Sunday, April 18, 2021

සම්, සම් භාණ්ඩ, සහ ලෙදර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ ගැටළුවලට විසදුම්- සහාය ලබාදීමට උපදේශක කමිටුවක්

Must read

ජාතීන් අතර අවබෝධය ඇති කරලීමට ඇති හොඳම විසඳුම ඵලදායි සන්නිවේදනයට අවස්ථාව ලබාදීමයි- අධ්‍යාපන අමාත්‍ය

ජාතීන් හෝ ආගම් අනුව අපේ තරුණ පරපුරට බරපතළ වෙනස්කම් නොමැති බවත්, ඔවුන්ගේ මූලික අරමුණු එක හා සමාන...

රත් කලාට වැඩක් නෑ… ආහාරවල ඇෆ්ලටොක්සින් ඉවත් කරන විදිහ මෙන්න..

ආහාර සහ පාන වර්ගවල ඇති ඇෆ්ලටොක්සින් පිළිකාකාරක රත් කිරීමෙන් ඉවත් කළ නොහැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය...

රත්මලාන ගුවන්තොටුපල විනෝදාස්වාදය කේන්ද්‍රකරගත් ගුවන් මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනයට සැලසුම් – සංචාරක ඇමති

රත්මලාන ගුවන්තොටුපොළ විනෝදාස්වාද ගුවන් ගමන් (Leisure Flying) මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. දේශීය ගුවන් කේන්ද්‍රස්ථානයක්...

ආණ්ඩුවේ ඉන්නවා නම් ආණ්ඩුව විවේචනය නොකරනු.. කට වහගනු..- ශ‍්‍රීලනිපයට දන්වයි…

ආණ්ඩුවේ සිටින්නේ නම් ආණ්ඩුව විවේචනය නොකර සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා දැනගත යුතු බව අමාත්‍ය රෝහිත...

සම්, සම් භාණ්ඩ, සහ ලෙදර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ ගැටළුවලට විසදුම් ලබාදෙමින් එම කර්මාන්ත සදහා සහාය ලබාදීමට උපදේශක කමිටුවක් පත් කෙරේ.

සම්, සම් භාණ්ඩ, සහ ලෙදර් ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන්ගේ ගැටළුවලට විසදුම් ලබාදීමට උපදේශක කමිටුවක් පත් කිරීම සහ ඔවුන්ගේ ගැටළු පිළිබද සාකච්ජා කිරීමේ අරමුණින් සම්, සම් භාණ්ඩ, සහ ලෙදර් ආශ්‍රිත නිෂ්පාදකයින්ගේ සහ අපනයනකරුවන්ගේ සහභාගිත්වයෙන් සාකච්ජාවක් (04) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේදී පැවැත්විණි.

කර්මාන්ත ක්ෂේත්‍ර වලට අදාළව කර්මාන්තකරුවන්ගේ ගැටළු වලට විසදුම් ලබා දීමත්, එම කර්මාන්ත සදහා සහය ලබාදෙමින් කර්මාන්ත ක්ෂේත්‍ර නගා සිටුවීමත් අරමුණු කර ගනිමින්
කර්මාන්ත ක්ෂේත්‍ර 20ක් උදෙසා උපදේශක කමිටු පිහිටුවා ගැනීමේ වැඩපිළිවෙල යටතේ සම්, සම් භාණ්ඩ, සහ ලෙදර් ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රය සදහාත් උපදේශක කමිටුවක් පිහිටුවා ගැනීමට මෙම සාකච්ජාව පැවැත්වූ බව අමාත්‍යවරයා පැමිණ සිටි නිෂ්පාදකයින් අමතා කියා සිටියේය. ඔවුන් නියෝජනය වන සියලු ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි මෙම උපදේශක කමිටුව පත් කිරීමට නියමිතය.

සම්, සම් භාණ්ඩ, සහ ලෙදර් ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රය මුහුණපා ඇති ගැටළු පිළිබදව නිෂ්පාදකයින් මෙහිදී අමාත්‍යවරයාගේ අවධානය යොමු කරන ලදි. සම් පදම් කිරීම සදහා අවශ්‍ය පහසුකම් අවම වීම, ලෙදර් සහ සම් ආනයනය කිරීමේදී පැන නගින ගැටළු, හම පදම් කිරීමට අදාළ අමුද්‍රව්‍ය සදහා පනවා ඇති බදු, ලෙදර් ආනයනයේදී පනවා ඇති බදු ඇතුළු ක්ෂේත්‍රයට අදාළ ගැටළු පිළිබද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජා කෙරිණි. එම ගැටළු විසදීම සදහා අවශ්‍ය යෝජනා ඇතුලත්ව කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් සකසන ලෙස මෙහිදී අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සහ ඇගළුම් පර්යේෂණ ආයතනය එක්ව සම් හා ලෙදර් නිෂ්පාදන ආශ්‍රිත පුහුණු පාඨමාලා සහ උපාධි ලබා දෙමින් සේවකයින් පුහුණු කිරීම සිදුකරන ලෙස කර්මාන්තකරුවෝ ඉල්ලා සිටි අතර අදාළ ආයතන ඒ වෙනුවෙන් ඉදිරියේදී පාඨමාලා සැකසීමට සුදානමින් සිටින බව ප්‍රකාශ කරන කළේය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ අතිරේක ලේකම් එස්.එල් නසීර්, අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ නිලධාරින්, ඇගළුම් පර්යේෂණ
ආයතනයේ නිලධාරින් සහ සම්, සම් භාණ්ඩ, සහ ලෙදර් ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවෝ පිරිසක් ද එක්ව සිටිය හ

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

ජාතීන් අතර අවබෝධය ඇති කරලීමට ඇති හොඳම විසඳුම ඵලදායි සන්නිවේදනයට අවස්ථාව ලබාදීමයි- අධ්‍යාපන අමාත්‍ය

ජාතීන් හෝ ආගම් අනුව අපේ තරුණ පරපුරට බරපතළ වෙනස්කම් නොමැති බවත්, ඔවුන්ගේ මූලික අරමුණු එක හා සමාන...

රත් කලාට වැඩක් නෑ… ආහාරවල ඇෆ්ලටොක්සින් ඉවත් කරන විදිහ මෙන්න..

ආහාර සහ පාන වර්ගවල ඇති ඇෆ්ලටොක්සින් පිළිකාකාරක රත් කිරීමෙන් ඉවත් කළ නොහැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය...

රත්මලාන ගුවන්තොටුපල විනෝදාස්වාදය කේන්ද්‍රකරගත් ගුවන් මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනයට සැලසුම් – සංචාරක ඇමති

රත්මලාන ගුවන්තොටුපොළ විනෝදාස්වාද ගුවන් ගමන් (Leisure Flying) මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. දේශීය ගුවන් කේන්ද්‍රස්ථානයක්...

ආණ්ඩුවේ ඉන්නවා නම් ආණ්ඩුව විවේචනය නොකරනු.. කට වහගනු..- ශ‍්‍රීලනිපයට දන්වයි…

ආණ්ඩුවේ සිටින්නේ නම් ආණ්ඩුව විවේචනය නොකර සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා දැනගත යුතු බව අමාත්‍ය රෝහිත...

කිරුළපන සිරි ඇලන් මැතිණියාරාමයේ දානමය පින්කම ජනපති සහභාගිත්වයෙන්

කිරුළපන සිරි ඇලන් මැතිණියාරාමයේ අභිනවයෙන් ඉදිකළ දාන ශාලාව, ගිනි හල් ගෙය, ආවාස මන්දිරය සහ සක්මන් භාවනා උද්‍යානය...