහාරය සංරක්ෂණය කිරීමේ අයිතිය ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාවට වගේම මේ රටේ ජීවත් වන සියලුම ජනතාවට අයිති කාර්යයක්

Must read

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ තබන්නේ නෑ – අමාත්‍ය නාමල් රාජපක්ෂ

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ නොතබන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා (21) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

VVIP ප‍්‍රභූ පිරිසක් විශේෂ ගුවන් යානයකින් කෙන්යාවට.. නිරූපිකාවන්ද එක්වෙයි..

අති විශේෂ ප්‍රභූන් පිරිසක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් එළඹෙන 29 වැනිදා කෙන්යාවේ නයිරෝබි ගුවන්තොටුපල වෙත යාමට...

සෞදි බන්ධනාගාරවල සිටින ලාංකික කතුන් වහාම ලංකාවට ගෙන්වන්න වැඩපිළිවෙළක් ඇරඹෙයි

සෞදි අරාබියේ රැඳවුම් කඳවුරවල හෙවත් බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික කතුන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා...

කුරුන්දමලේ විහාරය සංරක්ෂණය කිරීමේ අයිතිය ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාවට වගේම මේ රටේ ජීවත් වන සියලුම ජනතාවට අයිති කාර්යයක්..
– මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී අධිකාරී

කුරුන්දමලේ විහාරය සංරක්ෂණය කිරීමේ අයිතිය ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාවට වගේම මේ රටේ ජීවත් වන සියලුම ජනතාවට අයිති කාර්යය භාරයක් බවත් ඔවුන් සියලු දෙනාම එකසේ මෙම කාර්යයට උදවු කළ යුතු අතරම ඒ සදහා සහභාගී විය යුතු බවද මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී අධිකාරී මහතා පැවසුවේය.


ඒ මහතා මේ බව පැවසුවේ අද (05) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේදී පුරාවිද්‍යාව සම්බන්ධව මතුවී ඇති ගැටලු පිළිබදව පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

කුරුන්දමලේ විහාරස්ථානයට නොබෝදා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුළු විශාල කණ්ඩායමක් ස්ථානය නැරඹීමට ගිය අතරම එය බෞද්ධ විහාරස්ථානයක් බව ඕනෑම කෙනෙකුට තේරුම් යන බවද ගාමිණී අධිකාරී මහතා පැවසුවේය.

බෞද්ධ විහාරස්ථානයක ඇති ගුණාංග එනම් කලකට පෙර නිදන් හොරැන් විසින් හාරන ලද දැවැන්ත ස්ථූපයක්, පිළිම ගෙවල්, සංඝයා වහන්සේලාට සිටීමට ආවාස ගෙවල්, බෝධිඝර ආදී සෑම දේකින්ම සමන්විත ස්ථානයක් වශයෙන් කුරුන්දුමලේ විහාරය හදුනාගත හැකි බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ගාමිණී අදිකාරී මහතා..
කුරුන්දුමලේ විහාරය ඉතාම වැදගත් ස්ථානයක් අපි සංරක්ෂණය කළ යුතු. ඒ වගේම අනිත් ස්ථානත් ඉතාම වැදගත්. නමුත් මේ ස්ථානයට සිදුවී ඇති හානිය තිස් අවුරුද්දක් පුරාවට වැවුණු කැලෑ වල ප්‍රතිඵලයක් ලෙස ස්ථූප හා ගොඩනැගිලි සිසිරා ගිය ගස් කොලන් වැවීම නිසා ස්මාරක වලට විශාල හානියක් සිදුවී තියෙනවා. ඒ නිසා ඒවා ක්‍රමානුකූලව ඉවත් කර සංරක්ෂණය කළ යුතුයි. මේ ස්ථානයේ පවතින සෙල්ලිපි තාමත් අප්‍රකාශිත මට්ටමේ පවතිනවා. ඒ සෙල්ලිපි වල මෙම විහාරස්ථානය රටේ අනෙකුත් දැවැන්ත අනුරාධපුර විහාරස්ථාන වලට සම්බන්ධකම් පැවැත්වූ බවට එළිපෙහෙළි වෙන කරුණුත් ඉදිරිපත් වෙමින් තිබෙනවා.

මහා රජවරුන් ගණනාවකගේ ආධාර උපකාර යටතේ වරින් වර සංරක්ෂණය වූ ස්ථානයක් බවත් ඉතාම පැහැදිලියි. මෙම ස්ථානය කැණීම් කිරීම ඉතාම වැදගත්. මේ ස්ථානය නැරඹීමට යන විට විශාල පිරිසකගේ හිතේ තිබුණේ මෙය දමිළ කණ්ඩායමට සම්බන්ධ වූ කෝවිලක් බවටයි. නමුත් කෝවිලකට අදාල දේවල් තාමත් අපිට මේ ස්ථානයෙන් හමුවෙලා නැහැ. ඉතාම ඉහල මට්ටමෙන් පවතින්නේ බෞද්ධ පුරාවස්තු. පසුකාලීනව දමිළ ජනතාව මේ ස්ථානයට ගිහිල්ලා ඔවුන්ගේ ත්‍රිශූලයක් මෙම ස්ථානයේ පිහිටුවා වන්දනාමාන කරලා තියෙනවා. අපිට දීර්ඝ වශයෙන් එය දකින්න නැහැ. එය තාවකාලිකව කළ සිදුකිරීමක් බව පැහැදිලියි. මේ තත්ත්වය යම් ප්‍රමාණයක අභාග්‍ය සම්පන්න තත්ත්වයක්. මෙය හුදෙක් දේශපාලනීකරණය මත ඇතිවූ කරුණක් මිසක් මෙය දමිළ ජනතාව අතර ඇති සිද්ධියක් නොවෙයි.

