Thursday, May 13, 2021

අවි ආයුධ වෙනුවට ඔලුවෙන් ගහලා ඇමරිකාව පරාද කරන හැටි අපි පෙන්නුවා – ගම්මන්පිළ

Must read

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ ජනාධිපති ධූරයේ  සිටින තෙක් MCC වෙනත් නමකින් පැමිණීමට ඉඩ නොතබන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා අවධාරණය කළේය. 

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (18) කොළඹදී  මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

MCC ගේන කාලේ නිහඬව සිටි සමහර ස්වාමීන් වහන්සේලා  දැන් MCC වෙනත් නමකින් එතැයි බිය පළකරන නමුත් එය හුඹස් බියක් පමණක් බවයි අමාත්‍යවරයා කියාසිටියේ.  

”2014 දී MCC කියන ට්‍රෝජන් අශ්වයා ඩොලර් මිලියන 480ක තෑගි මල්ලක් ලෙස ශ්‍රී ලංකාවට  ලබා දීමට ඇමරිකාව තීරණය කරන්නේ තමන්ගේ යුධ දේශපාලනික උපාය මාර්ගයේදී ශ්‍රී ලංකාව තමන්ට නතුකර ගැනීම අතිශයින්ම තීරණාත්මක නිසයි. ට්‍රෝජන් අශ්වයෙක් තෑගි ලැබෙනකොට අපි ඉතාම පරිස්සම් වෙන්න ඕනේ. මොකද මේ ට්‍රෝජන් අශ්වයාගේ ඇතුලේ තිබුණේ ලංකාවේ ඉඩම් ඇමරිකානු සමගම්වලට අත්පත්කරගෙන ශ්‍රී ලංකාව  තුළ ඇමරිකාවේ බලය ස්ථාපිත කරගැනීමේ බිම් බෝම්බයයි. ඒ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රවාහන පද්ධතියේ තොරතුරු තමන් සතු කරගෙන ශ්‍රී ලනකව පුරා ඔත්තු බැලීමේ සන්නිවේදන උපකරණ කට්ටලයයි. ඒවගේම මේ ට්‍රෝජන් අශ්වයා තුළ තිබුණා සෝෆා ඇක්සා නමැති තවත් මල්ටි බැරල් රොකට් ලෝන්චර් දෙකක්.”

නමුත් මේ MCC හරවා යැවීමෙන් අදහස් වන්නේ මේ බිම් බෝම්බ ,මල්ටි බැරල් රොකට් ලෝන්චර් සමඟම  ඔත්තු බැලීමේ උපකරණ ආපසු හරවා යැවීම බව ද ගම්මන්පිළ මහතා කියාසිටියේය. 

එමෙන්ම නූතන ශ්‍රී ලංකා නිදහස් අරගලයේ ජයග්‍රහණය ඇමරිකාව පරාජය පිළිඅරගෙන ලංකාවට ගෙනා ඒ ට්‍රෝජන් අශ්වයා ආපසු ගෙනයාමට තීරණය කළ බව ප්‍රකාශ කිරීම බවද හෙතෙම සඳහන්කරයි. 

ඇමරිකාව සිය යුධ උපක්‍රම වෙනුවෙන් තෑගී දීමෙන් රටවල් නතුකරගැනීමට ගත් උත්සාහයේදී මෑතකදී ආපසු හැරීයාමට සිදු වුණේ ශ්‍රී ලංකාව තුළදී පමණක් වන අතර මෑතකාලයේදී අවි ආයුධ වෙනුවට ඔළුවෙන් ගසා ඇමරිකාව පරාද කළා නම්  ඒ ශ්‍රී ලංකාවේදී MCC පරාජය පමණක්ම බවද අමාත්‍යවරයා පැවසුවේය. 

ඇමරිකානු නව ව්‍යාප්තවාදය එරෙහිව සටන් කරන ආකාරය ඉගෙන ගැනීමට ශ්‍රී ලංකාව දෙස බලන ලෙස අන් රටවලට ආරාධනා කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ලොක්ඩවුන් ගැන ඖෂධ ඇමති කියයි…

මේ මොහොතේ රට වසා දැමීම සම්බන්ධයෙන් ගනු ලබන්නේ දේශපාලන තීන්දුවක් නොව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ ඒකාබද්ධව ගනු...