Tuesday, June 22, 2021

නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ජාතික ඒකාබද්ධ කමිටුව දැඩි විරෝධය..

Must read

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ජාතික ඒකාබද්ධ කමිටුව විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

යෝජිත “කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදු දීම” පිළිබඳව ජාතික ඒකාබද්ධ කමිටුවේ මාධ්‍ය ප්‍රකාශය

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ (කො.ව.නැ.ප./ECT) කොටසක් ඉන්දියානු සමාගමකට බදු දීමට රජය අදහස් කරමින් සිටින බවට වන මාධ්‍ය වාර්තා හේතුවෙන් ජාතික ඒකාබද්ධ කමිටුව (ජා.ඒ.ක./NJC) දැඩි ලෙස කණස්සලට පත්ව ඇති අතර එවැනි පියවරකට එරෙහිව අපගේ අප්‍රසාදය, නොමනාපය සහ ප්‍රබල විරෝධය මෙයින්  ප්‍රකාශ කිරීමට අපේක්ෂා කෙරෙයි.

පළමුකොට ම, උපාය මාර්ගික ජාතික වත්කම් අන්සතු කිරීමේ ප්‍රතිපත්තිය සහ භාවිතය අතිගරු ජනාධිපතිතුමාගේ  රජයක් විසින් අනුගමනය කළ නොහැකි බව සිහිපත් කළ යුතුව ඇත. ජා.ඒ.ක. ඒ් බව අවධාරණය කරන්නේ, අපගේ උපායමාර්ගික වත්කම් ආරක්ෂා කිරීම, අපේ රටේ ස්වෛරීභාවය හා ස්වාධීනත්වය අනතුරේ හෙළිමට තුඩු දිය හැකි කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවට අතිගරු ජනාධිපතිතුමන් විසින් සිය “සෞභාග්‍යයේ දැක්ම” තුළින් පැහැදිලිව ම පොරොන්දු වී ඇති බැවින් සහ ඒ් ප්‍රතිඥාව පදනම් කරගනිමින් මේ රටේ ජනතාව ජනාධිපතිවරයා තෝරා පත් කර ගත් බැවින්ය. ‍

වර්තමානයේ බලයේ සිටින දේශපාලන බලවේගයන් මීට වසරකට පමණ තමන් පෙර විපක්ෂයේ සිටියදී එවකට යහපාලන රජය විසින් චීනයට හම්බන්තොට වරාය බදු දීම දැඩි ලෙස විවේචනය කළ බවත්, ඉන්දියානු රජය සහ ජපාන රජය සමඟ ත්‍රෛපාර්ශවීය ‘සහයෝගිතා ගිවිසුමක්’ ඇති කර ගනිමින් කොළඹ දකුණු වරායේ නැගෙනහිර බහාලු පර්යන්තය අන්සතු කිරීමට ගත් උත්සාහය ද දැඩි ලෙස විවේචනය කළ බවත් අපට අමතක කළ නොහැකිය. මේ අනුව, ඉතා උපායමාර්ගික ජාතික වත්කමක් වන අපගේ කො.ව.නැ.ප.හි පැළපදියන්වීමට සහ එය පාලනය කිරීමට විදේශීය බලවතුන්ට හැකි  වන පරිදි විකිණීම, බදු දීම හෝ අවකාශ දීම සඳහා වැනි ඕනෑම පියවරක් අප කිසි විටෙක අපේක්ෂා  නොකළ හා මහජනතාවගේ බලාපොරොත්තු සුන් කරන ප්‍රතිවිරෝධයක් බවට පෙන්වා දිය යුතුව ඇත.

කො.ව.නැ.ප.හි කොටසක් බදු දීම පිළිබඳව ගෙනවිත් ඇති මෙම යෝජනාවට අදාළ පහත සඳහන් කරුණු වන පසුබිම,විකාශනය සහ අවදානම් පිළිබඳව ජා.ඒ්.ක. අතිගරු ජනාධිපතිතුමාගේ, ගරු අග්‍රාමාත්‍යතුමාගේ, අමාත්‍ය කැබිනට් මණ්ඩලයේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමු කිරීමට අපේක්ෂා කරයි:

