Thursday, April 22, 2021

එල්ලෙන්න වැලක් නැති ආණ්ඩුව දැන් පැණි වැලේ එල්ලිලා, දවස් තුනෙන් විසඳන්න පුළුවන් ප්‍රශ්නේ තව අදිනවා – මනූෂ

Must read

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ තබන්නේ නෑ – අමාත්‍ය නාමල් රාජපක්ෂ

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ නොතබන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා (21) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

VVIP ප‍්‍රභූ පිරිසක් විශේෂ ගුවන් යානයකින් කෙන්යාවට.. නිරූපිකාවන්ද එක්වෙයි..

අති විශේෂ ප්‍රභූන් පිරිසක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් එළඹෙන 29 වැනිදා කෙන්යාවේ නයිරෝබි ගුවන්තොටුපල වෙත යාමට...

සෞදි බන්ධනාගාරවල සිටින ලාංකික කතුන් වහාම ලංකාවට ගෙන්වන්න වැඩපිළිවෙළක් ඇරඹෙයි

සෞදි අරාබියේ රැඳවුම් කඳවුරවල හෙවත් බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික කතුන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා...

ආණ්ඩුවට එල්ලෙන්න වැලක් නැති වුණාම දැන් පැණි වැලේ එල්ලී සිටින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (16) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

ධම්මික පැණියෙන් කොරෝනා වැළඳී සිටින අයට දින තුනක් පානය කිරීමට දීමෙන් එය නිට්ටාවට සුව වන්නේ නම් තවදුරටත් එය රෝගීන්ට නොදී සිටින්නේ ඇයිද යන්න මෙහිදී මන්ත්‍රීවරයා මතු කළේය.

කිසිදු ආකාරයකින් දේශීය වෙදකම,ආයුර්වේදය,හෙළ වෙදකමට චෝදනාවක් එල්ල නොකරන අතර ජනතාව මුලා නොකර දැනට ඉදිරිපත්ව තිබෙන පැණිය ගැන තීන්දුවක් ගත යුතු බවයි මන්ත්‍රීවරයා අවධාරණය කළේ. 

”සමහරු මේක විහිලුවට අරගෙන තැඹිලි ගෙඩියේ සායනික පරික්ෂාව කරලා තිබෙනවද කොත්තමල්ලිවල සායනික පරික්ෂාවක්  කරලා තිබෙනවාද  කියල සමාජ ජලාවල අහනවා දැකලා තිබෙනවා. හැබැයි අපි අහන ප්‍රධාන කාරණාව තමයි මේ පැණි වලින් ධම්මික පැණිය කියල එක පැණියක් එනකොට තව පැනියක් රිටිගල පැත්තෙන් රාවණා පැණියකුත් මේ වෙනකොට ඇවිල්ල තිබෙනවා. එකත් ප්‍රභූන් පාවිච්චි කරනවා කියල ආරංචියි. බැරිවෙන්නත් බෑ ඉතින්   බෙහෙත් අතහදා  බැලීම් සඳහා මීයන් වැනි සතුන් යොදා ගනිද්දී මේ බෙහෙත අත්හදා බලන්න ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු යොදාගෙනත් තිබෙනවා.” 

කෙසේවුවත් රෝගීව සිටින අයට මෙම පැණිය දිය හැකි බව දැන් රජරට විශ්ව විද්‍යාලය විසින්ම තහවුරු කර තිබෙන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.  

”රජරට විශ්ව විද්‍යාලය අනුමත කරලා තියෙනවා එය ශරීරයට අහිතකර නැහැ කියල. ආහාර අතිරේකයක් වශයෙන් අනුමත කරලා තිබෙනවා. ආහාරමය අතිරේකයක් විදිහට අනුමත කරලා තිබෙනවා නම් වහාම IDH රෝහලේ ඒවගේම අනික් රෝහල්වල සියලුම කොරෝනා රෝගීන්ට මේ බෙහෙත ලබා දෙන්න. ඔහු කියන විදිහට ඔහුට දිෂ්ටි බලයෙන් රෑ නින්දෙන් කියපු විදිහට ලෙඩ නැති කෙනෙකුට එක මාත්‍රාවකුත් ලෙඩේ තියෙන අයට දවස් තුනක්  උදේට හවසට බිව්වහම මේ ලෙඩේ නිට්ටාවට හොඳ වෙන්න ඕනේ. එහෙම නම් මේ දහස් ගණනක් අපේ ඉස්පිරිතාලවල ඉන්න ලෙඩ්ඩු ටික දවස් තුනකින් හොඳ කරන්න පුළුවන් ක්‍රමයක් තියෙන්නේ. මේක ගැන තර්ක විතර්ක කර කර ඉඳල වැඩක් නැහැ. අපරාදේ කෝටි ගාණක් අපි එන්නත්වලට වියදම් කරන්න අවශ්‍ය නැහැ. ඩොලර් ඉතුරු කරගන්න පුළුවන්. සියලුම කොවිඩ් ආසාදිත අය සඳහා මෙය ලබා දිය යුතුයි. රජරට විශ්ව විද්‍යාලය කියනවා නම් ආහාර අතිරේකයක් විදිහට ගන්න පුළුවන් කියල ලෙඩ්ඩුන්ට දෙන්න. හොඳ වුණොත්  වහාම කර්මාන්ත ශාලාවක් දාලා මේ පැණිය හදල මුළු රටේම මිනිස්සුන්ට දෙන්න. මෙච්චර මිනිස්සු අපහසුතාවට පත්වෙලා ඉන්නවා, කර්මාන්ත වැටිලා, ජීවන මට්ටම බිඳ වැටිල, දරුවන්ගේ අධ්‍යාපනය බිඳ වැටිලා. මේ සේරම කරගෙන යන්නේ ඇයි ඉස්සරහට මෙහෙම පැණියක් තියාගෙන අපරාදෙනේ.”

එම පැණිය ගැන කියන ආකාරයට මේ ප්‍රශ්නය දවස් තුනකින් විසඳිය හැකි හෙයින් ජනතාව මිත්‍යාවෙන් එහෙට මෙහෙට නොකර, දේශපාලන මාතෘකාවක් පමණක් නොකර ගෙන ඒ ගැන තීන්දුවක් ගන්නා ලෙස මනූෂ නානායක්කාර මහතා වැඩිදුරටත් ආණ්ඩුවට ආවධාරණය කරන ලදී.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ තබන්නේ නෑ – අමාත්‍ය නාමල් රාජපක්ෂ

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ නොතබන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා (21) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

VVIP ප‍්‍රභූ පිරිසක් විශේෂ ගුවන් යානයකින් කෙන්යාවට.. නිරූපිකාවන්ද එක්වෙයි..

අති විශේෂ ප්‍රභූන් පිරිසක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් එළඹෙන 29 වැනිදා කෙන්යාවේ නයිරෝබි ගුවන්තොටුපල වෙත යාමට...

සෞදි බන්ධනාගාරවල සිටින ලාංකික කතුන් වහාම ලංකාවට ගෙන්වන්න වැඩපිළිවෙළක් ඇරඹෙයි

සෞදි අරාබියේ රැඳවුම් කඳවුරවල හෙවත් බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික කතුන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා...

යාපනය පොලිසියෙන් කොරෝනා පොකුරක්….

යාපනය පොලිස් ස්ථානයේ සේවයේ නිරත පොලිස් නිලධාරීන් 11 දෙනෙකුට එක් දිනක් තුලදී කොරෝණා වෛරසය ආසාදනය වී ඇති...