Sunday, April 18, 2021

නව අධිකරණ ශාලා 100ක් රටපුරා ස්ථාපිත කිරීමට පියවර- අධිකරණ පද්ධතියම ඩිජිටල්කරණය කිරීමට ද කටයුතු කෙරේ

Must read

ජාතීන් අතර අවබෝධය ඇති කරලීමට ඇති හොඳම විසඳුම ඵලදායි සන්නිවේදනයට අවස්ථාව ලබාදීමයි- අධ්‍යාපන අමාත්‍ය

ජාතීන් හෝ ආගම් අනුව අපේ තරුණ පරපුරට බරපතළ වෙනස්කම් නොමැති බවත්, ඔවුන්ගේ මූලික අරමුණු එක හා සමාන...

රත් කලාට වැඩක් නෑ… ආහාරවල ඇෆ්ලටොක්සින් ඉවත් කරන විදිහ මෙන්න..

ආහාර සහ පාන වර්ගවල ඇති ඇෆ්ලටොක්සින් පිළිකාකාරක රත් කිරීමෙන් ඉවත් කළ නොහැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය...

රත්මලාන ගුවන්තොටුපල විනෝදාස්වාදය කේන්ද්‍රකරගත් ගුවන් මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනයට සැලසුම් – සංචාරක ඇමති

රත්මලාන ගුවන්තොටුපොළ විනෝදාස්වාද ගුවන් ගමන් (Leisure Flying) මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. දේශීය ගුවන් කේන්ද්‍රස්ථානයක්...

ආණ්ඩුවේ ඉන්නවා නම් ආණ්ඩුව විවේචනය නොකරනු.. කට වහගනු..- ශ‍්‍රීලනිපයට දන්වයි…

ආණ්ඩුවේ සිටින්නේ නම් ආණ්ඩුව විවේචනය නොකර සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා දැනගත යුතු බව අමාත්‍ය රෝහිත...

නව අධිකරණ ශාලා 100ක් රටපුරා ස්ථාපිත කරනවා. මුළු අධිකරණ පද්ධතියම ඩිජිටල්කරණය කිරීමට කටයුතු කරනවා යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළේ, දේශීය අරමුදල් රුපියල් මිලියන 16,500ක වියදමින් ඉදිකිරීමට නියමිත අධිකරණ පියස ව්‍යාපෘතිය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට (25)දින  එක්වෙමිනි.එහිදී අදහස් පළ කළ අග්‍රාමාත්‍යතුමා මෙසේ ද සදහන් කළේය.


“අද ඇරඹෛන මේ අධිකරණ පියස නව ගොඩනැගිලි සංකීර්ණයට සමගාමීව රටපුරා නව අධිකරණ ශාලා 100ක් ස්ථාපිත වෙනවා. අධිකරණ ක්සේත්‍රයේ යටිතල පහසුකම් මේ ආකාරයට සංවර්ධනය වන විට නඩු විභාග කඩිනම් කොට ඒවායේ ප්‍රමාදයන් වළක්වා ගත හැකියි. මෙය ඓතිහාසික පියවරක ආරම්භය වන්නේ ඒ නිසයි දැනටමත් වීඩියෝ තාක්ෂණය ඔස්සේ නඩු විභාග කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් ඒ තුළින් අධිකරණ ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව කිහිප ගුණයකින් ඉහළ දැමීමට කටයුතු කරනවා. මේ ආකාරයට භෞතික සංවර්ධනයෙන් පමණක් අධිකරණ ක්ෂේත්‍රය දියුණු වන්නේ නැහැ. ඒ සදහා මානව සම්පත සංවර්ධනය විය යුතුයි. නීති ක්ෂේත්‍රවලට අදාළ දේශිය අධ්‍යයන පහසුකම් ඒ වෙනුවෙන් අප පුළුල් කරනවා. ඒ විතරක් නොවෙයි ඔවුන්්ගේ පහසුකම් පිළිබදවත් අප අවධානයට යොමු කරනවා අද ඇරඹෙන අධිකරණ පියසෙන් ඒ වෙනුවෙන් ප්‍රමුඛත්වයක් ලැබෙන බව” ද අග්‍රාමාත්‍යතුමා පැවසීය.

 මුල් අවස්ථා අධිකරණ නඩුවක් වසරක කාලයක් තුලත් උපරිමාධිකරණ නඩුවක් මාස 06ක කාලයක් තුලත් විසඳා අවසන් කිරීම රජයේ අරමුණයි.
 අධිකරණ යාන්ත්‍රණය යාවත්කාලීන කොට දියුණු රටවල් සමඟ ගැලපෙන පරිදි ප්‍රථම රටවල් පනහ අතරට ලංකාවේ අධිකරණ ක්‍රියාවලිය ගෙන ඒමට නම් දිගුකාලීන සැලසුමක් ඇතිව විශාල පරිවර්තනයක් කලයුතුයි.

අධිකරණ ඇමති පවසයි.

