Thursday, June 24, 2021

සුරකිමු ගංගා” ශ්‍රී ලාංකේය ගංගා සංරක්ෂණ වැඩසටහන පරිසර අමාත්‍යාංශයෙහි ප්‍රමුඛතම කාර්යය ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම්

Must read

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

රට හදන සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්තියේ තිරසර පරිසර ප්‍රතිපත්තියට අනුකූලව ශ්‍රී ලංකාවේ ගංගා පද්ධතිය සුරක්ෂිත කිරීම උදෙසා මෙරට පිහිටි ගංගා 103 ම පුනරුත්ථාපනය කොට ආරක්ෂා කිරීම වෙනුවෙන් “සුරකිමු ගංගා” ජාතික පාරිසරික වැඩසටහන ක්‍රියාවට නැංවීම 2021 වසරෙහි පරිසර අමාත්‍යාංශයෙහි ප්‍රමුඛතම කාර්යය ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර ඇත.

අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ගරු පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා විසින් ඉදිරපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශකට අනුව 2020 වසරේ සිට මෙම ජාතික පාරිසරික සංරක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ සමීක්ෂණ ආරම්භ කිරීමේ කටයුතු යොදා ඇති අතර අයවැය යෝජනාවෙන් රුපියල් මිලියන 200ක මුදලක් මූලික පියවර සඳහා වෙන්කර ඇත.

“සුරකිමු ගංගා” ජාතික පාරිසරික වැඩසටහන මැණික් ගඟ සංරක්ෂණයෙන් ආරම්භ කිරීමට ප්‍රථම ක්ෂේත්‍ර පරීක්ෂණයක් පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ගේ මූලිකත්වයෙන් 2021 ජනවාරි මස 17 වන දින සිදුකරන ලදි. එහිදී හඳුනාගත් සියළු කරුණු සාකච්ඡා කළ අතර, මෙහි මූලික පියවර වශයෙන් ශ්‍රී ලංකාව තුළ ඇති ගංගා 103ම මධ්‍යම පරිසර අධිකාරිය විසින් මූලික නිරීක්ෂණයට භාජනය කරමින් එහි සිදුවන හානි සහ එම හානි ඇති කරන ප්‍රභවයන් 10,377 ක් හඳුනා ගෙන ඇති බවත්, ඉන් ප්‍රධාන පරිසර පද්ධතියට හානි පමුණුවන ප්‍රධාන ගැට‍ලු ලෙස පවතින ගංගා ඉවුරු ඛාදනය වන ස්ථාන 70ක් , ගඟේ ඉවුර අත්පත්කර ගැනීම් ස්ථාන 63ක්, අනවසර හා අවිධිමත් වැලි හා මැණික් කැනීම් ස්ථාන 52ක්, නාගරික අපද්‍රව්‍ය බැහැර කිරීම් ස්ථාන 31ක්, බුත්තල හා කතරගම නගර ආශ්‍රිතව සිදුවන අප ජලය බැහැර කරන ස්ථාන 26ක්, අවිධිම් ආකාරයෙන් ජලය නිස්සාර‍ණය කිරීමේ ස්ථාන 23ක්, කෘෂිකාර්මික බිම් මගින් ජලය බැහැර කිරීමේ ස්ථාන 12ක්, මළ අපසන්දන බැහැර කිරීමේ ස්ථාන 07ක්, අනවසර ඉදිකිරීම් 10ක් මැණික් ගඟ ආශ්‍රිත හඳුනා ගැනීම් විශේෂිත ගැටළු බැවින් ඒ සඳහා කඩිනමින් පියවර ගන්නා බවද එම සාකච්ඡාවේ දී තීරණය වුණි.

කි.මී. 114ක දුරක ප්‍රමාණයක විහිදෙන මැණික් ගඟ, බදුල්ල මොනරාගල හා හම්බන්තොට යන දිස්ත්‍රික්ක 03 හරහා ගලා බසියි. මෙම ගඟෙහි ද්‍රෝණිය පිහිටා ඇති ප්‍රදේශය යාල වනෝද්‍යානයෙන් ව.කි.මී. 544ක් වන ගඟෙහි ජල පෝ‍ෂක ප්‍රමාණය ව.කි.මී. 1272ක පැතිර

පවතින අතර ස්වාභාවික වාර්ෂික ජල ප්‍රවාහාය කියුබික් මීටර මිලියන 347ක් වන මැණික් ගඟෙහි ගැටලු සියල්ල වැළැක්වීමට දැනුවත් කිරීමෙන් සහ නීතිමය වශයෙන් නිසි අධීක්ෂණය යටතේ ක්‍රියාමාර්ග ගැනීමට පරිසර අමාත්‍යාංශයේ සහ පරිසර අධිකාරියේ මූලිකත්වයෙන් සිදුවේ.

මේ වැඩසටහන වෙනුවෙන් පරිසර අමාත‍්‍යාංශය හා මධ්‍යම පරිසර අධිකාරිය හා සම්බන්ධ වෙමින් කතරගම දේවාල භූමි අභිනමාරාම විහාරාධිපති ස්වාමීන් වහන්සේ, රුහුණු කතරගම මහදේවාලයේ බස්නායක නිලමේ ඇතුළු මොනරාගල දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය සභාවේ සභාපති, ප්‍රාදේශීය ලේකම්, වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍යාංශය, ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් රැසක් සහභාගී වූහ.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ලොක්ඩවුන් ගැන ඖෂධ ඇමති කියයි…

මේ මොහොතේ රට වසා දැමීම සම්බන්ධයෙන් ගනු ලබන්නේ දේශපාලන තීන්දුවක් නොව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ ඒකාබද්ධව ගනු...