
කොළඹ සිටින ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා හා විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී තිබේ.
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ වරාය සංවර්ධන කටයුතු ගැන එහිදි සාකච්ඡා කර ඇති බවයි.
කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට ලබා නොදීමට සහ බටහිර පර්යන්තය විදේශ ආයෝජනයන් සමග එක්ව කිරීමට ශ්රී ලංකා රජය තීරණය කර ඇත.
එම තීරණයෙන් පසු මෙම හදිසි හමුව පැවැත්වී ඇත.