අධිකරණ පියස ව්‍යාපෘතිය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි  මහතා සඳහන් කළේ, අළුත්කඩේ යන්න නීති වෘත්තියේ හා අධිකරණ ක්ෂේත්‍රයේ හදවත බවයි. මෙරට නීති පද්ධතියේ සිදුවන වෙනස්කම් වල හා ප්‍රගතීන් වල කැඩපතක් ලෙස අළුත්කඩේ උසාවි සංකීර්ණය දෙස ජනතාව බලා සිටින බවත් ජනතාව හා ජනතාව අතරත් , ජනතාව හා රජය අතරත් වරින්වර මතුවන ගැටළු කාර්යක්ෂම හා යුහුසුලුව අපක්ෂපාතීව විසඳාගැනීමේ ක්‍රියාවලිය අධිකරණයට භාරවී ඇති බවත් අමාත්‍යතුමා සදහන් කලේය. මෙරට අධිකරණ යාන්ත්‍රණය යාවත්කාලීන කොට අනෙකුත් දියුණු රටවල් සමඟ ගැලපෙන පරිදි අවම වශයෙන් ප්‍රථම රටවල් පනහ අතරට ලංකාවේ අධිකරණ ක්‍රියාවලිය ගෙන ඒමට නම් දිගුකාලීන සැලසුමක් ඇතිව විශාල පරිවර්තනයක් සිදු කලයුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

අමාත්‍යවරයා  සඳහන් කළේ , යල්පැනගිය නීති සංශෝධනය කොට වර්තමානයට ගැලපෙන පරිදි නීති හදුන්වා දී, නවීන තාක්ෂණය නීති ගැටළු විසදීමට යොදා ගනිමින් වීඩියෝ තාක්ෂණය තුළින් සාක්ෂි ඉදිරිපත් කිරීම දක්වා දිගුකාලීන වැඩපිළිවෙලත් මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතින බවයි.

අධිකණ පියස ව්‍යාපෘතිය අවසානයේදී අළුත්කඩේ උසාවි සංකීර්ණය වෙනස් වන අතර මහාධිකරණ, සිවිල් අභියාචනාධිකරණ , වාණිජ මහාධිකරණ, දිසා අධිකරණ , මහේස්ත්‍රාත් අධිකරණ ඇතුලු අධිකරණ පද්ධතිය මෙම පරිශ්‍රය තුළ ස්ථානගත වන අතර මෙය මෙරට අධිකරණ ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් ගොඩනැගීමේ හැරවුම් ලක්ෂය වනු ඇති බවත් මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 16.5ක මුදලක් ඇස්තමේන්තුගත කර ඇති බවත් කොළඹ නගරය තුළ මේ සඳහා වෙන්කර ඇති අක්කර 06ක ඉඩමේ වටිනාකම ද සැලකීමේදී ව්‍යාපෘතියේ මුලු වටිනාකම රුපියල් බිලියන 30ක් ඉක්මවා යන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.


බරපතල නොවන රථවාහන වැරදි සඳහා දඩමුදල් ගෙවීමේදී අධිකරණ වල පැය ගණන් කාලය නිකරුනේ ගෙවා දමනවා වෙනුවට හැකි සෑම අවස්ථාවකදීම අන්තර්ජාලය භාවිතා කරමින් දඩ මුදල් ගෙවීමට අවකාශය සලසාදීමේ ජනතා කේන්ද්‍රීය අධිකරණ පද්ධතියක් ගොඩනැගීමට කාලය එළඹ ඇති බවත් සඳහන් කල අමාත්‍යතුමා පෙන්වා දුන්නේ වත්මන් රජයේ අරමුණ, අතිගරු ජනාධිපතිතුමා ලබාදී ඇති උපදෙස් අනුව මුල් අවස්ථා අධිකරණ නඩුවක් වසරක කාලයක් තුලක් උපරිමාධිකරණ නඩුවක් මාස 06ක කාලයක් තුලත් විසඳා අවසන් කල යුතු බවයි.

මුල්ගල තැබීමේ අවස්ථාවට අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය, කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ , බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ , බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක සහ නීතිපති දප්පුල ද ලිවේරා, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නෙ ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස යන මහත්ම මහත්මීන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් විනිසුරුවරුන් නීතිඥවරුන් රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්විය

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

ජාතීන් අතර අවබෝධය ඇති කරලීමට ඇති හොඳම විසඳුම ඵලදායි සන්නිවේදනයට අවස්ථාව ලබාදීමයි- අධ්‍යාපන අමාත්‍ය

ජාතීන් හෝ ආගම් අනුව අපේ තරුණ පරපුරට බරපතළ වෙනස්කම් නොමැති බවත්, ඔවුන්ගේ මූලික අරමුණු එක හා සමාන...

රත් කලාට වැඩක් නෑ… ආහාරවල ඇෆ්ලටොක්සින් ඉවත් කරන විදිහ මෙන්න..

ආහාර සහ පාන වර්ගවල ඇති ඇෆ්ලටොක්සින් පිළිකාකාරක රත් කිරීමෙන් ඉවත් කළ නොහැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය...

රත්මලාන ගුවන්තොටුපල විනෝදාස්වාදය කේන්ද්‍රකරගත් ගුවන් මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනයට සැලසුම් – සංචාරක ඇමති

රත්මලාන ගුවන්තොටුපොළ විනෝදාස්වාද ගුවන් ගමන් (Leisure Flying) මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. දේශීය ගුවන් කේන්ද්‍රස්ථානයක්...

ආණ්ඩුවේ ඉන්නවා නම් ආණ්ඩුව විවේචනය නොකරනු.. කට වහගනු..- ශ‍්‍රීලනිපයට දන්වයි…

ආණ්ඩුවේ සිටින්නේ නම් ආණ්ඩුව විවේචනය නොකර සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා දැනගත යුතු බව අමාත්‍ය රෝහිත...

කිරුළපන සිරි ඇලන් මැතිණියාරාමයේ දානමය පින්කම ජනපති සහභාගිත්වයෙන්

කිරුළපන සිරි ඇලන් මැතිණියාරාමයේ අභිනවයෙන් ඉදිකළ දාන ශාලාව, ගිනි හල් ගෙය, ආවාස මන්දිරය සහ සක්මන් භාවනා උද්‍යානය...