Wednesday, July 28, 2021

2020 දෙසැම්බර් 15 දින සිට ‘Made in Sri Lanka’ ක්‍රියාන්විතය ඇරඹෙයි !

Must read

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

“මෙය දේශීය ව්‍යවසායකයන් මුහුණ දුන් දිගුකාලීන අර්බුදයට පිළියමක්!”
– කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

දේශීය ව්‍යවසායකයන්ට සිය නිෂ්පාදන නිසි වෙළෙඳපොළ ක්‍රියාදාමයකට රැගෙන යාමට නොහැකිවීමේ දිගුකාලීන අර්බුදයට පිළියමක් ලෙස කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) මගින් සුවිශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බවත් එමගින් දේශීය නිෂ්පාදන සඳහා ‘Made in Sri Lanka’ සන්නාමය ලබාදීමටත් ගුණාත්මක තත්ත්වයෙන් යුත් දේශීය නිෂ්පාදන දෙස්-විදෙස් වශයෙන් අලෙවි කිරීම සඳහා වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කිරීමටත් නියමිත බවත් ඒ අනුව  (15) දින සවස 7:00ට ගෝල්ෆේස් හෝටල් පරිශ්‍රය තුළ, පවතින නිරෝධායන නීතිරීතිවලට අනුකූලව ‘Made in Sri Lanka යුගයක ඇරඹුම’ ක්‍රියාන්විතය එළිදැක්වීම සිදු කිරීමට නියමිත බවත්,කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා පැවසීය.


ඒ මහතා මේ බව පැවසුවේ (14) , කොළඹ ගෝල්ෆේස් හෝටලයේ පැවැති ‘Made in Sri Lanka යුගයක ඇරඹුම’ සුවිශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි.


මෙහිදී අදහස් දැක් වු ඇමතිවරයා සදහන් කළේ,අපි විශේෂයෙන් සලකා බලනවා ‘Made in Sri Lanka’ ක්‍රියාන්විතය ඩිජිටල් මාධ්‍යයෙන් නිර්මාණය කෙරෙන කටයුත්තක් බවට පත් කෙරුමට. 100%ක්ම දේශීය අමුද්‍රව්‍ය යොදාගන්නා නිෂ්පාදනයකට ‘Made in Sri Lanka’ සන්නාමය එක් වර්ණයකිනුත් 70%ක් දේශීය අමුද්‍රව්‍ය යොදා ගන්නා නිෂ්පාදනයකට එම සන්නාමය වෙනත් වර්ණයකිනුත් 50% හෝ ඊට අඩු දේශීය අමුද්‍රව්‍ය යොදා ගන්නා නිෂ්පාදනයකට තවත් වර්ණයකිනුත් මෙම සන්නාමය ලබා දීම සිදු කිරීමට නියමිතයි. එය සඳහා පිළිගත් විශේෂඥ කමිටුවක් පත් කරලා ඒ කමිටුව හමුවට ඉදිරිපත් කරන දේශීය නිෂ්පාදන පිළිබඳ තීරණ ගැනීමට අපි බලාපොරොත්තු වෙන බවයි.


එසේම,දේශීය ව්‍යවසායකයන්ට සිය නිෂ්පාදන නිසි වෙළඳපොළ ක්‍රියාදාමයකට රැගෙන යාමට නොහැකිවීමේ දිගුකාලීන අර්බුදයට පිළියමක් හැටියට ජාතික වශයෙන් වැදගත් වැඩපිළිවෙළක් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ තමයි ‘Made in Sri Lanka’ යන සන්නාමය මේ රටේ දේශීය නිෂ්පාදකයන්ගේ, ව්‍යවසායකයන්ගේ නිෂ්පාදනවලට ලබා දීම සහ ගුණාත්මක තත්ත්වයෙන් යුතු එවැනි නිෂ්පාදන අලෙවි කිරීම සඳහා වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරන බවයි.