  1. ගෝලීය සහ කලාපීය බලවතුන් අතර ජාත්‍යන්තර දේශපාලන බල අරගලයට අපේ මව්බිම ගොදුරු වීමට ඉඩ තැබීමට අපට හැකියාවක් නොමැත. දැනටමත් හම්බන්තොට වරාය අත්පත් කර ගැනීමට චීනයටත්,          ත්‍රිකුණාමල තෙල් ටැංකි අත්පත් කර ගැනීමට ඉන්දියාවටත් ඉඩ දී ඇති තත්ත්වය තුළ කොළඹ වරායේ         නැගෙනහිර පර්යන්තයට පයගැසීමට ඉන්දියාවට හෝ වෙනත් රටකට ඉඩ දීමේ බරපතල වරද අප රට             විසින් නොකළ යුතුය.
  2. නැගෙනහිර පර්යන්තය යනු ශ්‍රී ලංකා වරාය අධිකාරිය (ශ්‍රී.ලං.ව.අ.) සතු ගැඹුරට සැකසු පර්යන්තය වන අතර, ඒය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පූර්ණ පාලනය හා කළමනාකරණය යටතේ තබා ගත යුතු අතර ඒ්        බව නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම පිළිබඳව අධ්‍යනය කිරීම සඳහා පත් කරන ලද කමිටුව විසින්     ද නිර්දේශ කරනු ලැබ ඇත. ඕනෑම විදේශීය බලවේගයකට හෝ පෞද්ගලික සමාගමකට කො.ව.නැ.ප.        කුමන ආකාරයේ අන්සතු කිරීමක් සිදුකළහොත් නූතන නාවික  ව්‍යාපාරයේ පාලනය අපෙන් ගිලිහියාමට         ආදායම අහිමිවීමට අදාළ බරපතළ ව්‍යසනකාරි ප්‍රතිවිපාකවලට මුහුණ පෑමට ශ්‍රී.ලං.වා.අධිකාරියට සිදු වනු ඇත.
  3. ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් කො.ව.නැ.ප. ක්‍රමානුකූලව සංවර්ධනය කිරීම සඳහා වෙන් කරන ලද ප්‍රාග්ධන අරමුදල් ඇති බවත්, එහි ඩොලර් මිලියන සිය ගණනක් සංචිත ඇති බවත් අපි දැන සිටිමු. මීට         අමතරව, කො.ව.නැ.ප. දැනට පවතින ආකාරයටම ක්‍රියාත්මක වන විට ද, වාර්ෂිකව ඩොලර් මිලියන 50           කට ආසන්න මුදලක් උපයා ගත හැකි අතර, පර්යන්ත මෙහෙයුම් මගින් ඉපැයෙන තමන්ගේ ම සම්පත්           උපයෝගී කරගනිමින් අදියරෙන් අදියර වශයෙන් කො.ව.නැ.ප. තවදුරටත් සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා            වරාය අධිකාරියට හැකියාව ඇත. එබැවින්, ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ම කො.ව.නැ.ප. තමන් විසින්     සංවර්ධනය කිරීමට ශ්‍රී.ලං.වා.අධිකාරිය  සම්පත් නොමැති බවට සඳහන් කිරීම නිවැරදි නොවනවා පමණක්       නොව, මහජනතාව ද නොමඟ යවන්නා වූ ප්‍රකාශයන්ය.
  4. කො.ව.නැ.ප. සිය මෙහෙයුම් සිදුවන අතර ම ක්‍රමාණුකූලව සංවර්ධනය කිරීමට ශ්‍රී.ලං.ව.අධිකාරියට හැකි බව අපගේ විශ්වාසයි. ඒ බැවින්, ඒ් උදේසා එක් විදේශීය සමාගමක් සමඟ සාකච්ඡා කිරීමට රජය ගෙන        ඇති පියවර ජාතික අභිලාෂයන්ට සපුරා පටහැනි වන බවත්, විනිවිද පෙනෙන ප්‍රසම්පාදන මූලධර්ම    උල්ලංඝනය කරන බවත් ජා.ඒ.ක.හි අදහසයි. යම් හෙයකින්  දේශීය හෝ විදේශීය පුද්ගලික සම්පත් මේ         සඳහා සංචිත අවශ්‍ය යැයි යමකු උපකල්පනය කළ ද, එවැනි බාහිර ආයෝජනයක් අවශ්‍ය නම්, සිය             පුරවැසියාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ උපරිම වගකීම භාරව සිටින රජය විසින් කළ යුතුව තිබුණේ       වඩාත් සුදුසු දේශීය පෞද්ගලික අංශයේ සහ ඉන් පසුව ජාත්‍යන්තරයේ ආයෝජකයන් වෙතින් තරඟකාරී    මිල ගණන් කැඳවීමයි. තෝරාගත් එක් ආයෝජකයෙකු සමඟ පමණක් සාකච්ඡා කිරීමෙන් යම් සම්පතක්       කල්බදු දීමක දී හෝ විකිණීමකදී උපායමාර්ගිකව එහි උපරිම වටිනාකම ලබා ගැනීමේඅවස්ථාව ජාතියට           අහිමි වනු ඇත. මහජන ප්‍රසම්පාදනයේ විනිවිදභාවය සහතික කිරීමේ අරමුණෙන් ව්‍යවස්ථානුකූල කර තිබු      ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවට අදාළ වූ ව්‍යවස්ථා වගන්තීන් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින්        අවලංගු කරන ලද අවස්ථාවක දී මෙම කරුණ වඩාත් මහජන අවධානයට යොමු වී තිබිම දෛවයේ     සරදමක් වැනි ය.