මධ්‍යම සංස්කෘතික අරමුදල උතුරු නැගෙනහිර ප්‍රදේශයේ විශාල වැඩ කොටසක් ආරම්භ කළා. ඒ ආරම්භ කළ සෑම වැඩකදීම වැඩිම පිරිසක් අප සමග සම්බන්ධ වී වැඩ කරන්නේ දමිළ ජනතාව. දෙමළ පුරාවිද්‍යාව ඉගෙනගත් කණ්ඩායම්. ඒ වගේම මුස්ලිම් කණ්ඩායමුත් අප සමග වැඩ කරනවා. සාමාන්‍ය ජනතාව අතර කිසි ලෙසකින් බෞද්ධද හින්දුද වශයෙන් මතිමතාන්තර ගැටීමක් නැහැ. මේවා හුදෙක් පුරා විද්‍යාත්මක වටිනාකම් තියෙන ජාතික ස්මාරක. ඇතැම්විට මේවා ජාත්‍යන්තරයට යන ස්මාරක. ලෝක උරුම බවට පත්කරන්න පුළුවන් ස්මාරක විදියට හදුන්වන්නට පුළුවන්. මේ ප්‍රදේශ දමිළ ජනතාව ජීවත් වුණු ප්‍රදේශ. එදා දමිළ ජනතාව ක්‍රිස්තු පූර්ව යුගයේ සිට මේ වෙහෙර විහාරස්ථාන නිර්මාණය කිරීම සදහා ඔවුන්ගේ දායකත්වය උපරිම වශයෙන් දීලා තියෙනවා. හිටපු දමිළ ජනතාව හින්දු හො බෞද්ධ බවට සාක්ෂි පුරාවිද්‍යාත්මකව හමුවී තියෙනවා. එදා මේ ජනතාව මෙම ස්ථාන තමන්ගේ පුරාවිද්‍යාත්මක පූජනීය ස්ථාන ලෙස සැලකුවා විනා ඔවුන් මේ පිළිබදව දේශපාලනීකරණයක් තිබුණු බව දක්නට නැහැ. මෙම තත්ත්වය වෙනස් වෙන්නේ පෘතුගීසීන්ගෙන් පසුව පැමිණි ප්‍රභල විදේශීය ආක්‍රමණ නිසා ඔවුන් විවිධ ආගම් වලට පරිවර්තනය වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙන්ම අතීත කණ්ඩායම් අප අතරින් නික්ම ගිය නිසා වර්තමාන කණ්ඩායම් වලට අතීතය අමතකව ගොස් ඇති බව විශ්වාස කරනවා.


උතුරු නැගෙනහිර දමිළ බෞද්ධයෝ මේවා ඉදිකිරීමේදී ඔවුන්ගේ අනුග්‍රහය දක්වන්නට ඇති. මේ වෙහෙර විහාරස්ථාන වල සිය ගණනින් වැඩසිටි භික්ෂූණ් වහන්සේලාට ඔවුන් සිවුපසයෙන් උපස්ථාන කරන්නට ඇති. වාර්ගික අර්බුදයක් සහ දේශපාලන ඝට්ටනයක් ඇතිකිරීමේ ප්‍රමුඛ කාර්යය තියෙන්නේ දේශපාලනඥයන්ට මිසක් සාමාන්‍ය ජනතාවට නොවෙයි.
ඉදිරියේදී සාමාන්‍ය දමිළ ජනතාවගේ නැගීසිටීම තුළින් බෞද්ධ පුනරුදය කාටද අයිති කියන දෙය සෙවීම නොව මේවා හුදෙක් පුරා විද්‍යාත්මක ස්ථාන ලෙස සංරක්ෂණය කිරීම ඉතාම යෝග්‍ය බව ගාමිණී මහතා වැඩිදුරටත් පැවසුවේය.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ තබන්නේ නෑ – අමාත්‍ය නාමල් රාජපක්ෂ

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ නොතබන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා (21) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

VVIP ප‍්‍රභූ පිරිසක් විශේෂ ගුවන් යානයකින් කෙන්යාවට.. නිරූපිකාවන්ද එක්වෙයි..

අති විශේෂ ප්‍රභූන් පිරිසක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් එළඹෙන 29 වැනිදා කෙන්යාවේ නයිරෝබි ගුවන්තොටුපල වෙත යාමට...

සෞදි බන්ධනාගාරවල සිටින ලාංකික කතුන් වහාම ලංකාවට ගෙන්වන්න වැඩපිළිවෙළක් ඇරඹෙයි

සෞදි අරාබියේ රැඳවුම් කඳවුරවල හෙවත් බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික කතුන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා...

යාපනය පොලිසියෙන් කොරෝනා පොකුරක්….

යාපනය පොලිස් ස්ථානයේ සේවයේ නිරත පොලිස් නිලධාරීන් 11 දෙනෙකුට එක් දිනක් තුලදී කොරෝණා වෛරසය ආසාදනය වී ඇති...