Sunday, April 18, 2021

නාවික හමුදාව මගින් අපදාවට පත් ධීවර යාත්‍රාවක් නිරුපද්‍රිතව බේරාගැනේ

Must read

ජාතීන් අතර අවබෝධය ඇති කරලීමට ඇති හොඳම විසඳුම ඵලදායි සන්නිවේදනයට අවස්ථාව ලබාදීමයි- අධ්‍යාපන අමාත්‍ය

ජාතීන් හෝ ආගම් අනුව අපේ තරුණ පරපුරට බරපතළ වෙනස්කම් නොමැති බවත්, ඔවුන්ගේ මූලික අරමුණු එක හා සමාන...

රත් කලාට වැඩක් නෑ… ආහාරවල ඇෆ්ලටොක්සින් ඉවත් කරන විදිහ මෙන්න..

ආහාර සහ පාන වර්ගවල ඇති ඇෆ්ලටොක්සින් පිළිකාකාරක රත් කිරීමෙන් ඉවත් කළ නොහැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය...

රත්මලාන ගුවන්තොටුපල විනෝදාස්වාදය කේන්ද්‍රකරගත් ගුවන් මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනයට සැලසුම් – සංචාරක ඇමති

රත්මලාන ගුවන්තොටුපොළ විනෝදාස්වාද ගුවන් ගමන් (Leisure Flying) මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. දේශීය ගුවන් කේන්ද්‍රස්ථානයක්...

ආණ්ඩුවේ ඉන්නවා නම් ආණ්ඩුව විවේචනය නොකරනු.. කට වහගනු..- ශ‍්‍රීලනිපයට දන්වයි…

ආණ්ඩුවේ සිටින්නේ නම් ආණ්ඩුව විවේචනය නොකර සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා දැනගත යුතු බව අමාත්‍ය රෝහිත...

සිලාවතුර ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් කාර්මික දෝෂයක් හේතුවෙන් ඉන්දියාවට අයත් සාගර කලාපය වෙත ගසාගෙන ගොස් තිබූ ඩිංගි යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයින් දෙදෙනා (02) නාවික හමුදා සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් මධ්‍යස්ථානයේ මැදිහත්වීම මත නිරුපද්‍රිතව මුදවාගැනීමට නාවික හමුදාව 15 වන දින කටයුතු කරන ලදී.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙතින් 2021 ජනවාරි මස 13වන දින සිලාවතුර ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ඩිංගි යාත්‍රාවක් (ලියාපදිංචි අංක OFRP –A-2657 PTM) එහි සිටි ධීවරයින් දෙදෙනා සමඟ අතුරුදන් වී ඇති බවත් එම යාත්‍රාව සොයා ගැනීම සඳහා සහාය වන ලෙසත් ශ්‍රී ලංකා නාවික හමුදාව දැනුවත් කරන ලදී. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව අදාල ඩිංගි යාත්‍රාව ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් ආරම්භ කළ අතර, නාවික හමුදා සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් මධ්‍යස්ථානය මගින් ‍මෙම අතුරුදන් වූ යාත්‍රාව පිළිබඳව ඉන්දියාවේ චෙන්නායි පිහිටි සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් මධ්‍යස්ථානය ද දැනුවත් කිරීමට කටයුතු කරන ලදි.

ඒ අනුව, එම ඩිංගි යාත්‍රාව එහි පිටත දහන යන්ත්‍රයේ ඇතිව තිබූ කාර්මික දෝශයක් හේතුවෙන් අන්තර්ජාතික මුහුදු සීමාවෙන් (IMBL) ඉන්දියාවට අයත් සාගර කළාපය වෙත ගසා ගෙන ගොස් තිබියදී ඉන්දියානු වෙරළාරක්‍ෂක නෞකාවක් මගින් සොයා ගන්නා ලද බව ‍ඉන්දියාවේ චෙන්නායි පිහිටි සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් මධ්‍යස්ථානය විසින් කොළඹ නාවික හමුදා සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් මධ්‍යස්ථානය දැනුවත් කරන ලදී. පසුව එම ඩිංගි යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් අන්තර්ජාතික මුහුදු සීමාවට (IMBL) රැගෙනඒමට ඉන්දියානු වෙරළාරක්‍ෂක නෞකාවක් කටයුතු කළ අතර ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් සමාරක්‍ෂා නෞකාව විසින් එම ඩිංගි යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් දෙදෙනා අන්තර්ජාතික මුහුදු සීමාවේදී ඉන්දියානු වෙරළාරක්‍ෂක නෞකාව වෙතින් භාරගෙන ගොඩබිම වෙත ආරක්‍ෂිතව ගෙන ඒමට 2021 ජනවාරි 15 වන දින කටයතු කරන ලදී.

