
පේදුරුතුඩුව කොට්ටට්ප් ප්‍රදේශයේ දියකඩනය හා ධීවර යාත්‍රා ගමන් කරන මාර්ගය මෑතකදී ඇති වු ස්වාභාවික ව්‍යසනය හේතුවෙන් විනාශ වී ඇති අතර මේ පිළිබඳව සොයා බැලීමට හා ඒ සදහා ගත යුතු ක්‍රියාමාර්ගයන් පිළිබදව එම ප්‍රදේශයේ අදාළ නිලධාරීන් සමග සාකච්ඡාවක් පැවැත්වීම සදහා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා එම ප්‍රදේශයේ සංචාරයක නිරත විය.
පේදුරුතුඩුවේ පිහිටුවා ඇති ප්‍රදීපාගාරය අවට වාඩි ඉදිකිරීමට වෙරළ ආරක්ෂක ඒකකයේ අනුමැතිය ලබා ගත යුතු හෙයින් දැනට ඒ අවට වාඩි තනාගෙන ධීවර කටයුතු වල යෙදන ධීවරයන්ට ඒ සම්බන්ධයෙන් අදාල නිලධාරීන් සමග සාකච්ඡාවක් ලබා දීමට අමාත්‍යවරයා එම ධීවරයන් පොරොන්දු ලබා දුන් අතර පේදුරුතුඩු දේවාලයේ පැවති නත්තල් දේවමෙහෙය සදහාද අමාත්‍යවරයා සහභාගී විය.
මෙම අවස්ථාවට සදහා රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී විය.