1990 සුවසැරිය ගිලන් රථ සේවයේ සේවක සේවිකාවන් මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වීම හේතුවක් කර ගනිමින් තමන් ඇතුළු තිදෙනෙකු අසාධාරණ ලෙස ‍සේවයෙන් ඉවත් කර ඇති බවත්, තමන් ඇතුළු පිරිසට අපරාධ චෝදනා එල්ල වී ඇති බවත්, සුවසැරිය ගිලන් රථ සේවක සංගමයේ සභාපති මයුමි ප්‍රියංගිකා පවසනවා. තමන් මුහුණ දී ඇති වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම, ජනතාව දැනුවත් කිරීම අපරාධයක් වන්නේ කෙසේදැයි ඇය විමසා සිටී.

මයුමි ප්‍රියංගිකා ඇතුළු තිදෙනා අද කොළඹ අපරාධ කොට්ඨාශය වෙත කැඳවා අදාල මාධ්‍ය හමුව සම්බන්ධයෙන් කටඋත්තර ලබාගෙන තිබෙනවා.

එහිදී ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව, විනය පරීක්ෂණයක් හෝ‍ නොපවත්වා තමන් ඇතුළු තිදෙනෙකු සේවයෙන් ඉවත් කර ඇති බවයි.

රජය හෝ ජනතාව අපහසුතාවයට පත් කිරීමේ හෝ අපරාධයක් සිදු කිරීමේ අරමුණක් තම සංගමයට නොමැති බවත් පෙන්වා දෙන මයුමි ප්‍රියංගිකා අවධාරණය කරන්නේ අවසානයේදී අපරාධයක් සිදුව ඇත්තේ තමන් ඇතුළු පිරිසට බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here