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා සෞඛ්‍ය අංශ මගින් ලබාදී ඇති සියළු උපදෙස් අනුගමනය කරමින් මෙම සෙවීම් හා මුදවා ගැනීමේ මෙහෙයුම සිදු කිරීමට කටයුතු කරන ලදි. තවද, නාවික හමුදා සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් මධ්‍යස්ථානය මගින් 2020 වර්ෂයේදී සහ මෙම වසරේ ගතවූ කාලසීමාව තුලදී පමණක් ශ්‍රී ලංකාවට අයත් සෙවීම් හා මුදවා ගැනීමේ කළාපය තුල විවිධ ආපදාවන්ට ලක් වූ වෙළඳ නෞකා 48 ක් සහ ධීවර යාත්‍රා 123 ක් එම ආපදාවන්ගෙන් මුදවා ගැනීමට සම්බන්ධීකරණයවී කටයුතු කර ඇත. එමෙන්ම එම කාලසීමාව තුල මුහුදේදී ඇති වූ හදිසි ආපදා හා රෝගාබාධ හේතුවෙන් ජීවිත අවදානමට ලක්ව සිටි නාවිකයින් සහ ධීවරයන් 98 දෙනෙකුගේ ජීවිත මුදවා ගැනීමටද අවශ්‍ය කටයුතු සිදු කර ඇත.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

ජාතීන් අතර අවබෝධය ඇති කරලීමට ඇති හොඳම විසඳුම ඵලදායි සන්නිවේදනයට අවස්ථාව ලබාදීමයි- අධ්‍යාපන අමාත්‍ය

ජාතීන් හෝ ආගම් අනුව අපේ තරුණ පරපුරට බරපතළ වෙනස්කම් නොමැති බවත්, ඔවුන්ගේ මූලික අරමුණු එක හා සමාන...

රත් කලාට වැඩක් නෑ… ආහාරවල ඇෆ්ලටොක්සින් ඉවත් කරන විදිහ මෙන්න..

ආහාර සහ පාන වර්ගවල ඇති ඇෆ්ලටොක්සින් පිළිකාකාරක රත් කිරීමෙන් ඉවත් කළ නොහැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය...

රත්මලාන ගුවන්තොටුපල විනෝදාස්වාදය කේන්ද්‍රකරගත් ගුවන් මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනයට සැලසුම් – සංචාරක ඇමති

රත්මලාන ගුවන්තොටුපොළ විනෝදාස්වාද ගුවන් ගමන් (Leisure Flying) මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. දේශීය ගුවන් කේන්ද්‍රස්ථානයක්...

ආණ්ඩුවේ ඉන්නවා නම් ආණ්ඩුව විවේචනය නොකරනු.. කට වහගනු..- ශ‍්‍රීලනිපයට දන්වයි…

ආණ්ඩුවේ සිටින්නේ නම් ආණ්ඩුව විවේචනය නොකර සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා දැනගත යුතු බව අමාත්‍ය රෝහිත...

කිරුළපන සිරි ඇලන් මැතිණියාරාමයේ දානමය පින්කම ජනපති සහභාගිත්වයෙන්

කිරුළපන සිරි ඇලන් මැතිණියාරාමයේ අභිනවයෙන් ඉදිකළ දාන ශාලාව, ගිනි හල් ගෙය, ආවාස මන්දිරය සහ සක්මන් භාවනා උද්‍යානය...