Sunday, August 1, 2021

පාසල් සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂණය වෙනුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව එක්වෙයි

Must read

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

පාසල් සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂණය වෙනුවෙන් ක්‍රියාවට නංවා ඇති සුරක්ෂා සිසු රක්ෂණාවරණයෙහි ප්‍රතිලාභ ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමග ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව එක්ව සිටී.

ඒ අනුව අදාළ ආයතනය සමඟ එකඟතා ගිවිසුම් අත්සන් තැබීම අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (04) අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදුකෙරිණි.

ප්‍රතිලාභ ගෙවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව 2020-05-31 සිට 2020-09-30 වන තෙක් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ පැවති එකඟතා ගිවිසුම දීර්ඝ කරමින් 2020-10-01 සිට 2020-12-01 තෙක් පැවති එකඟතාව, ඒ අනුව 2020-12-02 සිට 2021-12-01 තෙක් බලපවත්වන පරිදි තවදුරටත් දීර්ඝ කර තිබේ.

ඒ අනුව, 2020-05-30 දිනෙන් පසු සිදුවීම්වලට අදාළ සුරක්ෂා ප්‍රතිලාභ දීමනා ලබාගැනීම සඳහා අදාළ අයදුම්පත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙත යොමු කළ යුතුය.

මෙම රක්ෂණ හිමිකම් අයදුම්පත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කිරීමෙන් වළකින ලෙස දෙමව්පියන්, දූදරුවන් දැනුවත් කරන ලෙස කලාප අධ්‍යාපන කාර්යාල මගින් සියලු පරිවේණාධිපතිවරුන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් ලබා දී තිබේ.

ගිවිසුම් අලුත් කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ජගත් වැල්ලවත්ත මහතා ඇතුළු නියෝජිත පිරිසක් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවේ කමනි ගුණරත්න මහත්මිය ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ලොක්ඩවුන් ගැන ඖෂධ ඇමති කියයි…

මේ මොහොතේ රට වසා දැමීම සම්බන්ධයෙන් ගනු ලබන්නේ දේශපාලන තීන්දුවක් නොව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ ඒකාබද්ධව ගනු...