අද (15) දිනයේ  මෙම ක්‍රියාන්විතය ඇරඹීමේදී සංකේතාත්මකව එවැනි නිෂ්පාදන දහයකට ‘Made in Sri Lanka’ සන්නාමය ලබාදීමට නියමිතය.නමුත් එම ක්‍රියාදාමය ඉදිරියට යන්නේ ඉහත විශේෂඥ කමිටුවේ නිර්දේශය සහිතවයි. ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය යටතේ සෑම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකටම අදාළ නිලධාරියෙකු සිටිනවා. ඔවුන් දැනටමත් තම බල ප්‍රදේශය තුළ සිටින දේශීය ව්‍යවසායකයන් හා ඔවුන්ගේ නිෂ්පාදන මොනවාද, ආදී දත්ත එකතු කර එම දත්ත උපයෝගී කර ගනිමින් දේශීය නිෂ්පාදන පිළිබඳව අවබෝධය ලබා දෙන, කෙලින්ම අදාළ නිෂ්පාදකයා සම්බන්ධ කරගත හැකි, ඒ හරහාම ගැනුම්කරුවාට අතරමැදියෙකුගේ දායකත්වයෙන් තොරව ඉහත නිෂ්පාදන මිලදී ගත හැකි සුවිශේෂී වෙබ් අඩවියක් madeinsrilanka.org නමින් නිර්මාණය කිරීම ද අපි අරඹා තිබෙනවා.හෙට සිට එම කටයුත්ත ඉතා වේගවත්ව සිදු කිරීමට අපේක්ෂිත බවයි.එසේමමෙරට පමණක් නොවේ, විදේශ රටවලත් Made in Sri Lanka අලෙවිසැල් ජාලයක් පිහිටුවීමටත් මේ ක්‍රියාන්විතය යටතේ අපි කටයුතු කරනවා. මේ සඳහා කැමැත්ත තිබෙන, ඇති හැකි පෞද්ගලික අංශයේ පිරිස්වලට මෙම Made in Sri Lanka අලෙවිසැල් ජාලය පවත්වාගෙන යාම සඳහා අපි ඇරයුම් කරනවා. එම අලෙවිසැල් ජාලයට දේශීය නිෂ්පාදකයන් හා දේශීය නිෂ්පාදන යොමු කර දීම ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් සිදුකිරිමට නියමිතය.


දේශීය නිෂ්පාදකයන්ට වෙළෙඳ දැන්වීම් සඳහා විශාල පිරිවැයක් යෙදීමට නොහැකි හෙයින් ගුණාත්මක බවින් යුත් දේශීය නිෂ්පාදන පවා බහුජාතික සමාගම් සතු ‘වෙළඳ දැන්වීම් බලය’ හමුවේ මෙරට වෙළඳපොළ අවකාශය අත්පත් කර ගැනීමට නොහැකිව අසරණ වන අවස්ථා බොහෝයි. ඒ අයට ද ඔවුන් හමුවේ පවතින මේ අභියෝගය ජයගැනීමට රජයක් හැටියට දිය හැකි උපරිම සහයෝගය ලබාදීම සඳහායි මෙම ක්‍රියාන්විතය හෙට සිට ඇරඹෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා, මෙම ‘Made in Sri Lanka’ වැඩපිළිවෙළ 2021 මැද භාගය වනවිට අංගසම්පූර්ණ මට්ටමකට රැගෙන ඒමට බලාපොරොත්තු වන බවයි.
මෙහිදී කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා, ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ යන මහත්වරු ද අදහස් දැක්වූහ.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන්...

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09ක්

කොවිඩ් මර්දන වැඩපිළිවෙල පළාත් මට්ටමින් නිරීක්ෂණයට සහ සම්බන්ධීකරණයට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 ක් පත් කළ...

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

ට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී...

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග

ගම්පහ වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර සති 02 ක් තුළ සෞඛ්‍ය අංශ වෙත භාරදීමට...

ලොක්ඩවුන් ගැන ඖෂධ ඇමති කියයි…

මේ මොහොතේ රට වසා දැමීම සම්බන්ධයෙන් ගනු ලබන්නේ දේශපාලන තීන්දුවක් නොව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ ඒකාබද්ධව ගනු...