Tuesday, June 22, 2021

ඉදිරියේ දී කොළඹ ජාතික රෝහලෙන් PCR පරීක්ෂණ

Must read

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ශ්‍රී ලංකා හෘද වෛද්‍යවරුන්ගේ සංගමයේ ඉල්ලීම පරිදි හේමාස් සමූහ ව්‍යාපාරය විසින් කොළඹ ජාතික රෝහලට රුපියල් මිලියන 05 ක් පමණ වටිනා PCR යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම (22) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී සිදුවිය.

කොළඹ ජාතික රෝහල තුල මෙතෙක් පී.සී.ආර් පරීක්ෂණ සිදු නොකළ අතර, මෙම පී.සී.ආර් යන්ත්‍රය ලැබීමත් සමග ඉදිරියේ දී කොළඹ ජාතික රෝහල තුල ද පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමට ඉඩ ප්‍රස්ථාව හිමි වේ. ඒ අනුව දෛනික සැත්කම් සදහා පොරොත්තු ලේඛණවල සිටින රෝගීන්ගේ පී.සී.ආර් පරීක්ෂණ කඩිනමින් සිදු කර ගැනීමේ හැකියාව ලැබෙන බව රෝහල් අධ්‍යක්ෂවරයා පවසන අතර, හේමාස් ආයතනය විසින් සිදු කළ මෙම පරිත්‍යාග සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ඇගයීමට ලක් විය.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත මෙම පරිත්‍යාගය සිදු කරන ලද්දේ හේමාස් රෝහලේ සභාපති මූර්තාසා ඊසුෆ්ලි මහතා (Mr. Murtaza Esufally), හේමාස් ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ ජූඩ් ප්‍රනාන්දු මහතා, ප්‍රධාන විධායක නිලධාරි කස්තුරි විල්සන් මහත්මිය සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී දිනේෂ් අතපත්තු යන මහත්ම මහත්මීන් විසිනි.

මෙම පරිත්‍යාගය සිදු කිරීමේ අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්. කුමාර වික්‍රමසිංහ මහතා, ශ්‍රී ලංකා හෘද රෝග සංගමයේ හිටපු සභාපති විශේෂඥ වෛද්‍ය ස්ටැන්ලි අමරසේකර මහතා ඇතුලු කොළඹ ජාතික රෝහලේ හෘද රෝග අංශයේ විශේෂඥ වෛද්‍යවරු ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ලොක්ඩවුන් ගැන ඖෂධ ඇමති කියයි…

මේ මොහොතේ රට වසා දැමීම සම්බන්ධයෙන් ගනු ලබන්නේ දේශපාලන තීන්දුවක් නොව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ ඒකාබද්ධව ගනු...