  5. දැනට යෝජිත අපේක්ෂිත ගනුදෙනුව පිළිබඳ ගැඹුරින් තොරතුරු සොයා බැලීමේදී ජා.ඒ.ක. පුදුමයට පත් කරවන්නේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයෙන් 49%ක කොටස් ඉන්දියානු සමාගමකට බදු දීමට       අප රජයට සිදු වී ඇත්තේ 2019 මැයි 28 වැනි දින යහපාලන රජය, ඉන්දියාව සහ ජපානය සමග අත්සන්    කළ සහයෝගිතා ලියැවිල්ලෙන් අප ඒ් සඳහා බැඳී සිටින නිසා බවට මේ බදු යෝජනාව ඉදිරියට ගෙන             එන්නන් විසින් කෙරෙන ප්‍රකාශයන් තුළිනි. මෙය පදනම් විරහිත වූ තර්කයක් වන්නේ ඒම සහයෝගිතා             ලියවිල්ල හුදු ”සාකච්ඡා සම්මුතීන් උදෙසා කෙරෙන සැලසුමක්” පමණක් විනා කිසිඳු බැඳීමක් ඇති කරවන    ගිවිසුමක් නොවන බැවිනි. තව ද, එම ලියැවිල්ලේ එක් පාර්ශ්වයක් වූ ජපානය මේ වන විට ඉවත්ව ඇති            බැවින් ඒ් ඒකඟතාව අවලංගු වී ඇති හා තනි පාර්ශ්වයක් විසින් ක්‍රියාත්මක කළ නොහැකි ලියැවිල්ලක්          බවට පත්ව ඇත. එම ඒකඟතා ලියැවිල්ලේ අරමුණ වුයේ  ඉන්දියාවට සහ ජපානයට “සාමූහිකව 49% ක්”         ලබා දීම විනා කිසිදු තනි පාර්ශවයකට මුළු 49% ම ලබා දීමක් නොවන අතර එය ආණ්ඩු තුන ම එක්ව            විනා කිසි ලෙසක  ආණ්ඩු දෙකක් අතර පමණක් සාකච්ඡා කිරීමක් ද නොවේ. ඊට අමතරව, ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු වීරමාන්ත්‍රි මහතා, ඔහුගේ “Treaties on the Law of Contract     prevailing in Ceylon” නම් කෘතියේ සඳහන් කර ඇත්තේ, “පාර්ශ්වයන් අතර සාකච්ඡා පැවැත්වෙන තාක්     කල් එක් පාර්ශ්වයකට ඉවත් වීමට ඉඩ ඇති” බවය. එබැවින්, කොළඹ වරායේ කො.ව.නැ.ප. ව. අන්සතු       කිරීම අතහැර දැමීමට වත්මන් රජය දක්වන බව පෙනෙන අකැමැත්ත යුක්ති සහගත නොවන අතර, එය           කරුණු වැරදි ලෙස නිරූපණය කිරීමේ සහ මහජනයා නොමඟ යැවීමේ කනගාටුදායක උත්සාහයක් මිස             අන් කිසිවක් නොවේ.
  6. දැනට බලාත්මක නැති වූත් ”සාකච්ඡා සැලසුමක්” පමණක් වූ ලියැවිල්ලක් පදනම්ව තෝරාගත් එක් සමාගමක් සමඟ සාකච්ඡා පැවැත්වීමට රජය ගෙන ඇති පියවර පිළිගත නොහැකි බව ජා.ඒ.ක. තවදුරටත්   සඳහන් කරයි. එම ඒකඟතා ගිවිසුමට අනුව සලකා බැලුව ද, එකී සමාගම කිසි විටෙකත් එම ඒකඟතාවයේ      පාර්ශ්වකරුවෙකු නොවූ අතර, එහි හවුල්කාර රජයකට සිය අයිතිවාසිකම් සහ වගකීම් තෙවන             පාර්හ්වයකට පැවරිය හැකි බවට කිසිදු ප්‍රතිපාදනයක් එම ලියැවිල්ලේ නොමැත. එබැවින්, යම් විදේශීය           පාර්ශ්වයකට කො.ව.නැ.ප. හි කොටසක් අන්සතු කිරීමට වර්තමානයේ ගැනෙන ඕනෑම පියවරක් “නව           උත්සාහයක්” විනා එය පෙර පැවති ගිවිසුමක් මත සිදුකරන්නේ යැයි සාධාරණීකරණය කළ නොහැකිය.
  7. රජය විසින් සාකච්ඡා කිරීමට අදහස් කරන තෝරාගත් සමාගම ශ්‍රී ලංකාවේ වරායේ සෘජු තරඟකරුවෙකු වන අතර කොළඹ වරායෙන් සිදුකෙරෙන අතරමැදි භාණ්ඩ ප්‍රවාහන ව්‍යාපාරික කටයුතු කොළඹ වරායෙන්    ඉවතට ගෙන යාමේ නිශ්චිත අරමුණක් ඔවුන්ට ඇති බවට  ජා.ඒ.කමිටුවේ නිරීක්ෂණයයි.  මෙම සමාගම          මේ වන විට කේරළයේ විජින්ජම් වරාය ඇතුළු තරඟකාරී වරායන් කිහිපයක් දකුණු ආසියානු කලාපය තුළ        සංවර්ධනය කරමින් සිටින බව සැලකිල්ලට ගත යුතුය. එවැනි ආයෝජකයෙකු කොළඹ වරායේ        අභිවෘද්ධිය සඳහා කළමනාකරණ තීරණ ගනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි වන අතර, අපගේ වරාය            පසුබැස්සවීමට ඇති ඉඩකඩ බැහැර කළ නොහැක්කා වූ එ වැනි තරගකාරී සමාගමකට අපගේ       උපායමාර්ගික වශයෙන් වැදගත් වරාය පර්යන්තයක් කළමණාකරණය කිරීමට ආරාධනා කිරීම           අනුවණකමකි.
  8. මීට අමතරව, මෙම සමාගමට ඉන්දියාවේ සහ ඕස්ට්‍රේලියාවේ සමාජ විරෝධී හා පරිසර විරෝධී ක්‍රියා රාශියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බව ජා.ඒ.ක වෙත දැන ගැනීමට ලැබී ඇත. එවැනි කළමනාකරණ සහකරුවෙකුගෙන් සමාජමය වශයෙන් විචක්ෂණශීලී ක්‍රියාමාර්ගයක් අපේක්ෂා කළ             නොහැකි අතර, ඒ් තුළින් ශ්‍රී ලංකාවේ ඇති විය හැකි සමාජ ආර්ථික හා දේශපාලන අහිතකර බලපෑම් ද        නොසලකා හැරිය නොහැකිය.
  9. එපමණක් නොව, ඉන්දියානු සමාගමක් කොළඹ වරායට පය තබන්නේ නම්, කො.නැ.ව.ප. ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියානු ශ්‍රමය ආනයනය කිරීමේ ඇති ඉඩකඩ ද සුළුපටු නොවනු ඇති අතර එය වරායේ             මෙන්ම පොදුවේ දේශීය ආර්ථිකයේ සේවක සුභසාධනයට ද තර්ජනයක් වීමට ඉඩ ඇත. මේ තුළින්, පෙර   පාලන තන්ත්‍රය විසින් උත්සාහ කරන ලදුව මහජන විරෝධය හමුවේ හකුළාගන්නා ලද කුප්‍රකට ‘ආර්ථික     සහ තාක්ෂණ සහයෝගීතා ගිවිසුමත’ (ETCA) සඳහා ද යළි මග පෑදෙනු ඇත. එවකට විපක්ෂයේ සිටිමින්          ඊට ඒරෙහිව තමන් විසින් දියත් කෙරුනු  ලද විරෝධයන් වර්තමාන රජයේ දේශපාලකයන්ට නැවත        සිහිපත් කිරීමට ජා.ඒ.ක.ට සිදු වී තිබීම කනගාටුවට කරුණකි.

