Thursday, May 13, 2021

තෙල් නල එලීම ව්‍යාපෘතිය පිළිබඳ මාධ්‍ය වාර්තා බොරු- අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල

Must read

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

Cross Country Pipeline Project නමින් හඳුන්වන නව තෙල් නල එලීමේ ව්‍යාපෘතියක් මා ආරම්භ කළ බවත් රුපියල් බිලියන 15ක් වැනි දැවැන්ත මුදලක් ඊට නාස්ති කරන හෙයින් ජනාධිපතිතුමා විසින් ඒ ව්‍යාපෘතිය නැවැත්වීමට මට නියෝග කළ බවට එක් පුවත්පතක් වාර්තා කර තිබුණා. මම ඒ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඇමති මණ්ඩලයේ දැඩි විරෝධය හමුවේ ජනාධිපතිතුමා විසින් එකී ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් අත්හිටුවීමට තීරණය කර ඇති බවයි. මේ සියල්ලම බොරු බව අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා පවසයි.

බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා බලශක්ති අමාත්‍යාංශයේදී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් ඊයේ (31) මේ බව කීය.

තෙල් නල එලීමේ ව්‍යාපෘතිය පිළිබඳ මම ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ප්‍රතික්ෂේප වීමට නම් මම ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕනෑ. මුලින්ම කියන්න ඕනි මෙම ව්‍යාපෘතිය පිළිබඳ මම කිසිම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කලේ නෑ. ඒ නිසාම මාගේ පත්‍රිකාවක් ප්‍රථික්ෂේප වෙලත් නෑ. මේ ව්‍යාපෘතිය පිළිබඳව අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කලේ 2019 සැප්තැම්බර් 18 දින කබීර් හසීම් ඇමතිතුමා. ඒ වගේම ව්‍යාපෘතියේ වටිනාකම රුපියල් බිලියන 9.6ක් මිස බිලියන 15ක් නොවේ. තෙල් නල එලීමේ ව්‍යාපෘතිය පිළිබඳ ඇමති මණ්ඩල පත්‍රිකාවක් මම කිසිම දිනක ඉදිරිපත් කලේ නෑ. ඒ නිසාම එවැනි පත්‍රිකාවක් ඇමති මණ්ඩලය අත්හිටෙව්වෙත් නෑ. ඒ වගේම කබීර් ඇමතිතුමා ඉදිරිපත් කළ ඇමති මණ්ඩල පත්‍රිකාව අනුව ව්‍යාපෘතියේ වටිනාකම රු බිලියන 9.6ක් මිස බිලියන 15ක් නොවේ. දැන් බොරු තුනයි.

මී ළඟට මේ ව්‍යාපෘතිය නවත්වන්න කියා ජනාධිපතිතුමා මට නියෝග කලාලු. ජනාධිපතිතුමා මේ ව්‍යාපෘතිය නැවැත්වීමට නියෝග කරනවා තබා මේ ව්‍යාපෘතිය පිළිබඳ කිසිම දිනක කිසිම දෙයක් මා සමග කතා කරලා නෑ. ඒ වගේම ඇමති මණ්ඩල තීන්දුවක් ජනාධිපති නියෝගයකින් නවත්වන්න බෑ කියා එතුමා හොඳින්ම දන්නවා.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබුණේ ශක්‍යතා අධ්‍යයණ වාර්තාවක් නැතිව. ඉංජිනේරු ඇස්තමේන්තුවක් නැතුව. ඒ නිසා මේ ව්‍යාපෘතියට ඉංජිනේරු ඇස්තමේන්තුවක් සැකසීමටත් ව්‍යාපෘතිය ආයතනය තුලින් කිරීමේ ඇති හැකියාව පිළිබඳ අධ්‍යයනයක් කිරීමටත් මම ඛණිජතෙල් තොග ගබඩා පර්යන්තයට උපදෙස් දුන්නා. විදේශීය සමාගම් හරහා කුට්ටිය ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි අය කලබල වෙලා මාධ්‍ය හරහා බොරු වපුරන බව මෙයින් පැහැදිලියි.

මේ පිළිබඳ බොරු වාර්තා පල කළ සන්ඩේ අයිලන්ඩ් පුවත්පතට සහ මව්රට පුවත්පතට එරෙහිව මම රුපියල් බිලියනය බැගින් ඉල්ලා නඩු පැවරීමට බලාපොරොත්තු වෙනවා.

මෙම මාධ්‍ය හමුව සඳහා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා සහ අතිරේක ලේකම් චාමින්ද හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන් සහභාගි විය.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ලොක්ඩවුන් ගැන ඖෂධ ඇමති කියයි…

මේ මොහොතේ රට වසා දැමීම සම්බන්ධයෙන් ගනු ලබන්නේ දේශපාලන තීන්දුවක් නොව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ ඒකාබද්ධව ගනු...