Sunday, April 18, 2021

වැඩි මිලට ගල් අඟුරු මිලදී ගත් බවට විපක්ෂය නඟන චෝදනාව බොරුවක් – අමාත්‍ය උදය ගම්මන්පිළ

Must read

ජාතීන් අතර අවබෝධය ඇති කරලීමට ඇති හොඳම විසඳුම ඵලදායි සන්නිවේදනයට අවස්ථාව ලබාදීමයි- අධ්‍යාපන අමාත්‍ය

ජාතීන් හෝ ආගම් අනුව අපේ තරුණ පරපුරට බරපතළ වෙනස්කම් නොමැති බවත්, ඔවුන්ගේ මූලික අරමුණු එක හා සමාන...

රත් කලාට වැඩක් නෑ… ආහාරවල ඇෆ්ලටොක්සින් ඉවත් කරන විදිහ මෙන්න..

ආහාර සහ පාන වර්ගවල ඇති ඇෆ්ලටොක්සින් පිළිකාකාරක රත් කිරීමෙන් ඉවත් කළ නොහැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය...

රත්මලාන ගුවන්තොටුපල විනෝදාස්වාදය කේන්ද්‍රකරගත් ගුවන් මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනයට සැලසුම් – සංචාරක ඇමති

රත්මලාන ගුවන්තොටුපොළ විනෝදාස්වාද ගුවන් ගමන් (Leisure Flying) මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. දේශීය ගුවන් කේන්ද්‍රස්ථානයක්...

ආණ්ඩුවේ ඉන්නවා නම් ආණ්ඩුව විවේචනය නොකරනු.. කට වහගනු..- ශ‍්‍රීලනිපයට දන්වයි…

ආණ්ඩුවේ සිටින්නේ නම් ආණ්ඩුව විවේචනය නොකර සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා දැනගත යුතු බව අමාත්‍ය රෝහිත...

විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු විසින් සඳහන් කරන ලද ගල් අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳව බරපතල සැකයක් මතුවෙන ආකාරයෙන් ස්පොට් ටෙන්ඩර් කිහිපයක් අවලංගු කරනු ලැබුවා” යන ප්‍රකාශය අසත්‍යක් බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.

විපක්ෂය විසින් නඟන ලද මෙම ප්‍රකාශය අසත්‍ය බව ලංකා ගල් අඟුරු සමාගම ඉතාම වගකීමෙන් යුතුව ප්‍රතික්ෂේප කරන බවත්, ස්පොට් ටෙන්ඩර් කිහිපයක් අවලංගු කර වැඩි මිලට ගනු ලබන බවට කරන ලද චෝදනාව පදනම් විරහිත, සාවද්‍ය චෝදනාවක් බවත් මෙහි දී අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.

එමෙන්ම, විපක්ෂය මිලදී ගත්තාට වඩා වැඩි ඉතාම තරඟකාරී මිල ගණන් වලට අනුව වර්තමාන ආණ්ඩුව විසින් මිල දී ගනු ලැබූ අතර කිසිඳු ටෙන්ඩරයක් අවලංගු කිරීමට කටයුතු නොකළ බවටත්, අඩුම ලංසුව ඉදිරිපත් කළ සැපයුම් කරුහට ටෙන්ඩරය ලබා දීමට කටයුතු කළ බවත්, ඔවුන් පසුව ගල් අඟුරු පටවන වරාය වෙනස් කර ගැනීම සඳහා අනුමැතිය ඉල්ලු බවත් උදය ගම්මන්පිල මහතා මෙහි දී ප්‍රකාශ කළේය.

වරාය වෙනස් කිරීම යනු මිල ගණන් වෙනස් වන බවත් එමඟින් අනිකුත් ටෙන්ඩර් කරුවන්ට අවාසියක් සිදු වන හෙයින් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම නිසා එකී සැපයුම්කරුවා ටෙන්ඩරයෙන් ඉවත් වූ බවත්, දෙවන සැපයුම්කරුවාගේ මිල පළමු සැපයුම්කරුවාගේ මිලට වඩා එනම්, මෙට්‍රික් ටොන් 01 කට ඩොලර් 07 කින් වැඩි වීම නිසාත්, එම ඩොලර් 07 කින් වැඩි වීම ජාත්‍යන්තර ගල් අඟුරු මිල දර්ශකය යේ මිල දර්ශකයේ මිල ගණන් වලට වඩා වැඩි අගයක් ගත් නිසාත් එම ටෙන්ඩරය අවලංගු කර නැවත මිල ගණන් කැඳවීමට කටයුතු කළ බවත් ඒ මහතා කියා සිටියේය.

ඒ අනුව, ආණ්ඩුව දුෂිත වන්නේ නම් සිදු කරන්නේ ඩොලර් 07 කින් වැඩි ටෙන්ඩරය මිල දී ගැනීම නමුත්, වත්මන් ආණ්ඩුව එසේ සිදු නොකර පළමුව ගැනුම්කරුගේ ඉල්ලීම සහ දෙවන ගැනුම්කරුට ටෙන්ඩරය ලබා නොදීමට තීරණය කිරීම මඟින් වර්තමාන රජය විසින් රටට වාසි දායක අයුරින් කටයුතු කර ඇති බව අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

ජාතීන් අතර අවබෝධය ඇති කරලීමට ඇති හොඳම විසඳුම ඵලදායි සන්නිවේදනයට අවස්ථාව ලබාදීමයි- අධ්‍යාපන අමාත්‍ය

ජාතීන් හෝ ආගම් අනුව අපේ තරුණ පරපුරට බරපතළ වෙනස්කම් නොමැති බවත්, ඔවුන්ගේ මූලික අරමුණු එක හා සමාන...

රත් කලාට වැඩක් නෑ… ආහාරවල ඇෆ්ලටොක්සින් ඉවත් කරන විදිහ මෙන්න..

ආහාර සහ පාන වර්ගවල ඇති ඇෆ්ලටොක්සින් පිළිකාකාරක රත් කිරීමෙන් ඉවත් කළ නොහැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය...

රත්මලාන ගුවන්තොටුපල විනෝදාස්වාදය කේන්ද්‍රකරගත් ගුවන් මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනයට සැලසුම් – සංචාරක ඇමති

රත්මලාන ගුවන්තොටුපොළ විනෝදාස්වාද ගුවන් ගමන් (Leisure Flying) මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. දේශීය ගුවන් කේන්ද්‍රස්ථානයක්...

ආණ්ඩුවේ ඉන්නවා නම් ආණ්ඩුව විවේචනය නොකරනු.. කට වහගනු..- ශ‍්‍රීලනිපයට දන්වයි…

ආණ්ඩුවේ සිටින්නේ නම් ආණ්ඩුව විවේචනය නොකර සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා දැනගත යුතු බව අමාත්‍ය රෝහිත...

කිරුළපන සිරි ඇලන් මැතිණියාරාමයේ දානමය පින්කම ජනපති සහභාගිත්වයෙන්

කිරුළපන සිරි ඇලන් මැතිණියාරාමයේ අභිනවයෙන් ඉදිකළ දාන ශාලාව, ගිනි හල් ගෙය, ආවාස මන්දිරය සහ සක්මන් භාවනා උද්‍යානය...