මේ සම්බන්ධව සැබෑ තොරතුරු මේ වැනි මූලෝපායික, උපායමාර්ගික වත්කම්ක සැබෑ හිමිකරුවන් වන මහජනතාව වෙත දැනුවත් කර නොමැතිව විම නිසා සහ ඒ සැබෑ හිමිකරුවන්ගෙන් නොවිමසා අදාළ ජාතික වත්කමේ කොටස් සම්බන්ධයෙන් විදේශ ආයතන සමඟ සාකච්ඡා පැවැත්වීම කටයුතු කර තිබීම මත ජා.ඒ.කමිටුවේ බලාපොරොත්තු සුන් වී ඇත. මෙවැනි පොදු වත්කම්වල භාරකරුවන් ලෙස කෙටි කාලයක් සඳහා තෝරා පත් කර ගැනෙන රජයන් තමන්ගේ ධූර කාලයන් ඉක්මවන  කාල පරාසයන් සඳහා සඳහා බලාත්මක කෙරෙන කල්බදු ගිවිසුම් සාකච්ඡා කිරිම පුරුවැසියන්ගේ ස්වෛරී අයිතීන් බරපතල ලෙස උල්ලංඝනය වීමට තුඩු දිය හැකිය. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 (ඩී) ව්‍යවස්ථාවට අනුව පොදු වත්කම් සුරක්ෂා කිරීම හා ආරක්ෂා කිරීම ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයෙකුගේම වගකීමක් වන අතර, ඒ් අනුව රජය වෙනුවෙන් තීරණ ගන්නන් විසින් තමන් භාරයේ ඇති පොදු දෙපොළ ඒ්වාට අදාළ හොඳම වටිනාකමක්  ලබා ගැනීම උදෙසා අවශ්‍ය තරඟකාරී ලංසු තැබීමෙන් තොරව සහ සැබෑ එවායේ සැබෑ අයිතිකරුවන් වන මේ රටේ පුරවැසියන්ගෙන් නොවිමසා අන්සතු කරන්නේ නම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව  උල්ලංඝනය කිරීමකි.

