Friday, May 14, 2021

සියලු වතු රෝහල් රජයට පවරා ගැනීමට කටයුතු කරනවා- සෞඛ්‍ය අමාත්‍ය

Must read

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

සියළුම වතු රෝහල් ඉදිරියේදී කැබිනට් පත්‍රිකාවක් මගින් රජයට පවරා ගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද(07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

තමා වතු රෝහල් කෙරෙහි ඉදිරියේදී විශේෂ අවධානයක් යොමු කරන බවද වතු රෝහල් දියුණු කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරිය වශයෙන් තමා කටයුතු කරන බවද අමාත්‍යවරිය සඳහන් කළාය. පාර්ලිමේන්තු මන්ත්‍රී වඩුවෙල් සුරේෂ් මහතා වතු රෝහල් සම්බන්ධයෙන් ඇසූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

මෙරට වෛද්‍යවරුන්ගේ හිගයක් පවතින බවත් එහෙත් හැකි පමණ වෛද්‍යවරු එම වතු රෝහල් වලට යෙදවීමට තමා බලාපොරොත්තු වන බවද අමාත්‍යවරිය සඳහන් කළාය.

වතුකරයේ ගිලන් රථසේවය ප්‍රමාණවත් නොවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩුවෙල් සුරේෂ් මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරිය සඳහන් කළේ මෙරට ගිලන්රථ ප්‍රමාණයේ හිගයක් පවතින බවත් සෑම දිස්ත්‍රික්කයකම එම හිගය පවතින බවයි.

ගිලන්රථ ලබා ගැනීම සඳහා මේ වන විටත් විවිධ රටවල් සමග සාකච්ඡා කරමින් සිටින බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය. කොවිඩ් අරමුදලට ලැබෙන මුදලින් කොටසක් ගිලන් රථ මිලට ගැනීම සම්බන්ධයෙන් ද තමා අවධානය යොමු කර ඇතැයි අමාත්‍යවරිය සඳහන් කළාය.

තවද දමිළ භාෂාව කතා කරන පවුල් සෞඛ්‍ය සේවිකාවන් වතුකරයේ රෝහල්වලට බඳවා ගැනීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කරන බව අමාත්‍යවරිය කීවාය.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ලොක්ඩවුන් ගැන ඖෂධ ඇමති කියයි…

මේ මොහොතේ රට වසා දැමීම සම්බන්ධයෙන් ගනු ලබන්නේ දේශපාලන තීන්දුවක් නොව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ ඒකාබද්ධව ගනු...