
කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ලබා දෙන්නේ 49% හා 51% අනුපාතයෙන් යයි පැවසුවත් එය සත්‍ය එය නොවන බව වරාය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
එමි ලේකම් ශ්‍යාමල් සුමනරත්න මහතා පවසන්නේ ඒ සදහා සූදානම් කර ඇති කැබිනට් පත්‍රිකාව අනුව රජයට අයත් වන්නේ 15%ක් පමණක් බවයි.
එය කැබිනට් පත්‍රිකාව එළැඹෙන සදුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වූ පසු රටට ආදරේ කරන දේශපාලඥයන් සහ ඩොලර්වලට ආදරය කරන දේශපාලකයන් වෙන්කර හඳුනාගැනීමට හැකිවනු ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.
වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීම සඳහා වූ යෝජනාවලිය අස්ගිරි මල්වතු මහනාහිමිවරුන්ට භාර දීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.