එබැවින්, අපේ මව්බිමේ ජාතික ආරක්ෂාව, ස්වාධීනත්වය සහ දේශපාලන-ආර්ථික ස්වෛරීභාවය අවදානමට හෙළීමට තුඩු දෙන්නා වූ මෙම කොළඹ වරායේ කො.නැ.ව.ප. කල්බද්දට ලබා දීමෙන් වළකින ලෙසත්, ශ්‍රී ලංකා වරාය අධිකාරිය හරහා සහ දේශීය ව්‍යවසායකත්වය තුළින් කොළඹ නැගෙනහිර වරාය පර්යන්තය සංවර්ධනය කිරීමට පියවර ගන්නා ලෙසත් අතිගරු ජනාධිපතිතුමන්ගෙන්, ගරු අග්‍රාමාත්‍යවරයාගෙන්, අමාත්‍ය මණ්ඩලයෙන් සහ පාර්ලි‍මේන්තුවෙන් ජාතික ඒකාබද්ධ කමිටුව ඉතා ඕනෑකමින් අපේක්ෂා කර සිටි.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ලොක්ඩවුන් ගැන ඖෂධ ඇමති කියයි…

මේ මොහොතේ රට වසා දැමීම සම්බන්ධයෙන් ගනු ලබන්නේ දේශපාලන තීන්දුවක් නොව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ ඒකාබද්ධව ගනු...